මහ බල­වත්හු චතු­ස්සා­ගර යෝග­යෙන් ම උප­දිති | සිළුමිණ

මහ බල­වත්හු චතු­ස්සා­ගර යෝග­යෙන් ම උප­දිති

කේන්ද්‍ර සටහනේ ඉතා ප්‍රබල ස්ථාන වන 1, 4, 7, 10 යන ස්ථාන සාගර හතර යනුවෙන් ‍නොහොත් ජීවිතයේ ප්‍රධානතම සිදු වීම් ප්‍රකාශ කරන ‍‍කොටු වශයෙන් නම් කෙරේ. එවැනි සුවිශේෂී බලයක් ඇති නිසාම මෙය හතර කේන්ද්‍රය යනුවෙන් නම් කෙරේ.

කේන්ද්‍රස්ථාන හතරෙහිම අශුභ ග්‍රහයන් තැන්පත් වූ විට මෙම චතුස්සාගර යෝගය උදා වේ.

චතුස්සාගර යෝගයෙන් උපන් අය ඉතා යහපත් අයයි. කීර්තිය ගෞරවය නොමඳව හිමිවේ. බොහෝ විට රාජ්‍ය පාලකයින් ප්‍රදේශ නායකයින් ආයතන ප්‍රධානීන් මේ සංයෝගයෙන් උපත ලබයි. පාලන කටයුතු වලට අති දක්ෂයෝය. ඉතා ප්‍රසිද්ධ අය වෙති. දීර්ඝායුෂ ලැබීමට භාග්‍ය ඇත. ප්‍රීතිමත් දිවියක් ගත කරයි.

චතුස්සාගර යෝගයේදී කේන්ද්‍ර ස්ථාන වල සිටින ශුභ හෝ අශුභ ග්‍රහයින් උච්චව හෝ සවක්ෂේත්‍රව සිටිය හොත් එය ඉතා ප්‍රබල ග්‍රහ පිහිටීමක් වෙයි. චතුස්සාගර යෝගයෙන් උපන් විශේෂ කේන්ද්‍රයක් උදාහරණයක් ලෙස ගතහොත් තථාගත සම්මා සම්බුදු පියාණන්ගේ කේන්ද්‍රය විශේෂ වෙයි.

කටක ලග්නයෙන් උපන් සිද්ධාර්ථ කුමාරයාගේ කේන්ද්‍ර සටහන කටක ලග්නය වී ස්වක්ෂේත්‍රවත් 7 වැන්න මකර වී කුජ උච්චව යෙදුණු බැවින් තුන් ලොවට අධිපති සම්බුද්ධ රාජ්‍ය පදවිය ලබන්නට හේතු විය. මේ අනුව කේන්ද්‍රස්ථාන 4 හි සුබ හෝ අසුබ ග්‍රහයින් සිටි විට චතුස්සාගර යෙදුණු විට උච්ච හෝ ස්වක්ෂේත්‍රව ග්‍රහයින් පිරිසක් සිටීම මත මේ යෝගයේ උච්ච එල හිමි වේ.

මෙවන් සුවිශේෂී තවත් ‍කේන්ද්‍ර සටහනක් ඔබේ දැනුම සඳහා ඉදිරිපත් කරන්නෙමු.

මකර ලග්නයෙන් උපත ලබා ලග්නයේ උච්චවත් ගුරු නීච වත් යෙදී ඇති නිසා නීච භංග රාජ යෝගය යෙදී ඇත.

4 වැන්න මේෂ වී රවි උච්චව ද 7 වැන්න කටක රාශිය වී සඳු ස්වක්ෂේත්‍රව ද 10 වැන්න තුලා රාශිය වී ශනි උච්චව ද, සස චන්ද්‍ර මංගල යෝගය හා චතු සාගර යෝගය ද යෙදී ඇති බැවින් මේ කේන්ද්‍ර හිමි තැනැත්තා හිරු නොබසින රාජ්‍යයේ රැජින විය. කේන්ද්‍ර සටහන හිමිකාරිය දෙවන එළිසබෙත් රැජිනිය.

ජ්‍යොතිෂවේදිනී දේශබන්ධු

Comments