කල දවස | සිළුමිණ

කල දවස

 

 

 මිල මුදල් ලාභ අත් වේ. ඛනිජ සම්බ­ත්ව­ලින් ලාභ­ලබා ගත හැකිය. ධනය එක්රැස් කර ගැනී­මට උනන්දු වේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. රැකියා සහ වෘත්තීය කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. විදේ­ශ­ගත වීම්ව­ලට ඉඩ සැලසේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට උසස් ඉගෙ­නී­ම්ව­ලට බැඳී කට­යුතු කළ හැකිය. තරුණ තරු­ණි­යන් අතර රහස් ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. ගෙද­ර­දොර වැඩ යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. ආග­මික පූජ­ක­ව­ර­යන් සමඟ ආශ්‍රය ඇති වේ. කෙසේ වුවත් අන­තුරු පීඩා­ව­ලින් පරිස්සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

ලග්නා­ධි­පති සිකුරු අය­ස්ථා­නයේ උච්චයි. 13 දින සිට රවි කර්ම­ස්ථා­න­ගත වී දිග්බ­ලය ලබයි. යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළත් තමාගේ දියු­ණු­වට වැඩ­ක­ට­යුතු සැලසේ. රෙදි­පිළි, ඇඳුම් පැල­ඳුම් ලැබෙන කාල­යක් වේ. වෙළෙ­ඳා­මට අවශ්‍ය බඩු­මුට්ටු ලබයි. වෙළෙඳ ව්‍යාපාර කට­යුතු රැකියා කට­යු­තු­ව­ලට ශුභයි. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් වේ. අන­තුරු පීඩා තුවාල යනා­දි­යට ඉඩ පවතී. කුජ, ගුරු, කේතු අටේ ගම­න්ගනී. කලවා ආශ්‍රිත තුවාල ඇති කළ හැක. ලේ දූශ්‍යා­බාධ, මූත්‍ර දෝෂ, වයිරස් රෝගා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

 

 

මේ කාලයේ දී නිෂ්ඵල ලෙස මිල මුදල් හානි­යක් හෝ විය­දම් අධික බවක් පෙන්නු­වත් මුතු මැණික් අභ­රණ ලාභ ලැබීමේ ඉඩක් පවතී. විවිධ ක්ෂේත්‍ර­ය­න්ගෙන් ආදා­යම් ලැබුණ ද ඔබට විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අසීරු වේ. වෘත්තීය සහ රැකියා අංශ­වල දී කලා­ත්මක ක්ෂේත්‍ර, සිනමා ක්ෂේත්‍ර මෙන්ම සෞන්දර්ය ක්ෂේත්‍ර­යන්ට යොමු වී කට­යුතු කරන අයට ලාභ ප්‍රයෝ­ජන මෙන්ම රැකියා දියු­ණුව ලබයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා, මුත්‍ර දෝෂ බල­පායි. දරු­වන්ගේ කට­යු­තු­වල ක්‍රමික දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ නියුක්ත අයට සෞන්දර්ය අංශ­වල නියුක්ත අයට ශුභ­දා­ය­කයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

 

 

 උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරීමේ දී වඩාත් සැල­කි­ලි­මත් වන්න. නොඑසේ නම් දෝෂා­රෝ­ප­ණ­යන්ට සහ චෝද­නා­වන්ට ලක් විය හැකි බැවිනි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ද ප්‍රවේ­සම් වන්න. නාස්ති­කාර විය­ද­ම්ව­ලට ඉඩ මතු කළ හැකි බැවිනි. ලේ දෝෂ, අධික රුධිර පීඩ­නය, අර්ශස් වැනි රෝග, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යු­තු­වල නියුක්ත අයට ශුභයි. කෙටි ගම­න්බි­මන් බහුල වේ. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

 

 

 

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­වල දී ද සම­ඟි­යට සාම­යට බාධා අව­හි­රතා ඇති කළ හැකි බැවින් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා මතු කළ හැකිය. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී නොවු­ණ­හොත් අලාභ පාඩු­ව­ලට ඉඩ පවතී. නිෂ්පල ගමන් මෙන්ම විය­දම් ඇති වේ. තරුණ තරු­ණි­යන්ගේ ප්‍රේම සම්බ­න්ධ­තා­ව­ලට බාධා ඇති කරයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට ඉගෙ­නී­මට පරි­බා­හිර දේව­ලට හිත ඇදී යයි. ස්ත්‍රී පක්ෂය සමඟ කට­යුතු කිරීමේ දී වඩාත් සැල­කි­ලි­මත් වන්න. අක්මා දෝෂ, බඩ­වැල් ආශ්‍රිත පීඩ, මල­බ­ද්ධය යනා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

 

 

 

 ශරීර සනී­පය ඇති වේ. අස­නීප ගති ක්‍රම­යෙන් පහ වී යයි. කල­බ­ල­කාරී කට­යු­තු­ව­ලින් ඈත් වී සැන­සිල්ලේ ක්‍රියා කරයි. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු සාර්ථක වේ. ඥාති මිත්‍රා­දීන් තමා සොයා­ගෙන පැමිණේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. සමා­ජීය කට­යු­තු­ව­ලට යහ­පත්ය. විටෙක සුළු බාධා අව­හි­ර­තා­වන්ට ඉඩ නැත්තේ ද නොවේ.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

 

 

 විදේ­ශීය සබ­ඳතා මත කරන කට­යු­තු­ව­ලට ශුභයි. කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබා ගනී. කෙසේ වුවත් අන්‍ය­යන් සමඟ කට­යුතු කිරීමේ දී කල්ප­නා­කාරී විය යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කළ හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටීම අව­ශ්‍යයි. උෂ්ණා­ධික, පිත්තා­ධික රෝග, වයිරස් රෝග, බෝවන රෝගා­දි­යෙන් ද පරිස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

 

 

අලං­කාර වස්ත්‍ර ලැබේ. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. විවාහ වීමට සුදුසු වයසේ පසු වන අයට මංගල යෝජනා උදා වේ. කෙසේ වුවත් යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා මතු කළ හැකිය. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ඉගෙ­නී­මට පරි­බා­හිර දේව­ලට හිත ඇදී යන නිසා උත්සා­හ­යෙන් ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සාර්ථක ප්‍රති­ඵල ලැබීම අසී­රුයි. මේදය අධික වීමෙන් සෑදෙන රෝග, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

අන­තුරු පීඩා, තුවාල යනා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. වතු­රෙන් අගු­ණයි. ආදා­යම් ලැබීම අතින් අය­හ­පත් නැත. නමුත් විය­දම් ඉහළ යයි. මුදල් රඳවා ගැනීම අප­හ­සුයි. ගම­න්බි­මන් බහු­ලයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරීමේ දී පරිස්සම් වන්න. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකි බැවිනි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ද කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

සතුරු කර­දර බාධා ඉස්මතු වුව ද ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන තමාගේ කට­යුතු සාර්ථක කර ගනී. උසස් නිල­ධා­රීන්ගේ ආධා­රය උප­කා­රය ලැබේ. හිත මිත්‍ර ආශ්‍ර­යන් වර්ධ­නය වේ. සමා­ජයේ උසස් තත්ත්ව­ය­කට යොමු වේ. ගෙද­ර­දොර කට­යුතු සාමාන්‍ය වේ. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. උෂ්ණා­ධික රෝග, රුධිර පීඩ­නය, මල­බ­ද්ධය, අර්ශස් වැනි රෝගා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

 

 

මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අසී­රුයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී අධික ලෙස වෙහෙස මහන්සි වීමට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි සැල­කි­ලි­මත් වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

 

 

එම ග්‍රහ පිහි­ටීම තුළ සෞන්දර්ය, සංගී­තය, නර්ත­නය වැනි විෂ­ය­යන් කෙරෙහි නියුක්ත අයට කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද මිශ්‍ර­පල වන්නේ විය­දම් අධික නිසාය. සමා­ජයේ කිසි­යම් ස්ථාන­ය­කට පත් වේ. එහෙත් හවුල් කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකිය. සතුරු කර­දර බාධා ඉස්මතු වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

 

Comments