හබරණටත් වඩා ලොකු තායි අලි ඛේදවාචකය | සිළුමිණ

හබරණටත් වඩා ලොකු තායි අලි ඛේදවාචකය

මිනි­සුන් වන අපි අපගේ දරු­වන්ට බෙහෙ­වින් සෙනෙ­හස දක්වමු. එහෙත් තිරි­සන් සතුන් අතර මිනි­සු­න්ටත් වඩා ස්වකීය දරු­වන්ට සෙනෙ­හස දක්වන, ඇතැම් විට දරු­වන් වෙනු­වෙන් ජීවි­තය පවා පූජා කරන සතුන් සිටින බව විශේෂ කොට දැක්විය යුතුය. මිනි­සුන් වන අප අපගේ දරු­වන් මහ­මග අත­රමං කර දමා යද්දී, ඇතැ­ම් විට සිතා මතා ඔවුන්ගේ ජීවිත හානි කිරී­මට කට­යුතු කරද්දී, ඔවුන් මවුපි­යන් නොමැ­තිව ළමා නිවා­ස­ව­ලට ගාල් කරද්දී තිරි­සන් සත්තු ඥාතී­ත්ව­යෙන් තොරව ස්වකීය කුඩා­වුන් වෙනු­වෙන් ජීවිත පූජා කරති. මෙසේ කිරී­මට තරම් උසස් මන­ස­කින් යුත් තිරි­සන් සතුන් අතර අලි­යාට හිමි­වන්නේ ඉදි­රි­පෙළ ස්ථාන­යකි.

මිය ගිය තම දරු­වාගේ සිරුර අතැර නොගොස් ඒ අස­ලට එන සතුන් මෙන්ම මිනි­සුන්ද එළවා දම­මින් කොළ අතු­ව­ලින් දරු­වාගේ සිරුර වස­මින් ආරක්ෂා කර­මින් සිටින ඇති­න්නි­යන් ගැන අපි අපේ රටේ පශු වෛද්‍ය­ව­රුන්ගේ අත්දැ­කීම් ඔස්සේ අසා ඇත්තෙමු. පසු­ගිය දිනක එක­වර ඇති­න්නි­යන් කිහිප දෙනෙකු මිය­ගිය අව­ස්ථාවේ තම මිය­ගිය මව අසල සිටි පැටවා ඇයගේ සිරුර අස­ලට කිසි­ව­කුට ලඟා වීමට ඉඩ නොදී සිරුර ආරක්ෂා කර­මින් සිටි­යෙන් පැටවා නිර්වි­න්ද­නය කර සිරුර අස­ලට ළඟා වීමට පශු වෛද්‍ය­ව­රුන්ට සිදු­විය. තිරි­සන් වුවත් තම වර්ගයේ එකි­නෙකා අතර බෙදා ගන්නා ඒ සෙනෙ­හස, අව­ධා­නය මිනි­සුන් වන අප ඇසට කඳුළු ගෙන ඒමට සමත්ය.

එවන් වූ නෙත කඳු­ළින් පුර­වන පුව­තක් පසු­ගි­යදා තායි­ල­න්ත­යෙන් වාර්තා වූයේය. ඒ පැට­වකු බේරා ගැනී­මට ගිය අලින් එකො­ළොස් දෙනෙකු එරට දිය ඇල්ල­කින් පහ­ළට වැටී ජීවි­ත­ක්ෂ­යට පත්වීමේ පුව­තයි.

ප්‍රථ­ම­යෙන්ම තායි­ලන්ත මාධ්‍ය වාර්තා කර­මින් අන්ත­ර්ජා­ල­යට මේ පිළි­බඳ පුවත එක්වූයේ පසු­ගිය සෙන­සු­රාදා (5) දින­යේය. තායි­ලන්ත බල­ධා­රීන් ප්‍රථ­ම­යෙන් හඳුනා ගත්තේ අලි මළ­සි­රුරු හයකි. මේ මළ­සි­රුරු හය තිබුණේ මධ්‍යම තායි­ල­න්තයේ ක්ගඕ යායි වනෝ­ද්‍යා­නයේ පිහිටා ඇති හේව් නරොක් දිය­ඇල්ල පාමු­ලය. ඩ්‍රෝන යානා මගින් මේ මළ සිරුරු මනාව අධ්‍ය­ය­නය කිරී­මට කට­යුතු කළ තායි­ලන්ත වන­ජීවී නිල­ධා­රීහු මේ මර­ණ­ව­ලට හේතුව අලින් දිය­ඇ­ල්ලෙන් පහ­ළට ඇද­වැ­ටීම බව තීර­ණය කළහ.

ක්ගඕ යායි වනෝ­ද්‍යා­නයේ පිහිටා ඇති හේව් නරොක් දිය ඇල්ල උසින් අඩි 500 ඉක්ම­ව­න්නේය. අපේ රටේ ඇති දිය­ඇලි සමග සසඳා බල­න­විට හේව් නරොක් දෙවැනි වන්නේ බම­ර­කන්ද සහ දිය­ලු­මට පමණි. මේ දිය­ඇල්ල උසින් වැඩි­වීම සහ පිහි­ටීමේ පව­තින භයා­නක බව හේතු­වෙන්ම අපායේ ගිරි­ක­ඳුර (Ravine of Hell) යන අන්වර්ත නාමය ලැබී තිබේ. අලින් පහ­ළට වැටී මිය­ගොස් ඇත්තේ මේ අපායේ ගිරි­ක­ඳු­රෙනි.

ප්‍රථ­ම­යෙන් සොයා ගත් අලි මළ­සි­රුරු අතර පැවති වයස අවු­රුදු 3ක් පමණ වේ යැයි සැක­ක­රන කුඩා අලි­පැ­ට­වාගේ සිරුර හේතු­වෙන් මේ අලින් මිය­ගිය හේතුව සොයා ගැනී­මට තායි­ලන්ත බල­ධා­රීන්ට හැකි­ විය. ඒ අනුව ඔවුන් පවසා සිටියේ දිය­ඇල්ලේ උඩ කොටසේ ගල්ප­ර­යක් අතර හිර වූ කුඩා පැටියා බේරා ගැනී­මට ගිය සෙසු අලින් දිය ඇල්ලෙන් පහ­ළට වැටී ඇති බවයි. තායි­ල­න්ත­ය­ටද මේ වර්ෂා සමය වන අතර වර්ෂා සමයේ හේව් නරොක් දිය­ඇල්ල ප්‍රච­ණ්ඩය.

සිදු­වීම වඩාත් ඛේද­නීය වුයේ පසු­ගිය බදාදා වන විට දිය­ඇ­ල්ලෙන් පහ­ළට වැටී තිබුණු තවත් අලි මළ­සි­රුරු පහක් සොයා ගැනීම හේතු­වෙනි. මේ මළ­සි­රුරු හඳු­නා­ගන්නා ලද්දේ ඩ්‍රෝන කැමරා මගිනි. ඒ අනුව සිදු­වීම හේතු­වෙන් මිය­ගිය අලින් සංඛ්‍යාව එකො­ළ­හක් දක්වා වැඩි විය. මේ අතර දිය ඇල්ල ඉහළ රැඳී සිටින තවත් අලින් දෙදෙ­නෙකු හඳුනා ගැනී­මට බල­ධා­රීන්ට හැකිවූ අතර ඔවුන් වහා මේ අලින් දිය ඇල්ල ඉහළ වන­යට පළවා හැරී­මට කට­යුතු කළහ. පසුව ඔවුන් ප්‍රකාශ කළ පරිදි මේ අලින් සිය­ල්ලෝම එකම රැළ­කට අයත්ය. අලි රැළක අලින් අතර ඉතා දැඩි බැඳී­මක් පව­තින අතර මේ සා විශාල දිය ඇල්ල­කින් පහ­ළට ඇද වැටී­මට හේතු වී ඇත්තේද රැළේ එකි­නෙකා වෙත දක්වන එම බැඳී­මය. තම රැළේ සාමා­ජි­ක­යන් විශාල පිරි­සක් දිය ඇල්ලෙන් පහ­ළට ඇද වැටෙද්දී දිවි බේරා­ගත් අලින්ද එම ස්ථානය අත් නොහැර සිටී­මෙන්ද ඒ බව තහ­වුරු වේ.

තායි­ල­න්තය තම භූමියේ වෙසෙන අලි සම්පත ගැන ආඩ­ම්බ­ර­යට පත් වන අතර මේ වන විට ඔවුන් සතු සමස්ත අලි සංඛ්‍යාව 300ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අනුව අලින් එකො­ළොස් දෙනෙකු එක­වර මිය­යෑම ඔවුන් විශාල අහි­මි­ වීමකි.

කෙසේ වුවද තම අලින් රැක ගැනී­මට තායි­ලන්ත බල­ධා­රීන් ඉදි­රි­යට කට­යුතු කරනු ඇත.

එක් පැටියකු වෙනු­වෙන් එකො­ළොස් දෙනෙකු ජීවිත පූජා කරයි නම් මිනි­සුන් සමග සසඳා බලන විට අලින් කොත­රම් දයාර්ද්‍ර සතුන් කොට්ඨා­ස­ය­ක් දැයි වටහා ගත හැකිය.

 

Comments