වික්ටෝ­රියා දිය ඇල්ලත් සම්පූ­ර්ණ­යෙන් සිඳී යයි | සිළුමිණ

වික්ටෝ­රියා දිය ඇල්ලත් සම්පූ­ර්ණ­යෙන් සිඳී යයි

ප්‍රිකා මහා­ද්වී­ප­යට පම­ණක් නොව මුළු ලෝක­ය­ටම සුන්ද­ර­ත්වය එක් කිරී­මට සමත් වූ වික්ටෝ­රියා දිය ඇල්ල පව­තින දැඩි නිය­ඟය හමුවේ සම්පූ­ර්ණ­යෙන්ම වියළී ගොස් ඇතැයි වාර්තා වේ. මේ දිය ඇල්ල පිහිටා ඇත්තේ අප්‍රිකා මහා­ද්වී­පයේ දකුණු ප්‍රදේ­ශයේ සිම්බාබ්වේ සහ සැම්බියා යන දෙරටේ මායිම් අත­රය. මෙය අතිවිශාල දිය ඇල්ලක් වන අතර මේ දෙර­ට­ටම ජල විදු­ලිය සැප­යීමේ ප්‍රධාන දාය­ක­යාද වේ. සාමා­න්‍ය­යෙන් වියළි කාල­යේදී දිය ඇල්ලෙන් ඇද හැලෙන ජලයේ කිසි­යම් අඩු­වී­මක් දැක ගත හැකි නමුත් මෙවර එය සම්පූ­ර්ණ­යෙන්ම හිඳී ගොස් තිබේ.

සැම්බෙසි ගඟ වික්ටෝ­රියා දිය ඇල්ලේ ප්‍රධාන පෝෂ­කයා වන අතර අප්‍රි­කානු වැසි­යන් ඉතා උස් ප්‍රපා­ත­ය­කින් බිමට ඇද වැටෙන මේ මහා ජල­ක­ඳට ‘හෙණ හඬ අතර දුම‘ යන අර්ථය සහිත නමක් ඔවුන්ගේ භාෂා­වෙන් ලබා දී තිබිණි. පසුව අප්‍රි­කාව ගවේ­ෂණය කළ යුරෝ­පී­ය­යන් මේ දිය ඇල්ලට ඔවුන්ගේ නමක් වන වික්ටෝ­රියා යන නාමය ලබා දුන් බව ප්‍රච­ලි­තය. අති විශාල ප්‍රදේ­ශ­යක් ආව­ර­ණය කර­මින් ඇද හැලෙන මහා ජල­කඳ හේතු­වෙන්ම මේ දිය­ඇල්ල ලෝකයේ සොබා­ද­හම මැවූ පුදු­ම­යන් අත­රින් එකක් ලෙස සැලකේ.

වෙනත් වර්ෂ­ව­ල­දීද වියළි සමයේ දිය ඇල්ලෙන් ඇද වැටෙන ජල ධාරාවේ කිසි­යම් අඩු­වක් දක්නට ලැබු­ණද මෙවර එය සම්පූ­ර්ණ­යෙන්ම හිඳී ගොස් තිබේ. මෙසේ වීමට හේතුව වසර කිහි­ප­යක් පුරා කලා­ප­යට බලපා ඇති නිය­ඟ­යයි. එම නිය­ඟය ඇති වීමට හේතුව ලෙස පරි­සර විද්‍යා­ඥ­යන් හඳුනා ගන්නේ ගෝලීය උණු­සුම ඉහළ යෑමයි.

දිය ඇල්ල සිඳී යෑමත් සමග සැම්බියා සහ සිම්බාබ්වේ යන දෙර­ටේම විදුලි සැප­යුම අඩාළ වෙමින් පව­තින බවට වාර්තා ලැබී ඇත. දිය ඇල්ල සිඳී යෑමත් සමග අවට සංචා­රක හෝටල්ද වසා දමා ඇති අතර ඒ ආශ්‍ර­යෙන් ජීවි­කාව ගෙන යන බොහෝ දෙනාට ජීවත් වීමේ නව ක්‍රම සෙවී­මට සිදුවී තිබේ. 20217 වස­රේදී පම­ණක් වික්ටෝ­රියා දිය ඇල්ල නැර­ඹී­මට පැමිණ ඇති සංචා­ර­ක­යන් සංඛ්‍යාව 500000ක් ලෙසට සට­හන් වී තිබේ.

එහෙත් වඩාත්ම වැඩි හානිය සිදුවී ඇත්තේ සිය­වස් ගණ­නා­වක් පුරා දිය­ඇල්ල හේතු­වෙන් ආර­ක්ෂි­තව දිවි ගෙවූ අවට සත්ත්ව සහ ශාඛ ප්‍රජා­ව­ටය.

මේ සම්බ­න්ධව විශේ­ෂාං­ග­යක් සට­හන් කිරී­මට එහි ගිය බීබීසී වාර්තා­ක­රු­වන්ට දිය­ඇල්ල අවට පදිං­චි­ක­රු­වන් පවසා ඇත්තේ තමන් කිසි දිනක මෙලෙස දිය ඇල්ල සිඳී යනු දැක නැති බවයි.

Comments