දෝෂා­භි­යෝ­ගය නිසා ට්‍රම්ප්ට යන්න වෙයිද? | සිළුමිණ

දෝෂා­භි­යෝ­ගය නිසා ට්‍රම්ප්ට යන්න වෙයිද?

ලය ලබා ගැනීම පම­ණක් නොව බලය රැක ගැනී­ම­ටද පාල­ක­යකු මුහුණ දෙන ප්‍රධාන අභි­යෝග දෙකකි. අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අභි­යෝග දෙක­ටම එක­වර මුහුණ දී සිටි­න්නේය. ඔබා­මාගේ ධූර කාල දෙකක සාර්ථක පාල­න­ය­කින් පසු ඩිමො­ක්‍ර­ටික් පාල­නය අව­සන් කර­මින් රිප­බ්ලි­කන් පක්ෂ­යෙන් ට්‍රම්ප් බල­යට පත් වූයේය. එහෙත් ඔහුට බල­යට පත්වූ දා සිට ඩිමො­ක්‍ර­ටික් පාක්ෂික කකු­ලෙන් අදි­න්නන්ගේ අභි­යෝ­ග­ව­ලට නොඅ­ඩුව මුහුණ දීමට සිදු­විය. එහි උච්ච­තම අව­ස්ථාව ලෙස මේ දින­වල පැවැ­ත්වෙන දෝෂා­භි­යෝ­ගය දැක්විය හැකිය.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට එල්ල වන දෝෂා­භි­යෝ­ග­යක් එරට පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ල­යෙන් සහ සෙනේට් මණ්ඩ­ල­යෙන් සම්මත විය යුතුය. මේ වන විට පාර්ලි­මේ­න්තුවේ පව­තින සංයු­තිය අනුව සෙනේට් මණ්ඩ­ලයේ වැඩි බලය ට්‍රම්ප්ගේ රිප­බ්ලි­කන් පක්ෂය සතු වන අතර නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ වැඩි බලය ඩිමො­ක්‍ර­ටික් පාක්ෂි­ක­යන් සතු වේ. ඒ අනුව ජනා­ධි­පති ට්‍රම්ප්ගේ දෝෂා­භි­යෝ­ගය නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ල­යෙන් සම්මත වුවද සෙනේට් මණ්ඩල ඡන්ද­යෙන් ඔහුට කිසි­යම් රැක­ව­ර­ණ­යක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

මෑත කාලින ඉති­හා­සයේ ජනා­ධි­පති ධූර­යට පත්වූ සෑම අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යෙක්ම ධූර කාල දෙකක් සේවය කළ අතර ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාද ලබන වස­රේදී යළිත් දෙවැනි ජන­ව­රම උදෙසා තර­ඟ­වැ­දීමේ බලා­පො­රො­ත්තු­වෙන් සිටි­න්නේය. එහෙත් ඩිමො­ක්‍ර­ටික් පාක්ෂි­ක­යන් ඔහුට පහසු ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගැනී­මට අව­ස්ථාව දෙනු ඇතැයි බලා­පො­රොත්තු විය නොහැ­කිය.

ලබන වස­රේදී ඔහුගේ ප්‍රධාන ප්‍රති­වා­දියා වනු ඇතැයි දැනට විශ්වාස කෙරෙන්නේ හිටපු ජනා­ධි­පති ඔබා­මාගේ උප ජනා­ධි­පති වූ ජෝ බයි­ඩන්ය. ඔහුගේ පුත්‍ර­යාගේ යුක්රේන සමා­ග­මක සිදුවු අයථා ගනු­දෙ­නු­වක් සම්බ­න්ධව සඳ­හන් කර­මින් යුක්රේ­නයේ අලු­තෙන් පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­යාට බල­පෑම් කළේය යන්න ජනා­ධි­පති ට්‍රම්ප්ට ඩිමො­ක්‍ර­ටික් පක්ෂය විසින් දෝෂා­භි­යෝ­ගය ගෙන එමින් එල්ල කර ඇති චෝද­නාව වේ. මේ දෝෂා­භි­යෝ­ගය පාර්ලි­මේ­න්තුවේ මණ්ඩල දෙකින්ම සම්මත වුව­හොත් ජනා­ධි­ප­ති­ව­ර­යාට තම ධූරය හැර යෑමට සිදු­වනු ඇත.

කෙසේ වුවද ව්‍යාපා­රික ලෝකයේ ජය කෙහෙලි නැංවූ, අමෙ­රි­කානු ජාතිකවාදය ඉතා සූක්ෂ්මව කර­ළි­යට ගෙන එමින් ජනතා හද බැඳ­ගැ­නී­මට දේශ­පා­ල­නික ඥාන­ය­කින්ද සම­න්විත වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ග­යකු මේ කිසි­ව­කින් පසු බසිනු ඇතැයි සිතිය නොහැ­කිය. ඇතැ­ම්විට ලබන වසරේ මැති­ව­ර­ණ­යේදී මේ සියල්ල තම වාසි­යට හරවා ගැනී­මට වුවද ඉඩ ඇත.

Comments