සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 27 සිට නොවැ: 02 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 27 සිට නොවැ: 02 තෙක්)

මේෂ

 ගෙද­ර­දොර කට­යුතු යුග­දි­විය යහ­පත්

ලග්නා­ධි­පති කුජ හයේ ද, රවි හතේ ද, ගුරු, බුධ, සිකුරු 8 ද, ශනි, කේතු 9, රාහු 3 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී අන්‍ය­යන්ට යටත් නැතිව තමාගේ මත­ය­ටම අනු­කූ­ලව ක්‍රියා කරයි. වෘත්තීය සහ රැකියා කට­යුතු යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. එහෙත් සමා­ජීය කට­යු­තු­ව­ලදී උගත් අයගේ ආශ්‍ර­යෙන් තර­මක් ඈත් විය හැකිය. ගෙද­ර­දොර කට­යුතු, යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. ක්‍රම­යෙන් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­කාශ ලැබේ. උෂ්ණා­ධික රෝග, බෝවන රෝග, වෛරස් රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

විය­දම් පාල­නය කිරීම අසීරු වෙයි

ලග්නා­ධි­පති සිකුරු, ගුරු, බුධ 7 වැන්නේ ද, 2 රාහු ද, 8 ශනි, කේතු ද, කුජ 5 ද, රවි 6 ද ගමන් ගනී. අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබීම තුළ දුක් කර­ද­ර­ව­ලින් නිද­හස් වීමට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් යම් බාධා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම යහ­පත් වුවත් විය­දම් පක්ෂය අධි­කයි. පාල­නය කර ගැනීම තර­මක් අසී­රුයි. ගෙද­ර­දොර කට­ය­තු­වල දී සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් සාමාන්‍ය වේ. ඔවුන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන අංශ­ව­ලට වඩා ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර­යන්ට ශුභ­දා­යක වේ. ආග­මික පසු­ත­ල­යක් තුළ කට­යුතු කරයි. ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝග, මූත්‍රා දෝෂ බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන

රැකී­රක්ෂා කට­යු­තු­ව­ලට බාධා

ලග්නා­ධි­පති බුධ, ගුරු, සිකුරු සමග 6 වැන්නේය. කුජ 4 ද, රවි 5 ද, රාහු ලග්නයේ ද, ශනි, කේතු 7 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී පවුලේ අය අතර අස­ම­ගිතා ඇති කරයි. ඔවුන් අතර වෙන­ස්කම් ඇති වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කරයි. එම නිසා කල්ප­නා­කාරී විය යුතුයි. ආර්ථික වශ­යෙන් ද එත­රම්ම සාර්ථක නැත. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු යහ­පත් වේ. එහෙත් සුළු වශ­යෙන් හෝ බාධා ඇති වේ. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් විය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභ­දා­යක වේ. අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට ඉඩ ලැසේ. උෂ්ණා­ධික රෝග, ස්නායු දුර්ව­ල­තා­දි­යෙන් පීඩා ඇති කරයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

 සිත් පීඩා, සිත් කල­කි­රීම්

යෝග­කා­රක කුජ 3 ද, ගුරු, බුධ, සිකුරු 5 ද, ශනි, කේතු 6 ද, රාහු 12 ද සිටී. රවි 4 ය. හම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී යම් යම් අව­ස්ථා­වල සිත් පීඩා, සිත් කල­කි­රීම් යනා­දි­යට ඉඩ පවතී. වෘත්තීය සහ රැකියා අංශ­වල දී ද විටෙක බාධා අව­හි­රතා මධ්‍යයේ තමාගේ කට­යුතු සිදු කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. එසේ වුවත් අන­පේ­ක්ෂිත සිද්ධීන් මතු වීම තුළ විය­දම් පක්ෂය ඉහළ යයි. මුදල් ඉතිරි කර­ගැ­නීම අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් යහ­පත් වේ.

සම­ඟාය සාම­යට බාධා අව­හි­රතා එල්ල නොවේ. දරු­වන්ග් කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට යහ­පත්ය. උද­රා­ශ්‍රිත රෝග, මූත්‍රා දෝෂ, බඩ­වැල් ආශ්‍රිත පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ

ක්‍රම­යෙන් ශුභයි

ලග්නා­ධි­පති රවි 3 ද, යෝග­කා­රක කුජ 2 ද, ගුරු, බුධ, සිකුරු 4 ද, ශනි, කේතු 5 ද, රාහු 11 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී සුළු බාධා අව­හි­රතා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි­දා­යක තත්ත්ව­යක් උදා වනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත් වුව ද විය­දම් පක්ෂය පාල­නය කිරීම තර­මක් අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තර­මක් දුරට ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යෙන් කට­යුතු කළ යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා, ස්නායු දුර්ව­ලතා ඇති කළ හැකිය.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

 විවිධ ක්ෂේත්‍ර­ව­ලින් ආර්ථික වාසි

ලග්නා­ධි­පති බුධ, ගුරු, සිකුරු 3 ද, කුජ ලග්නයේ ද, ශනි, කේතු 4 ද, රවි, 2 ද ගම­න්ගනී. එම කරුණු ගැන සැල­කීමේ දී තමාගේ කට­යුතු උදෙසා විටෙක බාධා අව­හි­රතා මධ්‍යයේ ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටින් විට ප්‍රමා­දතා ඇති කරයි. ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් පෙන්වයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභ­දා­යක වේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා

ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි

ලග්නා­ධි­පති සිකුරු, ගුරු, බුධ 2 ය. රවි ලග්න­යේය. කුජ 12 ද, ශනි, කේතු 3 ද, රාහු 9 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබීම ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නැත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී වුව ද බාධා සහි­තයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. දියු­ණුව ලබයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වඩාත් ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වේ. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සුළු බාධා අව­හි­රතා ඇති කළ හැකිය. ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි

ලග්නා­ධි­පති කුජ අය­ස්ථා­න­යේය. රවි 12 ද, ගුරු, බුධ, සිකුරු ලග්නයේ ද ශනි, කේතු 2 ද, රාහු 8 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තමාගේ කට­යු­තු­ව­ලට බාධා ප්‍රමා­දතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී ද ප්‍රමා­ද­තා­වන්ට ඉඩ මතු වේ. උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද උන­න්දු­වෙන් ද, විම­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟි­යට සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. .

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 

දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­න­යෙන් සිටින්න

ලග්නා­ධි­පති ගුරු, බුධ, සිකුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද, රවි 11 ද, කුජ 10 ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී සිය උත්සා­හය සහ කැප­වී­මෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ගත හැකිය. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය සහ කැප­වී­මෙන් තමාගේ කට­යුතු යහ­පත්ය. ආර්ථික වශ­යෙන් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි.

අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රත­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර

අන්‍යන්ගේ සහා­යෙන් වැඩ­ක­ට­යුතු සාර්ථක වෙයි

ලග්නා­ධි­පති ශනි, කේතු 12, රාහු 6, රවි 10, කුජ 9, ගුරු, බුධ, සිකරු අය­ස්ථා­නයේ ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබී තමාගේ වැඩ­ක­ට­යුතු සාර්ථක කර­ගත හැකිය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි­දා­ය­කයි. ලාභ ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂය කෙරෙහි අව­ධා­නය යොමු වේ. රුධිර පීඩ­නය, ලේ දූෂ්‍යා­බාධ, වාත­ර­ක්තය වැනි රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය-- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ

බාධා අව­හි­රතා පැන නඟී

ලග්නා­ධි­පති ශනි අය­ස්ථායේ, කෙතු සම­ඟයි. රාහු 5, ගුරු 10, බුධ, සිකුරු 10,රවි 9, කුජ 8 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යු­තු­ව­ලදී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ.

යම් යම් බාධා අව­හි­රතා විටින් විට පැන නඟී. ආර්ථික වශ­යෙන් කිසි­යම් සාර්ථක බවක් පෙන්නුව ද විටෙක ඔබ බලා­පො­රොත්තු වන තර­මට ආදා­යම් නොලැබේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී අය­හ­පත් නොවේ. එහෙත් වෙහෙස මහන්සි වීමට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. උෂ්ණා­ධික රෝග, වෛරස් රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- -08, දිනය- සෙන­සු­රාදා

 

මීන

 විය­ද­මට සරි­ලන ආදා­යම්

ලග්නා­ධි­පති ගුරු, බුධ, සිකුරු භාග්‍ය­ස්ථා­නයේ, ශනි, කේතු 10, රාහු, 4, රවි 8, කුජ 7 ගෝච­රය වේ. එම කරුණු ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකි ඉබැ­වින් බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශ­යෙන් අය­හ­පත් නොවේ.

තමාගේ විය­ද­මට සරි­ලන ආදා­යම් ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් යුග­දි­වියේ සාමය, සතු­ටට බාධා ඇති කළ හැකිය.

දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීමේ යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. රුධිර පීඩ­නය, පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ බල­පායි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments