සාහිත්‍යයෙන් ඉංග්‍රීසි | සිළුමිණ

සාහිත්‍යයෙන් ඉංග්‍රීසි

මෙවර එක් කවියකින් සැබෑ ආගමික භක්තිය යනු මනුෂ්‍යයන්ට ආදරය කිරීම බව ඉතා කුඩා සිද්ධියක් විස්තර කිරීමෙන් කියවේ. දෙවනි කවිය රූපකාර්ථයෙන් කියන්නේ ජීවිතයේ යම් සන්ධිස්ථානවලට පැමිණි විට ගතහැකි මාර්ග සියල්ල ගත නොහැකි වීමෙන් සිතට ඇතිවන හැඟීම්ය.

 

Abou Ben Adhem

 

- James Henry Leigh Hunt

 

Abou Ben Adhem (may his tribe increase!)

Awoke one night from a deep dream of peace,

And saw, within the moonlight in his room,

Making it rich, and like a lily in bloom,

An angel writing in a book of gold:—

Exceeding peace had made Ben Adhem bold,

And to the Presence in the room he said

"What writest thou?"—The vision raised its head,

And with a look made of all sweet accord,

Answered "The names of those who love the Lord."

"And is mine one?" said Abou. "Nay, not so,"

Replied the angel. Abou spoke more low,

But cheerily still, and said "I pray thee, then,

Write me as one that loves his fellow men."

The angel wrote, and vanished. The next night

It came again with a great wakening light,

And showed the names whom love of God had blessed,

And lo! Ben Adhem's name led all the rest.

 

අබුබෙන් ආදම්

-ජේම්ස් හෙන්රි ලී හන්ට්

 

අබුබෙන් ආදම් (ඔහුගේ පරපුර වැඩිවේවා!)

එක් රාත්‍රියක ඇහැරුණේය, සාමයේ ගැඹුරු නින්දකින්

දුටුවේය, ඔහුගේ කාමරයේ වූ හඳ එළියේ

එය ඔප් නැංවූ, පිපී ඇති ලිලී මලක් සේ,

සුර දූතයෙක්, රන් පොතක ලියන,

අතිශය සාමකාමී බව බෙන් ආදම්ව නිර්භය කළේය,

කාමරයේ වූ ජීවයට ඔහු කීවේය

“ඔබ ලියන්නේ මොනවාද?”- එම දර්ශනය හිස එසවූවේය

ඉතා මිහිරි වූ බැල්මකින් යුක්තව

පිළිතුරු දුන්නේය “දෙවියන් වහන්සේට ආදරය කරන සියලු දෙනාගේ නම්.”

“මගේ නමත් එකක්ද?” අබු ඇසුවේය.“නෑ එහෙම නැත,”

සුර දූතයා පිළිතුරු දුන්නේය. අබු වඩා සෙමින් කථා කළේය,

ඒත් තවමත් සතුටෙන්, කීවේය “කරුණාකර, එහෙනම්

මගේ නම ලියා ගන්න මනුෂ්‍යත්වයට ආදරය කරන කෙනෙක් මෙන්.”

සුර දූතයා එසේ ලියුවේය, අතුරුදහන් වූවේය. ඊළඟ රාත්‍රියේ

ඔහු නැවත ආවේය විශාල පිබිදී එන එළියකින්,

පෙන්වූවේය නාමයන් දෙවියන්ගේ ආදරයෙන් ආශිර්වාද කරන ලද

බලන්න! බෙන් ආදම්ගේ නාමය සියල්ලන්ටම ඉදිරියෙන්!

 

ජේම්ස් හෙන්රි ලී හන්ට් (1784-1859) ඉංග්‍රීසි ජාතික විචාරකයෙක්, රචකයෙක් හා කවියෙක් වූයේය. එකල ප්‍රධාන බුද්ධිමය සඟරාවක් පටන් ගෙන ඔහු, ඔහු වටා බොහෝ ප්‍රසිද්ධ කවියන් එක්රැස්කර ගත්තේය. අබුබෙන් ආදම් යනු ඔහු විසින් ලියන ලද ඉතා ජනප්‍රිය වූ කවි කිහිපයකින් එකකි.

The Road Not Taken

 

- Robert Frost

 

Two roads diverged in a yellow wood,

And sorry I could not travel both

And be one traveler, long I stood

And looked down one as far as I could

To where it bent in the undergrowth;

 

Then took the other, as just as fair,

And having perhaps the better claim

Because it was grassy and wanted wear,

Though as for that the passing there

Had worn them really about the same,

 

And both that morning equally lay

In leaves no step had trodden black.

Oh, I kept the first for another day!

Yet knowing how way leads on to waya

I doubted if I should ever come back.

 

I shall be telling this with a sigh

Somewhere ages and ages hence:

Two roads diverged in a wood, and I,

I took the one less traveled by,

And that has made all the difference.

නොගත් පාරක

 

-රොබට් ෆ්රොස්ට්-

 

කහ වනයක පාරවල් දෙකක් වෙන් වූයේය.

දෙකේම යා නොහැකි බැවින් මම කණගාටු වූයෙමි

එක මගියෙක් වූ බැවින්, මම බොහෝ වේලා සිටගෙන සිටියෙමි

පුලුවන් තරම් දුරක් බලමින් එක මගක් දිගේ

එය වක්වී යන තෙක් ගස්වැල් යටින්

 

ඉන්පසු ගත්තෙමි අනිත් මග, එතරම්ම ලස්සන

සමහරවිට වඩා ප්‍රබල අයිතියක් ඇති

මන්ද යත්, එහි තණකොළ වැවී පෑගීම අවශ්‍ය වී තිබෙන නිසා

එහෙත් ඇත්තටම එහි ගමන්කර තිබූ අය

එකම මට්ටමකට ඒවා ගෙවා දමා තිබුණ ද

 

එම උදෑසන මග දෙකම එක්ලෙස වැතිර තිබුණේය

පයකින් පාගා කළු නොකරන ලද කොළවලින් වැසී

මම තබා ගතිමි මුල පාර වෙන දවසකට!

එහෙත් දනිමින් එක් මගක් තව මගකට යා වෙන හැටි

මෙහි යළි කෙදිනක හෝ පැමිණීම මම සැක කළෙමි

 

මම නැවත මෙය කියනු ඇත සුසුම් ලමින්

කොතැනක හෝ වසර ගණනාවකින් පසුව

පාරවල් දෙකක් වෙන්වුණි වනයක, සහ මම

ගත්තෙමි අඩුවෙන් ගමන්කර තිබූ මග

සහ එයින් සියලු දේට මුල් වූ වෙනස සිදුවී තිබුණි

 

ව්‍යාකරණ ඉඟිය

 

මෙම කවි දෙකේම එක් වරක්වත් Past Perfect Tense නැතහොත් අතීත ස්ථිර කාලය දක්නට ලැබේ. මෙම ක්‍රියා පදය සෑදෙන්නේ had යන උපකාරක පදය හා ප්‍රධාන ක්‍රියා පදයේ Past Participle ආකාරය යෙදීමෙනි. මෙය භාවිතා වෙන්නේ අතීත කාලයේ ක්‍රියා පද දෙකක් පැමිණෙන විට මුල් ක්‍රියාව දෙවනි ක්‍රියාව පටන් ගැනීමට පෙර අවසන් වී ඇති විටය.

 

උදා: When I went home, my father had gone to the market.

 

මම ගෙදර යන විට තාත්තා කඩේ ගොස් තිබුණි.

මධුභාෂිණී දිසානායක රත්නායක
ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Comments