සෞදි අරා­බිය මෙවර හජ් වන්ද­නාව සීමා කරයි | සිළුමිණ

සෞදි අරා­බිය මෙවර හජ් වන්ද­නාව සීමා කරයි

පැතිර යන කොවිඩ් වස­ග­තය හේතු­වෙන් මෙවර ඉතා සීමිත හජ් උත්ස­ව­යක් පැවැ­ත්වී­මට සෞදි අරා­බිය තීර­ණය කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සෞදි අරාබි රජයේ නිවේ­ද­න­යක් උපුටා දක්ව­මින් පවසා තිබුණේ මෙවර හජ් වන්ද­නාව සහ හජ් උත්ස­වය ඉතා සර­ලව පැවැ­ත්වී­මට සෞදි රජය තීර­ණය කර ඇති බවයි. 

මෙවර හජ් උත්ස­වය වෙනු­වෙන් සහ­භාගී විය හැකි වන්ද­නා­ක­රු­වන්ගේ සංඛ්‍යාව ඉතා සීමිත කිරී­ම­ටද සෞදි රජය තීර­ණය කර තිබේ. සාමා­න්‍ය­යෙන් සෑම වස­ර­කම හජ් වන්ද­නා­වට ලොව පුරා මුස්ලිම් රට­ව­ලින් සෞදි අරා­බි­යට පැමි­ණෙන වන්ද­නා­ක­රු­වන්ගේ සංඛ්‍යාව මිලි­යන දෙක ඉක්ම­වයි. 

හජ් වන්ද­නාව සෑම මුස්ලිම් බැති­ම­තෙ­කු­ගේම ජීවිත කාලය තුළ දකින සිහි­න­යක් වන අතර ජීවි­ත­යට එක් වරක් පම­ණක් හෝ හජ් වන්ද­නා­කි­රී­මට ලොව පුරා සෑම මුස්ලිම් බැති­ම­තෙක්ම උත්සාහ දරති. මේ හේතු­වෙන්ම සෑම වස­ර­කම හජ් වන්දනා සම­යේදී අධික ජන­තා­වක් සෞදි අරා­බියේ මක්ක­මට  පැමි­ණෙන  අතර අධික ජන­තා­වක් සිමිත ඉඩක වන්දනා කිරීම හේතු­වෙන් නොයෙක් හදිසි අන­තු­රු­ව­ලට ලක්ව සැල­කිය යුතු පිරි­සක් මිය­ගිය බවද සෑම වස­ර­කම වාර්තා වේ. 

මෙවර පසු­ගිය මාර්තුවේ ලොව වටා කොවිඩ් වයි­ර­සය පැතිර යෑම ආරම්භ වූ සැණින් මක්ක­මට වන්ද­නා­ක­රු­වන් පිවි­සීම සීමා කිරී­මට සෞදි අරාබි රජය කට­යුතු කළේ තම ජන­තාව වයි­ර­ස­යෙන් ආරක්ෂා කර ගැනී­ම­ටය. එහෙත් වයි­ර­සය රට­තුළ පැති­රීම පාල­නය කර ගැනී­මට සෞදි බල­ධා­රින් නොහැකි වූ අතර මේ වන විට එර­ටින් වාර්තා වී ඇති සමස්ත ආසා­දි­ත­යන් සංඛ්‍යාව 2,68,934කි. මරණ සංඛ්‍යාව දෙද­හස ඉක්මවා තිබේ. 

කෙ‌සේ වුවද මක්කම නග­රය ආරක්ෂා කර ගැනීම වැද­ගත් බව සෞදි බල­ධා­රීන් හොඳින් වට­හා­ගෙන සිටින්නේ මක්කම යනු ෙසෟදි අරා­බියේ පම­ණක් නොව මුළු ලෝක­යේම මුස්ලිම් ජාති­ක­යන්ගේ වන්දනීය ස්ථානය මෙන්ම දේශ­පා­ලන බලා­ධි­කා­රයේ මධ්‍ය­ස්ථා­න­යද වන බැවිනි. 

හජ් වන්ද­නාව යනු සෞදි අරා­බි­යට විදේශ විනි­මය ගෙන එන ප්‍රධාන ආදා­යම් මාර්ග­යක්ද වන බැවින් මෙවර හජ් සමය සීමා කිරී­මෙන්  සෞදි අරා­බි­යට ආර්ථි­ක­වද විශාල පාඩු­වක් විඳී­මට සිදු වන බව ප්‍රකාශ වී තිබේ. මේ අතර ලොව පුරා බොහෝ මුස්ලිම් රට­වල් මෙවර හජ් වන්ද­නාවේ නොයන ලෙසට තම ජන­තා­වට අව­වාද කර ඇති බව­ටද වාර්තා වේ. 

ලෝකයේ වැඩිම මුස්ලිම් ජන­ග­හ­ණ­යක් සහිත රට වන ඉන්දු­නී­සි­යා­වද මෙලෙස තම ජන­තා­වට අව­වාද ලබා දී ඇති රටකි. මෙලෙස හජ් වන්ද­නාව කැප කිරී­මට සිදු­වීම අති­ශය වේද­නා­කාරී තීන්දු­වක් බවද ඉන්දු­නී­සි­යා­නු­වන් පවසා ඇතැයි වාර්තා වේ. මීට අම­ත­රව මැලේ­සි­යාව, සිංග­ප්පූ­රුව සහ සෙන­ගොල් යන රට­වල්ද තම ජන­තා­වට හජ් වන්ද­නාවේ නොයන ලෙස අව­වාද කර තිබේ. 

Comments