සිළුමිණ ලග්න පලාපල‍ (ජනවාරි 12 ඉරිදා සිට 18 සෙනසුරාදා තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (ජනවාරි 12 ඉරිදා සිට 18 සෙනසුරාදා තෙක්)

මේෂ

ලාභ ගෙන දේ

ලග්නා­ධි­පති කුජ අටේ සරල යොග­යයි. රවි, බුධ, ගුරු, ශනි, කේතු භාග්‍ය­ස්ථා­න­යේය. සිකුරු 11, රාහු 3, සඳු දිග්බ­ල­යෙන් ද සිටී. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී සුළු බාධා අව­හි­රතා ඇති වුවත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. මිල මුදල් ලැබීම තුළ යහ­පත් වේ. ලාභ අත්වේ. විටෙක විය­දම් අධික වනු ඇත. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. අධ්‍යා­ප­නයේ යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ද පරිස්­සම් විය යුතුයි.

ශුභ වර්ණය- රතු, ශුභ අංකය- 09, ශු දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

වෘෂභ

විය­දම් පක්ෂය ඉහ­ළට

ලග්නා­ධි­පති සිකුරු දහ­යේය. රාහු 2, කේතු 8, රවි, බුධ, ගුරු, ශනි 8 ද, කුජ 7 ද සිටී. සඳු 3 සිටී. එම ග්‍රහ පිහි­ටීම් අනුව සැල­කීමේ දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළ ද සිය උත්සා­හය තුළ කැප­වී­මෙන් වෘත්තීය සහ රැකී­රක්ෂා ක්ෂේත්‍රයේ දී කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම යහ­පත් වුවත් විය­දම් පක්ෂය ඉහළ යයි.

මිල මුදල් සම්බන්ධ කට­යුතු කිරීමේ දී කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සම­ඟිය සාමය ගැන සැල­කි­ලි­මත් වන්න.

දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන අංශ­වල දී අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. මුත්‍ර දෝෂ, මුත්‍රා­ෂය සම්බන්ධ පීඩා, ලේ දූශ්‍යා­බාධ, වැටීම්, තැළීම් පීඩා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය-- සිකු­රාදා

මිථුන

දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­න­යෙන්

ලග්නා­ධි­පති බුධ, රවි, ශනි, ගුරු, කේතු 7 ද, කුජ 6, රාහු ලග්නයේ ද චන්ද්‍රයා දෙවැන්නේ ද ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා සම්බන්ධ ක්ෂේත්‍ර­වල දී ගම­න්බි­මන් අධි­කයි. ඒවා නිෂ්ඵල ගමන් වේ. බාධා ප්‍රමා­දතා ඉස්මතු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරි වන්න. විය­දම් පක්ෂය පාල­නය කර­ගැ­නීම තර­මක් අසී­රුයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී බාධා සහ අව­හි­රතා ඇති නොවේ. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් තර­මක් අව­ධා­නය යොමු කළ යුතුයි. ඉගෙ­නීමේ කට­යුතු කෙරෙහි තද­බල ලෙස තම අව­ධා­නය යොමු වේ. උද­රා­ශ්‍රිත රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා, මල­බ­ද්ධය ආදි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

සමඟියට බාධා

ලග්නා­ධි­පති සඳු ලග්නයේ ස්වක්ෂේ­ත්‍රයි. රාහු 12, ශනි, රවි, බුධ, ගුරු, කේතු 6, කුජ 5, සිකුරු 8 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී ආදා­යම් ලැබුණ ද අන­පේ­ක්ෂි­තව මතු කරන විය­දම් ඉස්මතු වීමෙන් මුදල් ඉතිරි කර­ගැ­නීම අසීරු වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී වුවද යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වීමේ ඉඩක් පවතී. ප්‍රධා­නීන් සමඟ කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් විය යුතුය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද තර­මක් ඉව­සි­ලි­මත්ව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකි බැවිනි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ දී අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. ලේ දූශ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ක්‍රම­යෙන් දියු­ණුව

ලග්නා­ධි­පති රවි, බුධ, ගුරු, ශනි, කේතු 5 වැන්නේ ද රාහු 11 ද සඳු 12 ද, සිකුරු 6 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු සාර්ථක වේ.

මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභ­දා­යක වාසි ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී සම­ඟිය සාම­යට එත­රම් බාධා එල්ල නොවේ.

දරු­වන්ගේ කට­යුතු සාමා­න්‍යයි. ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ ඉස්මතු වනු ඇත.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

මිල මුදල් ලැබීම අතින් ඉතා ශුභයි

ලග්නා­ධි­පති බුධ, රවි, ගුරු, ශනි, කේතු 4 සිටි. සඳු අය­ස්ථා­න­යේය. රාහු 10 ද, සිකුරු 5 ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී කිසි­යම් දියු­ණු­වක් අභි­වෘ­ද්ධි­යක් ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබී­මෙන් තමාගේ කට­යුතු ලෙහෙ­සි­යෙන් ද පහ­සු­වෙන් ද ඉටු කර­ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ඉතා ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යාන අංශ­වල දී සාර්ථක ප්‍රති­ඵල ලබයි. රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් වාසි

ලග්නා­ධි­පති සිකුරු 4 දිග්බ­ලයි. ශනි, රවි, බුධ, ගුරු, කේතු 3, රාහු 9, සඳු 10 සිටී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා ප්‍රමා­දතා මතු කළ හැකිය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි සහ ලාභ ප්‍රයෝ­ජන ලැබේ. ආර්ථික වශ­යෙන් ද ශුභ­දා­යක වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ශුභයි. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභ­දා­යක වේ. සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල උදා කරයි. වාතා­බාධ, උෂ්ණා­ධික රෝග, මූත්‍ර දෝෂ යනා­දි­යෙන් ද පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

බාධා මැද රැකී­රක්ෂා කට­යුතු දියු­ණු­වට

ලග්නා­ධි­පති කුජ ලග්න­යේම රුචක යෝගය උදා කර ඇත. රවි, බුධ, ගුරු, ශනි, කේතු 2 ද රාහු 8 ද සඳු 9 ද සිකුරු 3 ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී යම් යම් බාධා ප්‍රමා­දතා ඉස්මතු කළ ද ක්‍රම­යෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක බවක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කිරීම තුළ පම­ණක් සම­ගිය සාමය සුර­ක්ෂිත කර­ගත හැක. දරු­වන්ගේ කට­යු­තු­වල දී ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. විටෙක තද ලෙස කේන්ති යයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

ඉගෙ­නීම් කට­යුතු කරන අයට ශුභයි

ලග්නා­ධි­පති ගුරු ලග්නයේ දිග්බ­ලයි. හංස යෝග­යයි. ශනි, රවි, බුධ, කේතු ලග්න­යේය. සිකුරු 2 ද, සඳු 8, රාහු 7 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින විට බාධා ප්‍රමා­දතා ගැටලු මධ්‍යයේ සිදු කිරී­මට සිදු වේ. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභ වේ.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

ගෙද­ර­දොර කට­යුතු යහ­පත්

ලග්නා­ධි­පති ශනි, ගුරු, රවි, බුධ, කේතු 12, රාහු 6, සඳු 6 යෝග­කා­රක සිකුරු ලග්නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ප්‍රවේ­සම් සහි­තව ක්‍රියා කිරී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ක්‍රම­යෙන් ලබයි. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත් වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබේ. ලාභ ප්‍රයෝ­ජන අත්පත් වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට අලුත් විෂ­යන් ඉගෙ­නී­මට ලැබේ.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

කුම්භ

ආදායම් ලැබීම ශුභයි

ලග්නා­ධි­පති ශනි, ගුරු, රවි, බුධ, කේතු අය­ස්ථ­නයේ ද රාහු 5, සිකුරු 12, සඳු 6 ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ කිසි­යම් මට්ට­මක සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. ආදා­යම් ලැබීම අතින් ශුභ­දා­ය­කයි. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තද ලෙස වෙහෙස මහන්සි වී ක්‍රියා කිරී­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා තද ලෙස මහන්සි විය යුතුයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට ශුභයි. සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූශ්‍යා­බාධ මතු කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

බාධා සහි­තයි

ලග්නා­ධි­පති ගුරු ස්වක්ෂේ­ත්‍රව 10, ශනි, බුධ, රවි, කේතු සම­ගයි. රාහු 4 සිටී. සිකුරු 11 ද, සඳු 5 ද ගෝච­රය වේ. එම පිහි­ටීම ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ගැටලු ඉස්මතු කළ හැකිය. ඉතා ඉව­සී­මෙන් ක්‍රියා කරන්න. කෙටි ගම­න්බි­මන් බහුල වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි. ණය­තු­රු­ස්වීමේ ඉඩක් පවතී. ගෙද­ර­දොර කට­යුතු සහ යුග­දි­විය සම්බන්ධ කට­යුතු කර­ගෙන යෑමේ දී ඉතා­මත් බුද්ධි­මත්ව ද ඉව­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් කරන අයට උත්සා­හය තුළ යහ­පත් පල ලබයි. මුත්‍ර දෝෂ, උද­රා­ශ්‍රිත රෝග, තුවාල පීඩා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

 

Comments