අගෝස්තු: 04 සිට අගෝස්තු: 10 තෙක් | සිළුමිණ

අගෝස්තු: 04 සිට අගෝස්තු: 10 තෙක්

මේෂ

බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාදයි

ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු 4 ද. රාහු 3ද, ශනි කේතු නවයේද ගුරු අටේද වේ. වෘත්තීය හා රැකීරක්ෂා කටයුතුවලදී බාහිර වශයෙන් කරදර මතු කරයි. කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාදතා ඉස්මතු වේ. බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් එතරම්ම අයහපත් නොවේ. කෙසේ වුවත් වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායකයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. පපුව පෙණ හැල්ල අශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග, ලේ දුෂ්‍යබාධා යනාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ වර්ණය : රතු ශුභ අංකය: 09 ශුභ දිනය: සඳුදා

 

කටක

මුදල් නාස්තියක්

ලග්නාධිපති සඳු දෙවැන්නේය. කුජ රවි බුධ සිකුරු ලග්නයේද ගුරු 5 ද ශනි කේතු 6 රාහු 12ද ගමන් ගනී. මේ ග්‍රහ ගෝචරය සැලකීමේදී මිල මුදල් සම්බන්ධ කටයුතු වලදී ඉතා කල්පනාකාරී වන්න. මිල මුදල් නාස්ති වීමේ වියදම් අධික වීම් පෙන්වයි. කෙසේ වුවත් කතාවේ බලයෙන් ලාභ ලබාගත හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු වලදී බුද්ධිමත්වද ඉවසිලිමත්වද ක්‍රියා කරන්න. නොඑසේ නම් බාධාවලට ඉඩ පවතින බැවිනි. ගෙදර දොර කටයුතුවලදී ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් උදා කරයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයන් කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ හැකිය. මුත්‍රා ආශ්‍රිත පීඩා ලේ දුෂ්‍යාබාධා බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: ක්‍රීම් පාට ශුභ අංකය: 02 ශුභ දිනය: සඳුදා

 

තුලා

රැවටීම් වංචාවලට ඉඩ

ලග්නාධිපති සිකුරු රවි-කුජ- බුධ කර්මස්ථානයේය. ගුරු දෙවැන්නේය. රාහු 9 ද ශනි කේතු 3 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්වද කල්පනාකාරීවද ක්‍රියා කරන්න. විටෙක රැවටීම් වංචාවලට ඉඩ පවතී. ප්‍රවේශම් වන්න. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැත. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. උෂ්ණාධික රෝග, මුත්‍රා දෝෂ, ලේ දුෂ්‍යාබාධ යනාදියට ඉඩ පවතී.

ශුභ වර්ණය : නිල් ශුභ අංකය: 06 ශුභ දවස : සිකුරාදා

 

මකර

දරුවන්ගේ කටයුතුවල දියුණුවක්

ලග්නාධිපති ශනි කේතු සමඟ 12ද ගුරු 11ද රාහු 6ද රවි, කුජ, බුධ, සිකුරු හතේද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය හා රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රවල කටයුතු ප්‍රමාදතා මාධ්‍යයේ වුවද සාර්ථක කරගනී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ උපයා ගනු ඇත. ගෙදර දොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ක්‍රමයෙන් දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවලදී අලුත් විෂයන් කෙරෙහි හිත් යොමු වේ. යමක් ඉක්මනට වටහාගෙන කටයුතු කරයි. රුධිර පීඩනය, ලේ දුෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 06 ශුභ දවස: සිකුරාදා

 

වෘෂභ

වාද විවාදවලට මැදිහත් වෙයි

ලංග්නාධිපති සිකුරු රවි කුජ බුධ 3 වැන්නේය. රාහු 2 ද ශනි කේතු අටේද ගුරු 7 ද ගමන්ගනී. එම පිහිටීම තුළ යම් යම් බාධා ප්‍රමාදතා ඇතත් තමාගේ වාසියට කටයුතු සිදු වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේදී තරග, වාද, විවාදවලට මැදිහත් වීමට සිදු වේ. කිසියම් වාසිසහගත තත්වයක් උදා කරගත හැකිය. ආර්ථික වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. සතුරු කරදර බාධා මැඬ පවත්වාගනී. ගෙදර දොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. තම ස්වාමියාගේ කටයුතුවලට සහභාගි වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. අලුත් විෂයන් කෙරෙහි අවධානය යොමු වේ. උෂ්ණාධික රෝග, ස්නායු නහර දුර්වලතා, ලේ දුෂ්‍යාබාධා මුත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුය.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය: 06 ශුභ දවස: සිකුරාදා

 

සිංහ

සුළු දෙයිනුත් ලාබ

ලග්නාධිපති රවි, කුජ, බුධ, සිකුරු 12ද ගුරු 4ද ශනි කේතු 5 ද රාහු 11 ගමන් ගනී. එම ග්‍රහ ගෝචර‍ය තුළ යම් යම් බාධා අවහිරතා උද්ගත වුවද ස්වකීය උත්සාහය තුළ වෘත්තීය සහ ව්‍යාපාරික අංශවල කිසියම් අන්දමක දියුණුවක් ලබාගනී. ගමන් බිමන්වලින් ප්‍රයෝජන ලබයි. සුළු දෙයින් ලාභ ලැබේ. තමාට මතුවට ආයෝජන ගන්නා අය හඳුනාගැනීමට ලැබේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවලට ශුභයි. අලුත් විෂයන් කෙරෙහි අවධානය යොමු වේ. උෂ්ණාධික රෝග, පාද ආශ්‍රිත පීඩා, මුත්‍රා දෝෂ, ඇස්වල දුර්වලතා යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 01 ශුභ දවස: ඉරිදා

 

වෘශ්චික

ගෙදර දොරේ වැඩ ඉවසීමෙන්

ලග්නාධිපති කුජ - රවි- බුධ - සිකුරු භාග්‍යස්ථානය වූ නම වැන්නේය. රාහු අටේද ශනි කේතු 2 ද ගුරු ලග්නයේද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදි වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යෑමේදී යම් යම් බාධා අවහිරතා ගැටලු ඇති කළ හැකි නිසා ඉතා කල්පනාකාරී විය යුතුය. නොඑසේ නම් අකුලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකිය. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැත. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබිය හැකිය. ගෙදර දොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදි තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයන් කෙරෙහි අවධානය යොමු වේ. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ස්නායු නහර දුර්වලතා යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රතු ශුභ අංකය: 09 ශුභ දිනය: බ්‍රහස්පතින්දා

 

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිඵල නෑ

ග්නාධිපති ශනි කේතු අයස්ථානයේය. ගුරු දහයේය. රාහු 5ද, රවි, කුජ, බුධ, සිකුරු හයේද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී ශුභා ශුභ මිශ්‍රපල දායකයි. දියුණුවට ගන්නාවූ අධික උත්සාහයෙන් ප්‍රතිඵල නොලැබේ. ස්ථානගත වෙනස්කම් වේ. ගමන් බිමන් අධික බවත්. ඉන් ලැබෙන ප්‍රයෝජන අඩු වේ. වෘත්තීය හා රැකියා අංශවලදී කල්පනාකාරී වන්න. ඔබ බලාපොරොත්තු වන තරමට ආර්ථික වශයෙන් ශුභදායක නොවේ. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී වැඩකටයුතු අධික වීමෙන් ශරීර විඩාව උදා වේ. දරුවන්ගේ කටයුතු උදෙසා වැඩි කාලයක් අවධානයක් ද යොමු වේ. ඉගෙනීමේ කටයුතු කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත රෝග, මුත්‍රා රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: නිල් ශුභ අංකය:08 ශුභ දවස: සෙනසුරාදා

 

මිථුන

වියදම අධිකයි

ලග්නාධිපති බුධ කුජ සිකුරු රවි සමඟ දෙවැන්නේය. රාහු ලග්නයේද ශනි කේතු 7 ද ගුරු 6 ද ගමන් ගනී. මේ ශුභ ගෝචරය ගැන බැලීමේදී මිල මුදල් සම්බන්ධයෙන් හානිකර තත්ත්වයක් අධික වියදමක් පෙන්වයි. නිෂ්පල දෙයට වියදම් වේ. හිතවතෙක් සමඟ තිබූ සම්බන්ධතා කැඩී බිඳී යයි. නුසුදුසු අය සමඟ ආශ්‍රයට නොයන්න ඇතුළත සංකූලතා මතු වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රවලදී බාධා ප්‍රමාදතා ඉස්මතු වේ. ඉක්මනට කේන්ති යෑම ගති ඇති වන නිසා ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කරන්න. යුග දිවිය සම්බන්ධයෙන් විශේෂයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටින්න. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිපල ලැබිය හැකිය. මුහුණේ, කටේ, අත්වල, බෙල්ල ආශ්‍රිත පීඩා කාරී තත්ත්වයන්ද වෛරස් රෝගවලට ඉඩ පවතී.

ශුභ වර්ණය: කොළ ශුභ අංකය: 05 ශුභ දවස: බදාදා

 

කන්‍යා

නුසුදුසු ඇසුර එපා

ලග්නාධිපති බුධ රවි කුජ සිකුරු අයස්ථානයේය. ශනි කේතු 4 ද රාහු 10 ද ගුරු 3 ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේදී විටින් විට බාධා ප්‍රමාදතා ඉස්මතු කරනු ඇත. තමාට නුසුදුසු අය සමඟ කටයුතු කිරීමට යෑමෙන් වළකින්න. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබා ගත හැකිය. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ගෙනදේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මුත්‍රා දෝෂ, රුධිර පීඩනය, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: කොළ ශුභ අංකය : 05 ශුභ දවස: බදාදා

 

ධනු

වියදම පාලනය අසීරු වෙයි

ලග්නාධිපති ගුරු 12 ද ශනි කේතු ලග්නයේද රාහු 7ද රවි- කුජ -සිකුරු- බුධ 8 ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදි බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා ඉතා කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අයපත් නොවුවද ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ.

දරුවන්ගේ කටයුතු කෙරෙහි කල්පනාකාරී විය යුතුයි. අවධානය යොමු කළ යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුත්ත අයට ශුභයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත. උදරගත පීඩා, උෂ්ණාධික රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දවස: බ්‍රහස්පතින්දා

 

මීන

ක්‍රමයෙන් දියුණුව

ලග්නාධිපති ගුරු භාග්‍ය ස්ථානයේ නම වැන්නේය. ශනි කේතු 10 ද රාහු 4 ද ගමන් ගනී. රවි, කුජ, බුධ, සිකුරු 5 වැන්නේය. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී ආගමික අංශයට මැදිහත් වී කටයුතු කරයි. පිට පළාත්වල කරන කටයුතුවලින් වාසි ලැබේ. මිල මුදල් ලැබුණද වියදම් පක්ෂය අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු වලදී තරමක් කල්පනාකාරී නොවුවහොත් ආකූලතා ව්‍යාකුලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. උත්සාහය සහ කැප වීමෙන් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකිය. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, මුත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය: රන්වන් ශුභ අංකය: 03 ශුභ දවස: බ්‍රහස්පතින්දා

 

Comments