කලදවස | සිළුමිණ

කලදවස

 මේෂ

ගෙදරදොර කටයුතු යහපත්

කරගෙන යන කටයුතුවල වෙනස්කම් ඇති වේ. නිෂ්පල වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. කෘෂිකාර්මික කටයුතු, භූමිය ආශ්‍රිත කටයුතුවලින් කිසියම් පල ප්‍රයෝජනයක් ලැබිය හැකිය. නීතිමය ප්‍රශ්නවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දූ දරුවන්ගේ කටයුතු උදෙසා සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ දී කල්පනාකාරී වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

 වෘෂභ

හවුලට කරන කටයුතුවලින් පාඩු

වෙහෙස ඇති ගමන් යෑමට සිදු වේ. තමා ගැන නරක ආරංචි පැතිර යෑමේ ඉඩක් පවතී. අනතුරු පීඩා, තුවාලවලට ඉඩ ඇති නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. සිකුරු උච්චව අයස්ථානයේය. තම කටයුතුවල දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැකිය. විටෙක සිතේ තිබූ බලාපොරොත්තුවක් ඉටු නොවේ. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. හවුලට කරන කටයුතුවලින් අලාභ පාඩු සිදු වනු ඇත. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 06, දිනය- සිකුරාදා

 

 මිථුන

රාජකාරි ගමන්බිමන් අධිකයි

තමාට නොගැළපෙන අය සමඟ කටයුතු කිරීමට යෑමෙන් වළකින්න. නීතිමය ප්‍රශ්නවලට ඉඩ මතු කළ හැකි බැවින් ප්‍රවේසම් වන්න. රැකියා ස්ථානයේ හෝ කාර්යාලයේ වැඩ කරන අය සමඟ කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධයෙන් අයහපත්ම නොවේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ අලුත් විෂයයන් ඉගෙනීමට හැකියාව ලැබේ.

ජය වර්ණය- කොළ, අංකය- 05. දිනය- බදාදා

 

 කටක

අධ්‍යාපන අංශවල සාර්ථක ප්‍රතිඵල

මෙම සතිය තුළ ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු කිහිපයක් ලබාගනී. අලුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. යම් යම් බාධා ඇතත් වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රවල කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුළු වශයෙන් හෝ වාසි සහගතයි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කිරීම අපහසු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවලදී සාර්ථක ප්‍රතිඵල ලබයි. තුවාල පීඩා, උෂ්ණාධික රෝගවලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

 සිංහ

සුළු දේවලින් පවා ලාබ

මෙම සතියේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී විය යුතුයි. එසේම තරමක් හිතුවක්කාරී වේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා හදිසි විවාහ රහස් සම්බන්ධතාවලට ඉඩ පවතී. කල්පනාකාරී වන්න. වෘත්තීය වශයෙන් නැවතී තිබුණ කටයුතු කිහිපයක් ආරම්භ කරයි. එසේම නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. පවුලේ දියුණවුක් ඇති වේ. සමාජය තුළ යහපත් පිළිගැනීමක් ලැබේ. ගමන්බිමන්වලට පහසුකම් ඇැත. තාක්ෂණික, ඉංජිනේරු අංශවලට යෙදී සිටින අයට ශුභයි.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

 කන්‍යා

මුදල් ලැබුණත් වියදම අධිකයි

උසස් නිලධාරින් සමඟ කටයුතු කිරීමේ දී තරමක් ඉවසීමෙන් යුතුව ක්‍රියා කරන්න. අනවශ්‍ය වැඩ කිරීමට යෑමෙන් යම් යම් අපහසුතා ඉස්මතු විය හැකිය. වෘත්තීය සහ රැකියා අංශවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබීමට යහපත් වුව ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ඉගෙනීමේ කටයුතුවලට අමතර දේවලට ඉඩ ලැබේ.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

 තුලා

ගෙදරදොර වැඩවලට බාධා නෑ

ගමන්බිමන්වල දී අවහිරතා මතු වේ. විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. ඉගෙනීමේ කටයුතුවලට පරිබාහිර දේවලට හිත ඇදී යයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වැඩි අවහිරතා තොරව ක්‍රියා කරයි. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

 

 වෘශ්චික

මිල මුදල් ලාභ

මිල මුදල් ලැබීම සම්බන්ධයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික ලාභ ලබා ගනී. එසේ වුවත් වියදම් පක්ෂය ගැන සැලකිලිමත් වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ඇති වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි යොමු වීමට පුළුවන.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

 

 ධනු

වියදම් අධිකයි

ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. ශරීර උෂ්ණය උගුර, බෙල්ල ආශ්‍රිත පීඩ, රුධිර පීඩනය යනාදියෙන් ප්‍රවේසම් වන්න. වෘත්තීය සහ රැකියා අංශවල දී රාජකාරි කටයුතු උදෙසා විටෙක වෙහෙස ඇති ගමන් යාමට සිදු වේ. තමාගේ වැඩට වඩා අන්‍යයන්ගේ කටයුතුවලට වෙහෙස මහන්සි වී ක්‍රියා කළ හැකිය. ස්ථානගත වෙනස්කම් ඇති වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති කළත් වැඩිහිටි විරෝධය මතු වේ.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

 මකර

ආගමික නැඹුරුව

වෙනදාට වඩා ආගමික අංශයට නැඹුරුවක් පෙන්වයි. සිද්ධස්ථාන කරා යනු ඇත. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවත් සිය උත්සාහය තුළ ඒවා මැඬපවත්වාගෙන කටයුතු කළ හැක. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලබනු ඇත. ආගමික නැඹුරුව නිසා එවනි අංශවලට වන වියදම් අධික වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

 

 කුම්භ

රැකීරක්ෂා කටයුතු සාර්ථකයි

මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. නොඑසේ නම් අලාභ පාඩුවලට ඉඩ පවතී. විටෙක බලාපොරොත්තු අදහස් කැඩී බිඳී යන්නේ ඒවාට වියදම් වූ විටදීය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සාර්ථක කරගනී. යම් අවස්ථාවල ස්ථානගත වෙනස්කම් ඇති කරයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. තාක්ෂණික, ඉංජිනේරු ක්ෂේත්‍රයන්ට අදාළ විෂයයන්වල යෙදී සිටින අයට කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

 

 මීන

කලා කටයුතුවලට ශුභයි

සෞන්දර්යයන්ට, කලා ක්ෂේත්‍රයට, සංගීතයට වැනි දේවලට ශුභයි. ආදායම් ලැබුණ ද ඔබට වියදම් පාලනය කිරීම අපහසු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. සමගිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. ඉගෙනීම් කරන අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

Comments