ලොව වටා | සිළුමිණ

ලොව වටා

ලොව ලොකුම ක්‍රීඩාංගණයේ ගොන් පොර තහනම්

සත්ත්ව අවිහිංසාවාදීන්ගේ ඉල්ලීමකට කන් දෙමින් ලෝකයේ දැනට පවතින විශාලතම ගොන්පොර ක්‍රීඩාංගණයේ ගොන්පොර තරග පැවැත්වීමට තහනම් නියෝගයක් නිකුත් කිරීමට මෙක්සිකානු අධිකරණයක් කටයුතු කර තිබේ. මෙසේ ගොන්පොර පැවැත්වීම තහනම් කර ඇත්තේ මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි හි ප්ලාසා ඩි ටොරොස් ක්‍රීඩාංගණයේය. මේ ක්‍රීඩාංගණයේ එකවර 50,000කට අසුන් ගෙන ගොන්පොර තරග නැරඹීමට හැකියාව තිබේ. ඉහත කී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ මේ තරග නවතා දැමිය යුතුවා මෙන්ම මේ තරග සඳහා අවසර ලබා දීම ද වහාම නවතා දැමිය යුතු වන බවයි. මෙක්සිකෝව යනු විශාල වශයෙන් ගොන්පොර තරග පැවැත්වෙන රටකි. එහෙත් මෑතකාලීනව සත්ත්ව අවිහිංසාවදී සංගම් විසින් මේ තරග පැවැත්වීමට එරෙහිව විරෝධතා ව්‍යපාර අරඹා ඇත.

ඩෙප් - හර්ඩ් නඩුවෙන් ඩෙප් දිනයි

පසුගිය මාස කිහිපයක කාලය තුළ මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් අතර පැවති නඩුවෙන් ජොනී ඩෙප්ට ජයග්‍රහණය හිමි විය. මේ නඩු විභාගය කෙරෙහි ලෝකයේම අවධානය යොමු වූයේ එහිදී ජොනී ඩෙප් තම හිටප බිරියට ‘ගෘහස්ථ පුරුෂ හිංසනය‘

සම්බන්ධව චෝදනා එල්ල කිරීම හේතුවෙනි. ජොනී ඩෙප්ගේ හිටපු බිරිය ඇම්බර් හර්ඩ් ද ජනප්‍රිය හොලිවුඩ්

නිළියකි. කෙසේ වුවද මේ නඩු තීන්දුව අවසානයේ ‘විෂ සහිත ගැහැනුන්ට ලෝකයට විකෘති කළ පණිවිඩ

පහසුවෙන් ලබා දිය හැකි බව පෙනී යන්නේය යනුවෙන් මතයක් ද සමාජ ගත විය.

රැජිනගේ ප්ලැටිනම් ජුබිලියට බ්‍රිතාන්‍ය සූදානම්

එක්සත් රාජධානියේ වැඩිම කාලයක් කිරුළ හෙබවූ රාජකීයයා ලෙස මේ වන විටත් ඉතිහාසයට එක්ව සිටින දෙවැනි එළිසබෙත් රැජින තම පදවි ප්‍රාප්තියේ 70 වැනි සැමරුම මේ වසරේදී සැමරීමට නියමිතය. ඒ වෙනුවෙන් මුළු මහත් බ්‍රිතාන්‍යයම සූදනමින් පසුවන අතර රට පුරා උත්සව මාලා ද සංවිධානය කර ඇති බව වාර්තා වේ. දෙවැනි එළිසබෙත් රැජින රාජ්‍යත්වයට පත් වූයේ 1952 වසරේදීය. රාජ්‍යත්වයෙන් 70 වන වසර සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මේ උත්සව මාලාව හැඳින්වෙන්නේ ප්ලැටිනම් ජුබිලිය යනුවෙනි.

Comments