සිළුමිණ ලග්න පලාපල‍ ( සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර්: 07 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර්: 07 තෙක්)

මේෂ

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති කුජ, බුධ, සිකුරු සමඟ පූර්ව පුණ්‍ය­ස්ථා­නය වූ පස් වැන්නේය. ශනි, කේතු 9 ද, රාහු 3 ගම­න්ගනී. තම කට­යුතු කර­ගෙ­නය යෑමේ දී දෝෂා­රෝ­ප­ණ­යන්ට ලක් විය හැකිය. විරු­ද්ධ­ක­රු­වන් සමඟ කට­යුතු කිරී­මට සිදු වේ. වෘත්තීය සහ රැකි­යාවේ දී තමන්ට නොසු­දුසු අය සමඟ කට­යුතු කිරී­මට යෑමෙන් වළ­කින්න. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සම­ඟි­යට සාම­යට එත­රම් බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබා­ගනු ඇත. පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට, ගුප්ත කට­යු­තු­ව­ලට ආග­මික අංශ­යන්ට නැඹු­රුව ක්‍රියා කරයි. අන­තුරු, තුවාල, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

වෘෂභ

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති ගුරු, සිකුරු, රවි, කුජ. බුධ සමඟ හතර වැන්නේ සිටී. ශනි, කේතු 8 ද, රාහු 2 ද ගමන් කරයි. ගුරු හතේ වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී යම් බාධා අව­හි­රතා මධ්‍යයේ වුව ද කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය, උප­කා­රය ලැබිය හැකිය. ආර්ථික වශ­යෙන් ශුභ­දා­ය­කයි.

විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි දියු­ණු­වක් ලැබීමේ ඉඩ­කඩ පවතී. අධ්‍යා­පන අංශ­වල යෙදී­සි­ටින අයට අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සලසා ගත හැකිය. මූත්‍ර දෝෂ, වකු­ගඩු ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන

 

වෙළෙඳ ව්‍යාපා­ර­ව­ලින් වාසි

ලග්නා­ධි­පති බුධ, රවි, කුජ, සිකුරු තුන්වැ­න්නේය. රාහු ලග්නයේ ද, ශනි, කේතු 7, ගුරු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැල­කීමේ දී මිශ්‍ර­ප­ල­දා­යක තත්ත්ව­යක් පෙන්වයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී කිසි­යම් මට්ට­මක අභි­වෘ­ද්ධි­යක් ලබයි.

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි­දා­යක තත්ත්ව­යක් උදා කරයි. ආර්ථික වශ­යෙන් ද ශුභයි. කෙටි ගම­න්බි­මන් අධික වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ද තර­මක් ඉහළ යයි.

දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. වෛරස් රෝග, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

 

ආදා­යමේ දියු­ණු­වක්

ලග්නා­ධි­පති සඳු තුනේ වේ. රවි, කුජ, බුධ, සිකුරු දෙවැ­න්නේය. ගුරු 5 ගම­න්ගනී. එම ග්‍රහ චල­නය ගැන සැල­කීමේ දී විටෙක සුළු බාධා අව­හි­රතා ඇතත් වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ක්‍රම­යෙන් ලබනු ඇත. ආදා­යම් තත්ත්වයේ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරයි. කෙසේ වුවත් විය­දම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යෑමේ දී ඉව­සී­මෙන් ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කරනු ඇත. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු කළ හැකිය. ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ

 

ගතට සිතට සතුට

ලග්නා­ධි­පති රවි, කුජ, බුධ, සිකුරු ලග්නයේ ද, රාහු 11 ද ශනි, කේතු 5, ගුරු 4 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී කර­ගෙන යනු ලබන කට­යු­තු­ව­ලින් ද ලාභ බලා­ගෙන කරන කට­යු­තු­ව­ලින් ද සාර්ථක ප්‍රති­ඵල ලබයි.

රැකියා කට­යු­තු­වල දී අන්‍ය­යන්ගේ සහාය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු සාර්ථක කර­ගත හැකිය.

මිල මුදල් කට­යුතු යහ­පත්ය. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ.

දරු­වන්ගේ කට­යුතු ගැන අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට යහ­පත්ය. උෂ­ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

 දියු­ණු­වට බාධා

ලග්නා­ධි­පති බුධ, රවි, කුජ, සිකුරු 12 ද, ගුරු 3 ද ශනි, කේතු 4 ද, රාහු 10 ගමන් කරයි. එම ග්‍රහ පිහි­ටීම සල­කන කල තමාගේ දියු­ණු­වට බාධා අව­හි­රතා ඉස්මතු විය හැකිය. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ද එසේ­මයි.

අන්‍ය­යන්ගේ සහාය ආධා­රය උප­කා­රය ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. ව්‍යාපා­රික අංශ­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබනු ඇත. අධ්‍යා­පන කට­යු­තු­වල යෙ දී සිටින අයට යහ­පත්ය. උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා­ව­ලට ගොදුරු විය හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා

ගෙද­ර­දොර කට­යුතු හොඳින්

ලග්නා­ධි­පති සිකුරු 11 වැන්නේ රවි, කුජ, බුධ සම­ගයි. ශනි, කේතු 3 ද, රාහු 9 ද සිටී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වනු ඇත. එම නිසා කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුය. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යු­තු­ව­ලට ශුභයි. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් පෙන්වයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. තුන­ටිය ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

විය­දම් ඉහ­ළයි

ලග්නා­ධි­පති කුජ දිග්බ­ලයි. රවි දිග්බ­ලයි. බුධ සිකුරු සම­ඟයි. ශනි, කේතු 2 ද, රාහු 8 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දීමේ සතිය තුළ යම් යම් බාධා අව­හි­රතා මධ්‍යයේ ක්‍රියා කිරී­මට සිදු වේ.

උසස් නිල­ධා­රීන් සමඟ කට­යුතු කිරීමේ දී සැල­කි­ලි­මත් විය යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු වනු ඇත. මිල මුදල් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟි­යට සාම­යට බාධා එල්ල වනු ඇත. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු

සම­ප­ලයි

ලග්නා­ධි­පති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද රවි, කුජ, බුධ, සිකුරු 9 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී තර­මක් කල්ප­නා­කාරී වන්න. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. සතුරු විය­වු­ල්ව­ලට පැට­ලී­මට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය කෙරෙහි ද අව­ධා­නය යොමු කරන්න.

ගෙද­ර­දොර කට­යුතු ද දරු­වන්ගේ කට­යුතු ද ක්‍රම­යෙන් යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. දරු­වන්ගේ කට­යු­තු­වල දී අව­ධා­නය යොමු කළ යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් ප්‍රති­ඵල ලබා­ගත හැකිය. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර

අනු­න්ගෙන් උදව් උප­කාර

ලග්නා­ධි­පති ශනි, කේතු සමග 12 ද, රාහු 6 ද, රවි, කුජ, බුධ, සිකුරු අටේ ද, ගුරු 11 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබීම තුළ තමාගේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක වේ. ආර්ථික වශ­යෙන් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වී කට­යුතු කළ හැකිය. රුධිර පීඩ­නය, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ

වෙහෙ­ස­කර සති­යක්

ලග්නා­ධි­පති ශනි, කේතු සමග 11 ද, රාහු 5 ද, රවි, කුජ, බුධ, සිකුරු හතේ ද, ගුරු 10 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී දියු­ණු­වී­මට ගන්නා වූ අධික උත්සා­හ­යන්ගේ ප්‍රති­ඵල නොලැබේ. ඔබ බලා­පො­රොත්තු වන තර­මට නොවේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී වෙහෙස මහන්සි වී තම කට­යුතු කිරී­මට සිදු වීම තුළ ශරී­ර­යට තද වෙහෙ­ස­කාරී බවක් පෙන්වයි. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. එහෙත් ඔවුන් වෙනු­වෙන් වෙහෙස වීමට සිදු වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, වෛරස් රෝග, ලේ දූෂ්‍යා­බාධ ආදි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

මීන

මුදල් කට­යුතු ප්‍රවේ­ස­මෙන්

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු සය­වැ­න්නේය. රවි, කුජ, බුධ, සිකුරු හයේ සිටී. එම ග්‍රහ චලි­තය සැල­කීමේ දී වෘත්තීය සහ රැකිය අංශ­වල දී සුළු බාධා අව­හි­රතා ඉස්මතු වුව ද සිය උත්සා­හය සහ කැප වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබා­ගනී. ආදා­යම් පක්ෂය සාමාන්‍ය වේ. විය­දම් පක්ෂය ද ඒ සමා­නව ඉහළ යන නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය.

සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ස්නායු ආබාධ, නහර දුර්ව­ලතා හන්දි­පත් වේදනා යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments