ජූලි: 07 සිට ජූලි: 13 තෙක් ඔබට කොහොමද? | සිළුමිණ

ජූලි: 07 සිට ජූලි: 13 තෙක් ඔබට කොහොමද?

මේෂ

දරුවන්ගේ කටයුතු යහපත්

ලග්නාධිපති කුජ 4, බුධ සමඟ සිටී. ගුරු වක්‍රව අටේ ද, ශනි, කේතු 9, රවි, සිකුරු, රාහු 3 ද ගමන් ගනි. එම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය සහ ආර්ථිකය යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබාගනී. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. යුගදිවිය සම්බන්ධයෙන් ශුභදායක තීරණයන්ට එළැඹේ. සමඟිය සාමය සුරක්ෂිත වේ. සමාජයෙහි කිසියම් ස්ථානයකට පත් වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

වෘෂභ

වියදම් ඉහළ යයි

ලග්නාධිපති සිකුරු, රවි, රාහු සමඟ දෙවැන්නේ සිටී. කුජ, බුධ තුන්වැන්නේ ද, ශනි, කේතු හත්වැන්නේ ද සිටී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්, බාධා, ප්‍රමාදතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා වර්ධනය කළ හැකිය. මිල මුදල් කටයුතුවල දී ද කල්පනාකාරී වන්න. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටින්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට පසුගාමී තත්ත්වයක් ඇති කළ හැකිය. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග බලපායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන

රැකියා කටයුතු පරිස්සමෙන්

ලග්නාධිපති බුධ, කුජ සමඟ දෙවැන්නේය. රවි, සිකුරු, රාහු ලග්නයේය. ශනි, කේතු 7 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී මිල මුදල් සම්බන්ධ හානියක් හෝ අධික වියදමක් ඇති වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුය. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍යයන් සමඟ වැඩකටයුතු කිරීමේ දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී බුද්ධිමත්ව ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි වඩාත් අවධානයෙන් සිටින්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. සාර්ථක ප්‍රතිඵල උදා කරගනී. ස්නායු, නහර දුර්වලතා, වැටීම් තැළීම්වලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

අධ්‍යාපන කටයුතුවලට ශුභයි

ලග්නාධිපති චන්ද්‍රයා දෙවැන්නේ ද, යෝගකාරක කුජ, බුධ සමඟ ලග්නයේ ද, රවි, සිකුරු, රාහු 12 ද, ශනි, කේතු 6 ද ගමන්ගනී. බ්‍රහස්පති 5 වැන්නේය. එම ග්‍රහ චලිතය ගැන බැලීමේ දී තමාගේ කටයුතුවලට තරමක් බාධා ඇති විය හැකිය. වෘත්තීය කටයුතු කරගෙන යෑමේ දී කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් සමපලයි. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ද සැලකිලිමත් වන්න. නොඑසේ නම් සමඟිය සාමයට බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. උෂ්ණාධික රෝග, අම්ල පිත්ත ගති, පාද ආශ්‍රිත පීඩා වැටීම්, තැළීම් ආදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල

ලග්නාධිපති රවි, සිකුරු, රාහු 11 ද, කුජ, බුධ 12 ද, ගුරු 4 ද ශනි, කේතු 5 ද ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී තමාගේ මතයට අනුකූලව ක්‍රියා කරයි. වෘත්තීය සහ රැකියා අංශවල දී අන්‍යයන් සමඟ වැඩකටයුතු කිරීමේ දී ඉතා බුද්ධිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට පර්යේෂණ කටයුතුවලට යොමු වීම පෙන්වයි. උත්සාහය සහ කැපවීිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, උදරගත පීඩා, මුත්‍ර දෝෂ ඇති විය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

සමපලයි

ලග්නාධිපති බුධ, කුජ අයස්ථානයේය. සිකුරු, රවි, රාහු කර්මස්ථානයේ ද, ශනි, කේතු 4 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී සමපලදායක තත්ත්වයක් පෙන්වයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍යයන්ගේ සහාය ලබාගැනීම දුෂ්කරයි. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නැත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග සලසා ගත හැකිය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. රුධිර පීඩනය, ස්නායු, නහර දුර්වලතා යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

මුදල් ලැබේ

ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේය. රවි, රාහු සමඟ සිටී. ශනි, කේතු 3 ද, ගුරු 2 ද ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් ගැන බැලීමේ දී තමාගේ කටයුතුවල දී ඉතාමත් කල්පනාකාරීව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. තීන්දු තීරණවලට එළැඹීමේ දී ඉතා කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශවලට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. ආගන්තුකයන් තමා සොයාගෙන පැමිණේ. විටෙක හිතවතුන්ගෙන් ඈත් වේ. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට යහපත්ය. මේදය අධික වීමෙන් සෑදෙන රෝග ඇතිවිය හැක.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

වෘශ්චික

සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න

ලග්නාධිපති කුජ, බුධ සමග භාග්‍යස්ථානයේය. රවි, සිකුරු, රාහු 8 වැන්නේය. ශනි, කේතු 2 ද, ගුරු ලග්නයේ ද වේ. මෙම ග්‍රහ පිහිටීම් ගැන බැලීමේ දී කරගෙන යන කටයුතුවල අඩුපාඩු නිසා යම් යම් අපහසුතාවන්ට ඉඩ පවතී. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ද ඉතාමත් කල්පනාකාරී වන්න. ප්‍රවේසම් වන්න. ආර්ථික වශයෙන් අයහපත් නැතත් වියදම් පක්ෂය පාලනය අසීරුය. ගෙදරදොර කටයුතුවල දී ඉතාමත් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙසේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා

ධනු

බාධා හා ගැටලු

ලග්නාධිපති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, රාහු, සිකුරු, රවි හත්වැන්නේ ද, කුජ, බුධ 8 ද ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලු මධ්‍යයේ ක්‍රියා කළ යුතුයි. ඉතාමත් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ක්‍රියා කරන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වුව ද එතරම්ම ශුභදායක නොවේ. වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. ස්නායු පීඩා, අතුරු පීඩා, වැටීම්, තැළීම් ඇතිවිය හැක.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා

මකර

උදව් උපකාර

ලග්නාධිපති ශනි, කේතු 12 ද, රවි, සිකුරු, රාහු 6 ද, කුජ, බුධ 7 ද, ගුරු 11 ද ගමන් ගනී. එම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකියා අංශවල දී සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ආර්ථික වශයෙන් ලබයි. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් උදා කරයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අලුත් විෂයයන් ඉගෙනීමට ශුභයි. රුධිර පීඩනය, උෂ්ණාධික රෝග බලපායි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

කුම්භ

උදරගත පීඩා

ලග්නාධිපති ශනි අයස්ථානයේ කේතු සමගයි. කුජ බුධ හයේය. රාහු, රවි, සිකුරු 5 ද වේ. එම පිහිටීම් තුළ තමාගේ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී ඉවසීමෙන් කටයුතු කරන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ආර්ථික වශයෙන් යහපත් වුව ද වියදම් පක්ෂය අධික වේ. ගෙදරදොර කටයුතුවල දී මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා අධික වෙහෙසක් ගත යුතුය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහයෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. වැටීම්, තැළීම්, උදරගත පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා

මීන

වියදම් අධිකයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු 10 ද, රවි, සිකුරු, රාහු 4 ද ගමන්ගනී. වෘත්තීය සහ රැකියා අංශවල දී ඔබ බලාපොරොත්තු වන තරමට සහයෝගය නොලැබේ. උත්සාහයෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට එතරම්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ශුභයි. රුධිර පීඩනය, මුත්‍රා දෝෂ, ඇස්වල දුර්වලතා, වැටීම්, තැළීම්, තුවාල අනතුරු පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- කහ, අංකය- 05 දිනය- බදාදා

Comments