වතුරේ හිටියාම ඇඟිලි රැලි වැටෙන්නේ ඇයි? | සිළුමිණ

වතුරේ හිටියාම ඇඟිලි රැලි වැටෙන්නේ ඇයි?

අපේ සෛලවලට අධික වශයෙන් ජලය ලැබුණු විට ඒවා පිම්බීමට පත් වනවා. ඇඟිලිවල මතුපිට සමද වැඩි කාලයක් ජලය හා ගැටෙමින් පැවතුණු විට ඒවා ජලයෙන් සංතෘප්ත වීමෙන් පරිමාව වැඩි කරගන්නා නිසා ඒවා රැලි වැටී ඇති ආකාරයට එක ළඟට පැමිණ තිබෙනු දක්නට ලැබෙනවා. මෙසේ සිදු වීමෙන් අතේ ඝර්ෂණය වැඩි වන අතර අතීත මානවයන්ට වැසි අවස්ථාවලදීත් ආරක්ෂිතව ග්‍රහණය කිරීම් කරන්නට, ආයුධ පාවිච්චි කරන්නට වැනි දේ කිරීමට මෙය මහත් පහසුවක් වූවාට සැක නැහැ. මෙසේ ඇඟලි රළු වූ විට එය ඉක්මනින් නැති කරගන්න අවශ්‍ය නම් මඳ උණු ජලයෙහි බේකින් සෝඩා තේ හැන්දක් පමණ කලවම් කර තත්පර තිහක් පමණ දෑත් බහා තබා පොල්තෙල් ටිකක් අතේ ගාගෙන විනාඩි කිහිපයක් සිට පිසදාහැරීම කරන්නට පුළුවන්.

Comments