ජල සහ විදුලි බිල් වැඩිවීම මිනිසුන්ට දරා ගන්න බැහැ | සිළුමිණ

ජල සහ විදුලි බිල් වැඩිවීම මිනිසුන්ට දරා ගන්න බැහැ

සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

ජල සහ විදුලි බිල්පත් 50%කින් පමණ වැඩි කිරීම මිනිසුන්ට දරා ගත නොහැකි බවත් බිල්පත් ගෙවා ගත නොහැකිව ජල පාරිභෝගික පවුල් ලක්ෂ

ගණනක ජල සබඳතා ඉදිරියේදී විසන්ධි කරනු ඇති බවද සමඟි ජන බලවේගයේ (සජබ) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සිළුමිණට කියා සිටියේය.

සියලුම භාණ්ඩ හා සේවා මිල වැඩි කර රට ඉදිරියට ගෙන යා නොහැකි බවද මිනිසුන්ගේ වැටුප් වැඩි නොවී හැමදේම මිල වැඩි වී තිබීම ඛේදජනක බවද හෙතෙම අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ මහ ලේකම්වරයා කියා සිටියේ ජනතාවගේ ජීවිත සමඟ කරන මෙම සෙල්ලම නතර කළ යුතු බවයි. එමෙන්ම ජනතාව වර්තමානයේ කබලෙන් ළිපට ඇද වැටී ඇති බවද ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රජය අහිමි කර ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

 සුභද්‍රා දේශප්‍රිය

Comments