අබේ වෙනු­වට සුගා ජපා­න­යට | සිළුමිණ

අබේ වෙනු­වට සුගා ජපා­න­යට

ස්වකීය ධූර­යෙන් ඉල්ලා අස්වූ ජපාන අග­මැති ශින්සො අබේ වෙනු­වට යොෂිහිදෙ සුගා අග­මැති ධූර­යට පත් වනු ඇතැයි ජපාන ආරංචි මාර්ග සඳ­හන් කරයි. සුගා හිටපු අග­මැති අබේගේ ‘දකුණු අත‘ යනු­වෙන්ද හඳු­න්වනු ලැබේ. 

සුගා වැඩි ජන­ප්‍රි­ය­ත්වක් ලබා සිටින්නේ තිර­යෙන් පිටු­පස වැඩි බර උසු­ල­න්නකු වශ­යෙනි. එමෙන්ම නාය­ක­යකු සතු කැරිස්මා බල­යක් ඔහුට නැතැ­යිද පැවසේ. 

තම සෞඛ්‍ය තත්ත්වය යහ­පත් නොවන බව පව­ස­මින් ජපා­නයේ අග්‍ර­මාත්‍ය ශින්සෝ අබේ පසු­ගි­යදා තමා ධූර­යෙන් ඉල්ලා අස්වන බව පවසා සිටි­යේය. මේ වන විට ඔහු වසර අටක කාල­යක් ජපා­න­යට නාය­ක­ත්වය දී තිබුණු අතර, වැඩි උච්චා­ව­ච­න­ය­න්ගෙන් තොරව එරට පාල­නය කිරීමේ හැකි­යා­වද ලබා ගත්තේය. ඔහුගේ පාල­නයේ ශක්ති­මත් බව කොතෙක්ද යත් මේ වන විට ඉති­හා­සයේ වැඩිම කළක් ජපා­නය පාල­නය කළ අග්‍රා­මා­ත්‍ය­ව­රයා වන්නේද අබේ ය. කෙසේ වුවද ශක්ති­මත් ආණ්ඩු­වක් සමඟ පාල­නය ඉදි­රි­යට ගෙන යා හැකිව තිබි­යදී මෙසේ සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වී­මට ඔහු තීර­ණය කර ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමන් පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යකු ලෙස දිග­ටම සේවයේ යෙදෙන බවයි. ඇතැම් විට මෙසේ කිරී­මට හේතුව තමා­ගෙන පසු ඉදි­රි­යේදී අග­මැති ධූරය සඳහා තවත් අයෙ­කුට අත්දැ­කීම් ලබා දීමද විය හැකිය. මැති­ව­ර­ණ­යට පෙර අග­මැදි ධූරයේ කට­යුතු කිරී­මෙන් අත්දැ­කීම් ලබා­ගත් පුද්ග­ල­යකු අග­මැති ධූරා­පේ­ක්ෂ­කයා ලෙස පක්ෂ­යට නාය­ක­ත්වය දීම ජන­තා­වගේ විශ්වා­ස­යද දිනා ගැනී­මට පහසු මගක් වේ. 

කෙසේ වුවද ජපාන වාර්තා පවසා සිටින්නේ අග­මැ­ති­ව­රයා තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ පසු ජපා­නය කම්ප­න­යට පත්වූ බවයි. තම අනු­ප්‍රා­ප්ති­කයා පත්වන තුරු අබේ අග්‍ර­මා­ත්‍ය­ව­රයා ධූරයේ රැඳී සිටින බවද ප්‍රකාශ කර තිබේ. 

කෙසේ වුවද ජපාන මාධ්‍ය වාර්තා වැඩි­දු­ර­ටත් පෙන්වා දෙන්නේ මීළඟ අග­මැ­ති­ව­රයා සඳහා පාලක ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂය අභ්‍ය­න්ත­රයේ කණ්ඩා­යම් කිහි­ප­යක තර­ඟ­යක්ද නිර්මා­ණය වී ඇති බවයි. ඒ කණ්ඩා­ය­ම්වල කිහි­ප­දෙ­නෙක් අග­මැති ධූරය බලා­පො­රො­ත්තුව සිටින නමුදු විශා­ල­තම කණ්ඩා­යම යොෂි­හිදෙ සුගා වටා එකතු වී සිටින බවද ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. 

අබේගේ මේ ක්ෂණික ඉල්ලා අස්වීම සමඟ ජපාන දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ත්වය විග්‍රහ කරන කොලො­ම්බියා විශ්ව විද්‍යා­ලයේ ජපාන දේශ­පා­ල­නය පිළි­බඳ මහා­චාර්ය ජෙරල්ඩ් කර්ටිස් පෙන්වා දෙන්නේ අබේගේ මේ ‘කල් තබා විශ්‍රාම ගැනීම‘ සුගාට මැති­ව­රණ ජය­කින් අග­මැති පුටු­වට යෑමට පාර කැපී­මක් බවයි. අබේ වෙනු­වට අග­මැති ධූර­යට පැමි­ණෙන සුගා මාස කිහි­ප­ය­කින් ජනතා හඳ බැඳ ගැනී­මට කට­යුතු කරණු ඇති බවත්, ටික කල­කින්ම ‘ඔහු කොවිඩ් වසං­ග­තය මර්ද­නය කර රට සාමාන්‍ය අතට ගෙන ඒමට සමත් වූ ශ්‍රේෂ්ඨ පාල­ක­යකු යැයි ජන­තාව කියනු ඇතැ­යිද‘ කර්ටිස් පෙන්වා දී තිබේ. මේ සියල්ලේ අව­සාන ප්‍රති­ඵ­ලය වනු ඇත්තේ සුගා මීළඟ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කිරී­මය. 

මෙවැනි අනා­වැකි පළ වුවද මේ දක්වා අග­මැති අබේ ස්වකීය අනු­ප්‍රා­ප්ති­කයා පත් කර නැත. එමෙන්ම මේ අනා­වැකි සියල්ල ජපාන ජන­තා­වගේ ජන­ම­තය අනුව තීර­ණය වීම­ටද නිය­මි­තය.

Comments