හරි කෙනා ලැබුණොත් ආදරේ කියන්නේ මාරම දෙයක් | Page 2 | සිළුමිණ

හරි කෙනා ලැබුණොත් ආදරේ කියන්නේ මාරම දෙයක්

අම්මා කැමැත්තෙන් ඉඳලා තියෙනවා මම කලාවට ළැදි දක්ෂ දරුවෙක් වෙනවට

ගැළපෙන කෙනෙක් ලැබුණොත් ජිවිතේ සුන්දරයි

ගායනය, රංගනය, නිවේදනය මෙන්ම හඬ කැවීමේ ශිල්පයටද දස්කම් දක්වන මේ රුවැත්තිය පූර්ණිමා විදේශිකා. බොහෝ දෙනා ඇයට කියන්නේ පුර්ණි කියලා. පූර්ණි අනෙක් අයටත් පුළුවන් විදියට උදව් කරගෙන ගොඩක් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමති කෙනෙක්.

 

මේ දවස්වල පූර්ණි මොකද කරන්නේ

පසුගිය දවස් ටිකේ රාවණා 3 වන කොටසේ ෂූටින් ඉවර වුණා. ඒකේ චරිතය ගැන නම් දැන්ම කියන්න බැහැ. රාවණා සීසන් 1 එකේ ඉඳන්ම මම ඉන්නවා. සීසන් 2 ධරණී කියන චරිතය ගොඩක්ම ජනප්‍රිය වුණා. මම හිතනවා රාවණා සීසන් 3 මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒ එක්කම ආසියානු ක්‍රිකට් කුසලානය ගැන “SLT mobitel Hatric asia cup 2022“ දිනේෂ් උපේන්ද්‍ර සහ මංජුල ලන්දෙකුඹුර කියන ලංකාවේ ප්‍රවීණ නිවේදකයන් දෙපළක් සමඟ නිවේදන කටයුතු කරන්න චරණ Tv ඔස්සේ අවස්ථාව ලැබුණා. මම ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ඒ නිසා අලුත් අත්දැකීමක් වුණා. ඒක තමයි මම මෑතක කරපු දැනෙන නිවේදන කටයුත්ත. ඊට අමතරව මම ෆ්‍රිලාන්ස් වැඩ කරන කෙනෙක් නිසා ලැබෙන ඉවෙන්ට් භාරගෙන කරනවා.

කොහොමද කලාවේ ආරම්භය

මම කලාවට එන්නේ රූපවාහිනී මුතුහර ළමා සමාජයෙන්. එහි අවුරුදු 13 ඉඳන් 20 වෙනකම් ළමා ගායිකාවක් විදියට කටයුතු කළා. ඒ අතරතුරම ළමා නිවේදිකාවක් විදියට මුතුහර වැඩසටහන කළා. මගේ ළමා කාලය මම උපරිමයෙන්ම වින්ද කෙනෙක්. අද ළමා කාලය අවුරුදු 15න් වගේ වෙනස් වෙලා වැඩිහිටි තත්වයට පත්වෙනවනේ. මම අවුරුදු 20දීත් චිත්ත ගවුම් ඇඳගෙන ළමා වැඩසටහන් කළා. ඔය අතරේ අවුරුදු 20දී මට සිරස නාලිකාවේ යන ප්‍රේම දඩයම ඉන්දියානු නාට්‍යයේ ශිවන්‍යාට හඬ දෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි මගේ පළවෙනි හඬ කැවීම් අත්දැකීම. එතනින් පස්සේ මේ වෙනකම් කතා, කාටුන් ඇතුළු 100කට ආසන්න ප්‍රමාණයක හඬ කැවීම් කරලා තියෙනවා.

ශිවන්‍යා ට හඬ කැවිමත් එක්කම මට සිරසේ ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න අවස්ථාව උදා වුණා. ඒ “හරි රහ“ වැඩසටහනේ. ඒක කළේ අනුජ් රණසිංහ එක්ක. ඊට පස්සේ ඉලන්දාරියා ඇතුළු සිරසේ බොහෝ වැඩසටහන් වලට ප්‍රසන්ටර් කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ එක්කම ජාතික රූපවාහිනියේ කෝක් රෙඩ් ප්‍රෝග්‍රෑම් එක කළා.

ඔය අතරේ කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

දෙරණේ විකාශය වුණු සුසුමන් අතර කියන ටෙලි ෆිල්ම් එක තමයි මගේ පළවෙනි රංගන අත්දැකීම. නමුත් මාව ජනප්‍රිය වෙන්නේ රාවණා සීසන් 1 එකේ රඟපෑමෙන් පසුව. ඇත්තෙන්ම ඒක හරිම අහම්බයකින් ලැබුණු අවස්ථාවක්. දෙරණ රාවණා සීසන් 1 එක මේ දවසේ ඉඳන් විකාශය වෙනවා කියලා ට්‍රේලර් එකක් ගියා. ඒක මමත් දැක්කා. අනේ මේ වගේ එකක රඟපාන්න තියෙනවා නම් කොච්චර හොඳ ද කියලා හිතලා මමත් ෂෙයාර් කළා. ඒ වෙද්දී මම ජිම්නාස්ටික්, ටයිකොන්ඩෝ කළා. ඒ නිසා මම ටයිකොන්ඩෝ කරපු ෆොටෝ Fb දාලා තිබ්බේ. කොහොම හරි රාවණාහි අධ්‍යක්ෂක තුෂාර තෙන්නකෝන් මට මැසේජ් එකක් එවලා තිබ්බා මෙහෙම චරිතයක් තියෙනවා රාවණා නාට්‍යයේ ඔයා ටයිකොන්ඩෝ කරලා තියෙන නිසා ඔයාට කරන්න පුළුවන් වෙයි, ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න පුළුවන් ද කියලා. මට ඉතින් හිතාගන්න බැරි වුණා. මට එදා ගියාම දුන්නේ ඒ අදාළ චරිතයේ කොස්ටියුම් එක අන්දලා ඩයලොග් ටික කියන්න. එතනින් පස්සේ මට ඒ චරිතය ලැබුණ. වාසනාව කියන දේ එන විදිය හරි පුදුමයි. එදායින් පස්සේ සීසන් 2 එකේ මම ධරණී කියන ප්‍රධාන චරිතය ලැබුණා. ඒ විදියට තමයි රංගනයට ආවේ.

ඕනෙම ෆැෂන් එකක් අත්හදා බලන්න උත්සහ කරන කෙනෙක් ද කියලා ඇහුවොත්.

ඔව්. මම ෆැෂන් කරන්න කැමතියි. ගොඩක් සරල විදියේ ෆැෂන් කරන්නයි කැමති. මගේ ඇඟට ගැළපෙන විදියට මම ෆැෂන් කරනවා. ඒ නිසා අලුතින් එන ෆැෂන් මට ගැළපෙනවද කියලා මම බලනවා.

ෆිගර් මේන්ටේන් කරන්න ජිම් යනවද?

මම කවදාවත් ජිම් ගිහිල්ලත් නැහැ. මම ජිම් යන කෙනෙක් නෙවෙයි. මම අවුරුදු ගාණක් Aerobics කරන කෙනෙක් විදියට මම දන්නවා මගේ ඇඟ මේන්ටේන් කරගන්නේ කොහොමද කියලා.මම හෝම් වර්කවුට් ටිකක් කරනවා. අනිත් එක වාසනාවට මගේ ඇග මහත් වෙන ඇගක් නෙවෙයි තියෙන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ තාත්තා විදෙස් ගතවෙලා හිටියේ අවුරුදු තිස් ගානක්ම. දැන් තමයි තාත්තා ලංකාවේ ඉන්නේ. ඒ නිසා මගේ අම්ම තමයි මාව හැමදේකටම එක්කගෙන ගියේ. අයියයි මල්ලියි ඉන්නවා. මගේ තාත්තා රට හිටිය නිසා මගේ හැම දෙයක්ම තාත්තට වීඩියෝ කරලා යැව්වා. ඒ නිසා මගේ ළමා කාලයේ නටන සින්දු කියන මෙමරිස් ගොඩක් තියෙනවා. අම්මා මාව ලැබෙන්න ඉන්න කාලේ ඉන්දියාවේ පොඩි ළමයි සහභාගී වෙන රියැලිටි වැඩසටහන් සෑහෙන්න බැලුවාලු. අම්මා කැමැත්තෙන් ඉඳලා තියෙනවා මම කලාවට ළැදි දක්ෂ දරුවෙක් වෙනවට.

ආදරේ ගැන කතා කළොත් ආදරවන්තියක් ද?

ඔව්.

එහෙනම් කියන්නකෝ කොහොමද ආදරේ දකින්නේ

ආදරේ කියන්නේ නොගැළපෙන කෙනෙක් හම්බවුණොත් ඒක අපායක් වගේ. හැබැයි ගැළපෙන කෙනෙක් ලැබුණොත් ජිවිතේ සුන්දරයි. කතාවට ආදරේ කරන දෙන්නෙක් අපි දෙන්නා දැන් එක්කෙනෙක් කිව්වට කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ. හැදෙන්නේ ගෙවල් දෙකක, පරිසර දෙකක. එහෙම හැදෙන දෙන්නෙක් එකට ජිවත් වෙන්න බලාගෙන ආදරේ කරද්දී සම්පුර්ණ වෙනස් චරිත දෙකක්. එතැනදී වෙන්නේ නොගැළපෙන දේවල් ගළපාගෙන හැමදේම බෙදාගෙන වැරදි අඩුපාඩු හදාගෙන තමයි ආදරේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ආදරේ මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. මට අම්මා දුන්නු උපදෙස කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මා කිව්වේ ඔයා කවදා හරි ආදරේ කරන්න ඕනේ ඔයා ආදරේ කරන කෙනෙක්ට නෙවෙයි, ඔයාට ආදරේ කරන කෙනෙක්ට කියලා. ඒ නිසා ආදරේ කියන්නේ මාරම දෙයක් හරි කෙනා ලැබුණොත්.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේ වෙද්දී සින්දුවක් කරලා තියෙනවා. මේ කාලයේ රූප රචනාවක් කරන්න සැලසුම් කරගෙන යනවා. හැකි ඉක්මනින් ඒ ගීතය රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේම කියලා පොඩි ව්‍යපාර කටුත්තක් ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවා.

Comments