චිප්ස්, එක්ස්ටෘඩඩ් ස්නැක්ස් ආහාර අසුරනවල වැඩිපුර හුළං තිබෙන්නේ ඇයි? | සිළුමිණ

චිප්ස්, එක්ස්ටෘඩඩ් ස්නැක්ස් ආහාර අසුරනවල වැඩිපුර හුළං තිබෙන්නේ ඇයි?

මේ අසුරන පිරවීමට නයිට්‍රජන් වායුව යොදාගන්නේ ජලවාෂ්ප මඟින් චිප්ස් පෙඟීයෑම වැළැක්වීමට සහ අසුරන එහා මෙහා කිරීමේදී ඇතුළත ඇති ආහාරවල හැඩයන් වෙනස් වී බිඳී යෑම වළක්වාලීමටයි. ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවෙන් වැඩි නිසා ආහාර ඔක්සිකරණය වීමෙන් එහි රස වෙනස් වෙනවා. නයිට්‍රජන් වායුව ස්ථායීව ප්‍රතික්‍රියාශීලී බවින් අඩුව සිටින නිසා බැදපු අල පෙති, සැකසූ බේකන් වැනි ආහාර වර්ග නයිට්‍රජන් වායුව පිරවූ අසුරනවල ගබඩා කරනු ලබනවා. අසුරනයේ ඇති පිම්බුණු ස්වභාවය ආරක්ෂක කවචයක් සේ ක්‍රියා කරන නිසා මහා පරිමාණ ඇසිරීමේදී, ප්‍රවාහනයේදී සහ බඩු එහා-මෙහා කිරීමේදී ඇතුළත ඇති ආහාරවලට හානි වීම වැළැක්වීමද සිදු වනවා. රථ වාහන සඳහාද ටයර්වල නයිට්‍රජන් වායුව පුරවන්නේත් ජල වාෂ්ප රහිතව සැහැල්ලු බවක් ලබාගැනීම සඳහායි.

 

Comments