අව් කණ්ණාඩියෙන් හොරු අල්ලයි | සිළුමිණ

අව් කණ්ණාඩියෙන් හොරු අල්ලයි

 චීනයේ පරිගණක විද්‍යාඥයන් විසින් හොරුන්ගේ දත්ත ගබඩා කර ඇති අව් කණ්ණාඩියක් (Sun Glass) නිපදවා ඇත. මේ කණ්ණාඩිය නිපදවූ විද්‍යාඥයන්ගේ මතය අනුව, මෙය ආරක්ෂක භටයන්ට ඉතා ප්‍රයෝජනවත් වන අතර, පහසුවෙන් අපරාධකරුවන් අල්ලා ගැනීමටද හැකියාව ලැබේ.

අපරාධකරුවන්ගේ පින්තූර ගබඩා කර ඇති විශේෂ මෘදුකාංගයක් සවි කර ඇති මේ උපැස් යුවල පැළඳගෙන, පොදු ස්ථානවල, මාර්ගවල, පොදු වාහනවල, ආරක්ෂක සේවයේ නියැළී සිටින, ආරක්ෂක නිලධාරීන් හට, පෙනෙන මානයේ අපරාධකරුවෙකු සිටියහොත් අව් කණ්ණාඩියේ රතු එළියක් පත්තු වී “Beep Beep Beep” හඬකුත් නිකුත් වේ. එවිට ආරක්ෂක නිලධාරියා තම ස්මාර්ට් දුරකතනය උපයෝගී කරගෙන එම අපරාධකරුවාගේ පින්තූරය ලබාගෙන අපරාධකරුවා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරනු ඇත.

මේ නව උපකරණය භාවිතයට ගනිමින් මේ වන විටත් අපරාධකරුවන් හත් දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගෙන ඇති බව චීන බලධාරීන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

Comments