වස­රක 77ක ඉති­හා­සයේ සපැමිණි අභි­යෝ­ගා­ත්ම­කම අය­ වැය | සිළුමිණ

වස­රක 77ක ඉති­හා­සයේ සපැමිණි අභි­යෝ­ගා­ත්ම­කම අය­ වැය

සර 77 ක දිගු අය­වැය ඉති­හා­සයේ පසු­ගිය 14 වැනිදා මුදල් ඇමැති ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සි­හ­යන් විසින් ඉදි­රි­පත් කළේ ඉති­හා­සයේ ඉදි­රි­පත් වූ අභි­යෝ­ගා­ත්මක ම අය­වැය යැයි කීවොත් නිවැරදිය. වර්ත­මා­නයේ රටේ දැඩි ආර්ථික, සමා­ජ­යීය කඩා වැටීම හමුවේ අහස උසට උද්ධ­ම­නය නැඟි මොහො­තක, විදෙස් ණය පවා ගෙවා ගැනීමේ අසීරු අව­ස්ථා­වක අය­වැය කොයි ආකා­ර­යෙන් ඉදි­රි­පත් වේදැයි බොහෝ දෙනෙක් විවිධ මත පළ කළහ. මෙවර අය­වැය ජන­ප්‍රිය තීන්දු තීරණ පසු­පස හඹා ගිය අය­වැ­යක් නොවුණු අතර, 2023 වසරේ ආර්ථික දේශ­පා­ලන අංශ හරහා සමෘ­ද්ධි­මත් දේශ­යක් ගොඩ නඟ­න්නට අඩි­තා­ල­මක් විය. එහි ප්‍රධාන අර­මුණ වූයේ 2048 සිය­වැනි නිද­හස් සැම­රුමේ ශ්‍රී ලංකාව සංව­ර්ධිත රාජ්‍ය­යක් බවට පත්කි­රීමේ මූලික අඩි­තා­ලම දැමී­මය. මෙවර අය­වැයේ හඳු­නා­ගත් ප්‍රති­ලාභ මෙන්ම පුළුල් වෙන­ස්කම් මෙසේය.

- සිය­වැනි නිද­හ­ස සමරන 2048දී ශ්‍රී ලංකාව සංව­ර්ධිත රාජ්‍ය­යක්
- ඉති­හා­සයේ පළමු වතා­වට අය වැය අහන්න සිසු සිසු­වියෝ 400 ක්, යොවුන් පාර්ලි­මේන්තුව නියෝ­ජ­නය කර­මින් තරුණ තරු­ණියෝ
- ආර්ථික පරි­ව­ර්ත­නය සඳහා වූ නීති සංශෝ­ධන හා නව පනත් නොබෝ දින­කින් පාර්ලි­මේ­න්තු­වට
- ප්‍රධාන ව්‍යව­සාය 52 ක වස­රක පාඩුව රුපි­යල් බිලි­යන 86 ක්
- IMF සාකච්ඡා සාර්ථ­කයි 
- රුපි­යල ශක්ති­මත් වෙමින් පව­ති­නවා
- 2023 දී යළිත් ආර්ථික ස්ථාව­ර­ත්ව­යක්
- පාට කණ්ණාඩි ගලවා වැර­දුණ තැන් සොයා බලමු
- අප ගත යුත්තේ නිවැ­රදි තීන්දුද? ජන­ප්‍රිය තීන්දුද?
- ණය ගත යුත්තේ පරි­භෝ­ජ­නය සඳහා නොව ආයෝ­ජ­නය සඳ­හායි. අපි රටට ණය වෙමින් මඟුල් කෑවා
- දුෂ්කර අව­ධි­යෙන් මිදී­මට ආර්ථි­කය පුබු­දන බල­වේ­ග­යක් නිර්මා­ණය කළ යුතුයි

ආර්ථි­කය
රාජ්‍ය ආදා­යම 2025 වසර වන විට 15% දක්වා වැඩි කිරීම
උද්ධ­ම­නය තනි ඉල­ක්ක­මක මැදි අග­යක් දක්වා ගෙන ඒම
2024 මාර්තු 1 සිට සියලු රාජ්‍ය ගෙවිම් විද්යුත් ක්‍රම­ය­කට
 

ආයෝ­ජන
බස්නා­හිර, වයඹ පළාත් හා හම්බ­න්තොට හා ත්‍රිකු­ණා­ම­ලය ප්‍රදේ­ශ­යන්හි නව ආර්ථික කලාප හා ඒ සඳහා නව නීති - රුපි­යල් මිලි­යන 300
ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ අවස්ථා වැඩි කිරීම හා ඒ සඳහා ජාත්‍ය­න්තර වෙළෙඳ කාර්යා­ල­යක් පිහි­ටු­වීම

කම්කරු
සේව්‍ය සේවක දෙප­ක්ෂ­ය­ටම ප්‍රති­ලාභ සැල­සෙන පරිදි යාව­ත්කා­ලීන වූ තනි කම්කරු නීති­යක්
වැසී යන කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන්ව නව රැකියා අවස්ථා ලබා­ගැ­නී­මට පුහුණු කිරීම හෝ රැකියා අහිමි වන සේව­ක­යන් සඳහා වන්දි දීමේ ක්‍රම­වේ­ද­යක්- රුපි­යල් මිලි­යන 100

වගා
කුරුදු කර්මා­න්තය නඟා සිටු­වීම සඳහා කර­න්දෙ­ණිය ප්‍රදේ­ශයේ වෙන­මම දෙපා­ර්ත­මේ­න්තු­වක්- රුපි­යල් මිලි­යන 200

සෞඛ්‍ය
බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පව­තින බන්ධ­නා­ගා­ර­වල සනී­පා­ර­ක්ෂාව වැඩි දියුණු කිරීම -
රුපි­යල් මිලි­යන 100
බදුල්ල, කුරු­ණෑ­ගල, පොලො­න්න­රුව ශික්ෂණ රෝහල් මට්ට­මට උසස් කිරීම
රජයේ රෝහ­ල්වල ගෙවන වාට්ටු ඇති කිරීම (පළමු අදි­යර ලෙස ජාතික හා මූලික රෝහ­ල්වල)
 

පෝෂණ
දරු­වන් අතර හට­ගන්නා මන්ද­පෝ­ෂණ හා සෞඛ්‍ය ගැටලු අවම කිරි­මට අති­රේක වැඩ­ස­ට­හන්- රුපි­යල් මිලි­යන 500

කොමි­සම් 
රාජ්‍ය සේවයේ ප්‍රති­සං­ස්ක­රණ, බදු ප්‍රති­සං­ස්ක­රණ සඳහා ජනා­ධි­පති කොමි­සම්
ආහාර සුර­ක්ෂි­ත­තාව පිළි­බඳ මාර්ග­ගත විද්යුත් පද්ධ­ති­යක්
අය­වැය යෝජනා අධී­ක්ෂ­ණ­යට ජනා­ධි­පති කාර්යසාධක බළ­කා­යක්
සේවක භාර අරමුදල් පනත සංශෝධනයට

පාසල් අධ්‍යා­ප­නය
පාසල් 1000 කට නොමි­ලයේ අන්ත­ර්ජාල පහ­සු­කම්
පළාත් පාසල් 139 ක් හා ජාතික පාසල් 23 කට සනී­පා­ර­ක්ෂක හා ජල පහ­සු­කම්- රුපි­යල් මිලි­යන 200

උසස් අධ්‍යා­ප­නය
රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට කුස­ලතා පද­න­මින් ඇතු­ළත් කර ගන්නා සිසුන් ප්‍රමා­ණය වැඩි කිරීම
පේරා­දෙ­නිය, රුහුණ හා යාප­නය විශ්ව­වි­ද්‍යා­ල­වල වෛද්‍ය­ව­රුන් සඳහා පශ්චාද් උපාධි අධ්‍ය­යන පහ­සු­කම් වැඩි කිරීම - රුපි­යල් මිලි­යන 60
විශ්ව­වි­ද්‍යාල උපා­ධි­වල ගුණා­ත්මක බව වැඩි කිරිම- රුපි­යල් මිලි­යන 100
ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ල­යට නව වෛද්‍ය පීඨ­යක්
- රුපි­යල් මිලි­යන 200
ලංකා ඉති­හා­සය හැදෑ­රී­මට වෙන­මම ආය­ත­න­යක්- රුපි­යල් මිලි­යන 50

ශිෂ්‍යත්ව
75 වැනි නිද­හස් සම­රුව නිමිති කර­ගෙන 2022 උසස් පෙළ විශි­ෂ්ට­යන් 75 කට, උපා­ධි­ධා­රීන් 75 දෙන­කුට විදෙස් ශිෂ්‍යත්ව

තරු­ණ­යන්
රැකියා විර­හිත තරුණ තරු­ණ­යන් කෘෂි ව්‍යව­සා­ය­ක­යන් ලෙස බල ගැන්වීම
තරුණ කාන්තා ව්‍යව­සා­ය­ක­යන් දිරි ගැන්වී­මට ණය යෝජනා ක්‍රම­යක්. එක් අය­කුට රුපි­යල් 250,000 ක උප­රි­ම­ය­කට යටත්ව ණය මුද­ලක් - රුපි­යල් මිලි­යන 250
 

ඩිජි­ටල්
2023 වසරේ සිට දත්ත ආර­ක්ෂණ අධි­කා­රි­යක් පිහි­ටු­වීම
සමාජ ආර්ථික පරි­ව­ර්ත­න­යට ඩිජි­ටල් තාක්ෂ­ණය


රක්ෂණ හා විශ්‍රාම
පෞද්ග­ලික අංශ­ය­ටත් අග්‍ර­හාර යෝජනා ක්‍රම­යක් ලබා දෙන ලෙස ඉල්ලී­මක්
සන්නද්ධ හමුදා සේව­ක­යන්ට අවු­රුදු 18 ක සේවා කාල­ය­කින් පසු විශ්‍රාම ගැන්වීමේ අව­ස්ථාව
2023 වසර අග­වන විට රාජ්‍ය සේව­ක­යන්ට හා විශ්‍රා­මි­ක­යන්ට සැල­කිය යුතු සහන

මාර්ග 
මහා­මර්ග නඩ­ත්තු­වට ආදා­යම් බල­පත්‍ර ලබා ගැනී­මේදී වාහ­න­ය­කින් රුපි­යල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තු­වක්. - රුපි­යල් මිලි­යන 100
ගංව­තු­රින් හානි­යට පත් වූ මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය - රුපි­යල් මිලි­යන 2000
 

සංචා­රක කර්මා­න්තය 
නැගෙ­න­හිර, දකුණ හා බස්නා­හිර පළා­ත්වල සමු­ද්‍රීය කලාප තුනක් ඇති කිරීම- රුපි­යල් මිලි­යන 50

ක්‍රීඩා ආශ්‍රිත සංචා­රක කර්මා­න්තය වැඩි දියුණු කිරීම සඳහා ජලය මත ලිස්සා යෑමේ ක්‍රීඩා ප්‍රව­ර්ධ­නය කිරීම

රථ­වා­හන
සූර්ය බල­ශක්ති හා විද්‍යුත් මෝටර් කාර් නිෂ්පා­දන­යට පහ­සු­කම් හා බදු ඉවත් කිරීම

ඉඩම්
මෙතෙක් භාවිත නොක­රන ඵල­දායි ඉඩම් බදු දීමේ පද­නම මත අප­න­යන බෝග වගා කිරී­මට යොමු කිරීම
පොල් ඉඩම් කැබලි කිරිම සීමා කිරීම

පරි­ස­රය
දේශ­ගුණ විප­ර්යාස පිළි­බඳ ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යා­ල­යක්- රුපි­යල් මිලි­යන 100
සංව­ර්ධ­න­යට ග්‍රීන් හයි­ඩ්‍ර­ජන් තාක්ෂ­ණය හා පුත්ත­ලම මන්නා­රම කලා­පයේ හවුල් ව්‍යාපෘ­ති­යක්
නැතිවූ අක්කර 50,000 ක වන ගහ­නය 2027 වන විට නැවත ප්‍රති­ස්ථා­පිත කිරීම - රුපි­යල් මිලි­යන 50

වතුර
පානීය ජල බෝතල් සඳහා ආර­ක්ෂිත මුද්‍රා­වක්

මධ්‍ය­සාර
මධ්‍ය­සා­ර­වල ගුණා­ත්මක බව තහ­වුරු කිරී­මට නව රසා­ය­නා­ගා­ර­යක් ඇති කිරීම - රුපි­යල් මිලි­යන 100

බදු හා විය­දම්
වයස 18 වැඩි අයට බදු ගොනු
බීඩි­ය­කට රුපි­යල් 2 බද්ධක් ඇති කිරීම
සෙස් බද්ධ වසර තුන­කින්, වරාය හා ගුවන් තොටු­පළ සංව­ර්ධන බද්ධ වසර 5 කින් ඉවත් කිරීම හා තීරු බදු අනු­පාත සංශෝ­ධ­නය කිරීම
රාජ්‍ය විය­දම් දැඩි ලෙස පාල­න­යට උප­දෙස්
අවුරුදු 18 ට වැඩි සියල්ලටම ටැක්ස් ෆයිල්

ගාස්තු
විදේශ ගමන් බල­පත්‍ර හා වීසා ගාස්තු ඉහළ නැංවීම
2024 මාර්තු 1 සිට සියලු රාජ්‍ය ගෙවිම් විද්‍යුත් ක්‍රමයට
 

ණය
ක්ෂූද්‍ර මුල්‍ය හා ණය නියා­මන අධි­කා­රි­යක්

ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම
ශ්‍රී ලංකන් ගුවන් සමා­ගම, ශ්‍රී ලංකා ටෙලි­කොම්, කොළඹ හිල්ටන් හෝට­ලය, වෝටර්ස් ඒජ් හෝට­ලය හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රති­ව්‍යු­හ­ගත කිරීම
 

මැණික්
මැණික් වෙළෙඳ මධ්‍ය­ස්ථා­න­යක් පිහි­ටු­වීමේ හැකි­යාව සොයා බැලීම
ඩිජි­ටල් තාක්ෂ­ණයේ ඉදිරි ගමන් මඟ පිළි­බඳ අධ්‍ය­යනය කිරී­මට, ලංකාවේ ඛනිජ සම්පත් ඵල­දායි ලෙස යොදා ගැනී­මට කමිටු පිහි­ටු­වීම

දීමනා
වැඩි­හිටි, විවිධ හැකියා, වකු­ගඩු දීමනා අපේ­ක්ෂා­වෙන් පොරොත්තු ලේඛ­නයේ දීර්ඝ කාල­යක් සිටි අත්‍යවශ්‍ය පුද්ග­ල­යන්ට ප්‍රති­ලාභ ලබා­දීම
ලක්ෂ 30 කට අධික සමෘද්ධි හා දීම­නා­ලා­භීන්ට මෙන්ම 726,000 කට අධික පවු­ල්ව­ලට ගෙවනු ලැබූ දීමනා වැඩි කිරීම ඉදි­රි­ය­ට මාස හත­රක් දක්වා දීර්ඝ කිරීම - රුපි­යල් බිලි­යන 43

කෘෂි­ක­ර්මා­න්තය
පොල් ඉඩම් සංව­ර්ධ­නය කිරීම හා නැවත වගා කිරීම
නවීන තාක්ෂ­ණ­යෙන් යුත් කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන 10 ක්- රුපි­යල් මිලි­යන 250
ත්‍රෛ­ලෝක විජ­ය­පත්‍ර භෝගය ආන­යන හැකි­යාව සොයා බැලී­මට විශේ­ෂඥ කමි­ටු­වක්
පසු අස්වනු හානි අවම කිරීම හා වගා හානි වැළැ­ක්වී­මට විශේ­ෂඥ කමි­ටු­වක් - රුපි­යල් මිලි­යන 150
දේශිය කිරි නිෂ්පා­දන කර්මා­න්තය ඉහළ නැංවීම - රුපි­යල් මිලි­යන 100
 

ධීවර කර්මා­න්තය
මිරි­දිය ධීවර කර්මා­න්ත­යට අදා­ළව මත්ස්‍ය අභී­ජ­නන ධාරි­තාව ඉහළ නැංවීම - රුපි­යල් මිලි­යන 100

ආග­මික
ආග­මික ස්ථාන සඳහා සූර්ය පැනල

Comments