මේෂ
දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන්
ලග්නාධිපති කුජ 8, සඳු 7, රාහු 3, රවි, බුධ 10, සිකුරු 11, ගුරු, ශනි, කේතු 9 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය හා රැකියා කටයුතු සම්බන්ධයෙන් ද, අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබෙන අතර කටයුතු සාර්ථක කරගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. එහෙත් වියදම් පක්ෂය ද ඉහළ යයි. ගමන් බිමන් අධිකයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසු වන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් කෙරෙහි අවධානයෙන් සිටී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
ගෙදරදොර කටයුතු යහපත්
ලග්නාධිපති සිකුරු 10, රවි, බුධ 9, රාහු 2, ශනි, ගුරු, කේතු 8, කුජ 9, සඳු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. විශේෂයෙන්ම වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. අන්‍යයන්ගේ සහාය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. ආර්ථික වශයෙන් යහපත් වුවත් විටෙක වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල නියුක්ත අයට සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූශ්යාබාධ, මූත්‍ර දෝෂ, වාතාබාධ යනාදියෙන් වැටීම්, තැළීම්වලින් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
වියදමට සරිලන ආදායමක්
ලග්නාධිපති බුධ, රවි සමග 8, ගුරු, ශනි, කේතු 7, රාහු ලග්නයේ ද යෝගකාරක සිකුරු 9, සඳු 5, කුජ 6 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බාධා ප්‍රමාදතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සාමාන්‍ය වේ. තමාගේ වියදමට සරිලන ආදායමක් ලබනු ඇත. කෙසේ වුවත් කෙටි ගමන්බිමන් අධික වීම තුළ නිෂ්ඵල වියදම්වලට ඉඩ පවතී.
ගෙදරදොර කටයුතුවල දී සුළු බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. උදරගත පීඩා, ස්නායු, නහර දුර්වලතා යනාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
මිල මුදල් කටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති සඳු 4 දිග්බලයි. කුජ යෝගකාරකයා වී 5 ද, රාහු 12, ගුරු, ශනි, කේතු 6, රවි, බුධ 7, සිකුරු 8 ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් ගැන බැලීමේ දී මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ඉතා කල්පනාකාරී විය යුත්තේය. මිල මුදල් හානිය හෝ වියදම් අධිකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී වඩාත් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වඩාත් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතු මෙන්ම ගණිත මිණිත ආශ්රිත කටයුතු, සන්නිවේදන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ව්‍යාපාර කටයුතුවලින් වාසි
ලග්නාධිපති රවි, බුධ 6, සිකුරු 7, ගුරු, ශනි, කේතු 5, කුජ 4, සඳු 3, රාහු 11 ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී ව්‍යාපාරික අංශවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලබයි. වාසි සැලසේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රයේ දී තරමක් කල්පනාකාරී වන්න. විටින් විට සුළු සුළු බාධා ඉස්මතු වේ.
ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් එතරම්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතු, ගුප්ත ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් පෙන්වයි. උදරගත පීඩා, හෘදගත පීඩා, මේදය අධික වීමෙන් සෑදෙන රෝගාදියෙන් පර්ස්සම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
වෘත්තීය රැකීරක්ෂා කටයුතු සාර්ථකයි
ලග්නාධිපති බුධ, රවි සමග පූර්ව පුණ්‍යස්ථානයේය. සඳු 2, කුජ 3, ශනි, ගුරු, කේතු 4, සිකුරු 6 සිටී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබේ. ඒ තුළ තම කටයුතු සාර්ථක කරගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක බවක් උදා කරයි. රුධිර පීඩනය, මුත්‍ර දෝෂ, මේදය අධිකවීමෙන් සෑදෙන රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
විදේශගතවීම්වලට ඉඩ
ලග්නාධිපති සිකුරු 5, රවි, බුධ 4, ගුරු, ශනි, කේතු 3, සඳු ලග්නයේ ද, කුජ 2, රාහු 9 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා වශයෙන් ශුභදායක වේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. විදේශගතවීම්වලට ඉඩ සලසා ගත හැකිය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග සලසා ගත හැකිය. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. නොඑසේ නම් සුළු වශයෙන් හෝ ආකූලතා මතු කළ හැකි බැවිනි. දරුවන්ගේ කටයුතුවල සාර්ථක පලයක් ලබයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
ආර්ථික වාසි
ලග්නාධිපති කුජ ලග්නයේ රුචක යෝගයයි. ගුරු, ශනි, කේතු 2, රාහු 8, සඳු 12, රවි, බුධ 3, සිකුරු 4 ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා ප්‍රමාදතා ඉස්මතු කළ හැකි බැවිනි.
කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් සමඟිය සාමය සුරක්ෂිත කරගත හැකිය.
දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ලේ දූශ්යාබාධ උෂ්ණාධික රෝග. ඇස්වල දුර්වලතා මතු කළ හැක.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
දියුණුව ගෙන දේ
ලග්නාධිපති ගුරු ස්වක්ෂේත්රව ලග්නයේ දිග්බලයෙන් ශනි, කේතු සමඟ සිටී. රවි, බුධ 2, සිකුරු 3, රාහු 7, සඳු 11, කුජ 12 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා අංශවල දී සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. දියුණුවක් ගෙන දේ. මිල මුදල් ලැබීම යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යා හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ සාර්ථක ප්‍රතිඵල ලබන අතරම සමඟිය සාමය සුරක්ෂිත කරගත හැකිය. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයි. අධ්‍යාපන කටයුතුවල යෙ දී සිටින අයට සිය උත්සාහය තුළ අලුත් විෂයයන් කෙරෙහි හිත යොමු කළ හැකිය. හිසරදය, ස්නායු දුර්වලතා ආදියට ඉඩ පවතී.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
බාධා මැද රැකියාවේ දියුණුව
ලග්නාධිපති ගුරු, කේතු 12, රාහු 6, රවි, බධ ලග්නයේ ද, සිකුරු 2, කුජ 11, සඳු 10 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සුළු බාධා ඉස්මතු වුවත් ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගත හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ලාභ ප්‍රයෝජන අත් වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. බඩවැල් ආශ්රිත පීඩා, උෂ්ණාධික රෝග, රුධිර පීඩනය, මලබද්ධය යනාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
වියදම් පක්ෂය ඉහළ යයි
ලග්නාධිපති ශනි, ගුරු, කේතු අයස්ථානයේය. රාහු 5, රවි, බුධ 12, යෝගකාරක සිකුරු ලග්නයේ, කුජ 10 දිග්බලයෙන් ද සඳු 9 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී තම කටයුතු කිරීමේ දී යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා ඉවසීමෙන් ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රවලදී බාධා ප්‍රමාදතා ඇති විය හැකිය . මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවන නමුත් විටෙක වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවලදී වෙනදාට වඩා මහන්සියෙන් ද වෙහෙසවීද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ඉවසීම අවශ්‍යයි
ලග්නාධිපති ගුරු, ශනි, කේතු 10, රාහු 4, රවි, බුධ අයස්ථානයේ ද, සිකුරු 12, සඳු 8, කුජ 9 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී ඉතා බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම යහපත් නැත. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය අධික වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී නොවුවහොත් ණයතුරුස්වීමේ ඉඩ මතු වේ. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී කේන්ති යන ගති ඉස්මතු වේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය අවශ්‍යයි. අධ්‍යාපන අංශවලදී ඉතාම උනන්දු වන්න. ඇදුම, පපුව, පෙණහැල්ල ආශ්රිත රෝග, සෙම් පීඩා, ලේ දූශ්යාබාධ යනාදියෙන් පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා