අගෝ: 26 සිට සැප්: 01 තෙක් ඔබට කොහොමද? | සිළුමිණ

අගෝ: 26 සිට සැප්: 01 තෙක් ඔබට කොහොමද?

මේෂ

ශුභයි

ලග්නා­ධි­පති කුජ දිග්බ­ලව උච්චව දස­වැන්නේ ද රවි ස්වක්ෂේ­ත්‍රව පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ද සිටින අතර ගුරු හතේ සිට ලග්නය දකී. මේ කාල සීමාවේ ශුභ­ඵල වැඩි­යෙන් දෙයි. තමා රාජ­කාරි කරන ස්ථානයේ දී නුව­ණින් සහ බුද්ධි­මත්ව ක්‍රියා කළ­හොත් වෘත්තීය වශ­යෙන් සැල­කිය යුතු තත්ත්ව­යක් හිමි­කර ගත හැක. ධන­ස්ථා­නා­ධි­පති සිකුරු 6 ද, ශනි නවයේ ද සිටී. ආර්ථික තත්ත්වය ශක්ති­මත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - සඳුදා

කටක

ශුභා’ශුභ මිශ්‍රයි

චන්ද්‍රයා කුම්භ රාශියේ ද ගුරු 4 වැන්නේ ද රාහු ලග්නයේ ද සිටි­මින් සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය අපේ­ක්ෂිත අන්ද­මින් නොලැබේ. ආදා­යම් ලැබීම් හොඳය. විය­දම් පක්ෂය ඉහළ යයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ස්වකීය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. සෙම් පීඩා, හිස­ර­දය, පීනස් ගති, උෂ්ණා­ධික සහ ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යට ඉඩ ඇත.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා

තුලා

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති 12 සිටී. රවි අය­ස්ථා­නයේ බල­වත්ය. මෙම කාල සීමාව එත­රම්ම ශුභ­දා­යක නොවේ. බාධා අව­හිර ඉස්මතු කරයි. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි ගෙන දේ. ගෙද­ර­දොර සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන පරෙ­ස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

මකර

දියු­ණු­වක් ලබයි

ලග්නා­ධි­පති ශනි වක්‍රව දොළො­ස්වැ­න්නේය. අඟ­හරු ලග්නයේ උච්චයි. කේතු සම­ගයි. ගුරු දහයේ සිටී. මෙම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සුළු සුළු බාධා අව­හි­රතා ඉස්මතු වන නිසා තර­මක් විම­සි­ලි­මත්ව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතයි. ආර්ථික වශ­යෙන් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු­වීම තුළ ආදා­යම් වර්ධ­නය කළ හැක. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට විවිධ අංශ­යන්ට යොමු­වීම තුළ ආර්ථික වාසි ලබයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

වෘෂභ

සාර්ථ­කයි

ලග්නා­ධි­පති සිකුරු පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ සිටිය දී සතිය ආරම්භ වේ. කුජ නවයේ උච්චයි. සඳු දහ­යේය. වෘත්තීය සහ රැකියා කට­යුතු යහ­පත්ය. මිල මුදල් ලැබේ. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යෑමේ දී සම­ගි­යට හා සාම­යට බාධා එල්ල නොවේ.
දුර බැහැර ගමන් කිහි­ප­යක් යෙදේ. තම ශරීර සෞඛ්‍යය ගැන පරෙ­ස්සම් වන්න.


ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

සිංහ

වාසි

ලග්නා­ධි­පති රවි ලග්නයේ ස්වකේ­ෂ්ත්‍රව සිටි­යදී සතිය ආරම්භ වේ. සිකුරු දෙකේ ද ගුරු 3 ද සිටී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි සහ­ගත තත්ත්ව­යක් උදා කරයි. ආර්ථික වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු සාමා­න්‍යයි. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් වන්න. ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. උත්ස­ව­ව­ලට සහ­භාගි වීමට අව­ස්ථාව සැලසේ. උසස් අයගේ සහාය ලැබේ.

ජය වර්ණය - රෝස, අංකය - 01, දිනය - ඉරිදා

වෘශ්චික

සම­පල

ලග්නා­ධි­පති අඟ­හරු තුන්වැන්නේ උච්චව කේතු සමඟ සිටී. ගුරු 12 සිටී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල නොලැ­බෙන නිසා බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවු­වද විය­දම් පක්ෂය පාල­නය කිරීම තර­මක් අසීරු වන නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී පරෙ­ස්සම් වන්න. අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

කුම්භ

සාර්ථක වේ

ලග්නා­ධි­පති ශනි අය­ස්ථා­න­යේය. ගුරු නව­වැ­න්නේය. මෙම පිහි­ටීම් තුළ බලා­පො­රොත්තු කිහි­ප­යක්ම ඉෂ්ට සිද්ධ වේ. වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යාමේ දී බාධා අව­හි­රතා ඉස්මතු වුව ද ස්වකීය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි.
ආර්ථික වශ­යෙන් ද අය­හ­පත් නැත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකු­රාදා

මිථුන

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති බුධ රාහු සමග දෙවැන්නේ සිටී. සිකුරු ද ගුරු පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. තැන්පත් ධනය හානි­වීම් හාවි­ය­දම් අධි­ක­වීම් පෙන්වයි. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යාමේ දී ඉව­සී­ත්මන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි.
දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. උගුර, බෙල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ මතු කළ හැක.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා

ගෞරව සැල­කිලි ලැබේ

ලග්නා­ධි­පති බුධ රාහු සමග අය­ස්ථා­නයේ සිටි­යදී සතිය ඇරඹේ. සෑම අතින්ම දියු­ණු­වට අදාළ කට­යුතු ඉස්මතු කළ හැක. ගරු සැල­කිලි ලැබේ. සිතට සැන­සීම සතුට ලැබෙ­නවා ඇත. අලූත් හිත මිතුර ආශ්‍ර­යට ලැබේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීමේ ආශාව වැඩි වේ. ශාස්ත්‍රා­ර­ම්භ­යට යහ­පත් කාල­යකි. තම වාසි­යට කතා කිරී­මට ඉඩ ලැබේ. වච­නයේ බලය පෙන්වී­මට ඉඩ සැලසේ.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

බාධා අවහිරතා

ලග්නා­ධි­පති ගුරු අය­ස්ථා­න­යේය. සෙන­සරු ලග්නයේ ද ගෝච­රය වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබෙන නමුත් විටින් විට බාධා අව­හි­රතා ගැට­ලූ­කාරී ගති මතු වනු ඇත.
බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කරන්න. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද ඔබට මුදල් ඉති­රි­කර ගැනීම අප­හසු වේ. වෘත්තීය කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න. තම ශරීර සෞඛ්‍යය ගැන පරෙ­ස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

මීන

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති ගුරු අට­වැන්නේ සිටි­යදී සතිය ආරම්භ වේ. ග්‍රහ ගෝච­ර­යන් තුළ තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ගැටලූ උද්ගත වන බැවින් තර­මක් කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ඉස්මතු වේ.
උසස් නිල­ධා­රීන් සමග කට­යු­තු­වල යෙදීමේ දී ඉතා­මත් බුද්ධි­මත් වන්න. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. නමුත් මුදල් ඉති­රි­කර ගැනීම අසී­රුය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments