වාසනාව උදා කරන සර්පයෝ | සිළුමිණ

වාසනාව උදා කරන සර්පයෝ

- වීණාවක් දුටුවොත් සාරවත් භූමියක් හිමි වේ
- සිඟිති දරුවකු සහ මවක දුටුවොත් ප්‍රීතිමත් කාලයක් අත ළඟ


මිනිසුන් පමණක් නොව සතුන්ද සිහින දකින බව සිතන්නට හැකියාව තිබෙන්නේ නිවෙස්වල වෙසෙන බල්ලන් තද නින්දේ පසුවන ඇතැම් අවස්ථාවල හිටිහැටියේ බුරාගෙන පනිමින් බියට පත්ව කෑගසන ආකාරය දක්නට ලැබෙන නිසාය. මොහොතකට පසුව යථා තත්ත්වයට පත්වන මොවුන් තමන්ට දක්නට ලැබුණු දේ පිළිබඳව කල්පනා කරයි. 

වල් ඌරාද සිහින දකින්නෙකි. ඌරා බොහෝ විට ආහාර සොයා යන්නේ රෑ කළුවර වැටුණාට පසුවය. අල-බතල, වී කුරහන් බවභෝග පමණක් නොව කෙසෙල් පැළ, පොල් පැළ ආදියද තම ආහාරය පිණිස සහමුලින්ම වනසන ඌරා ගොවියාගේ පරම සතුරෙකි.

ඇතැම්හු වල් ඌරා අල්ලන්නට උගුල් අටවති. වැඩි වශයෙන්ම කරනුයේ ශක්තිමත් රැහැනකින් මන්දක් තැබීමය. ඌරන් උගුලක පැටළෙන්නේත් මන්දක බැඳෙන්නේත් කලාතුරකිනි.
වල් ඌරාද සිහින දකින්නෙකි. රෑ කාලයේ අවදියෙන් සිටින ඌරා දහවල් කාලයේ නිදා ගනී. එලෙස නිදාගන්නා ඌරා සිහින දකී. එලෙස සිහිනයෙන් දකින්නේ එදින රාත්‍රී සැරිසරන බිම්කඩේ තමන් අල්ලන්නට අටවා තිබෙන උගුල් සහ බඳින ලද මදු තිබෙන ස්ථානයන්ය. ඒ ගැන මතක තබාගෙන රෑ ඇවිදින ඌරාට උගුල් සහ මදු මඟහැර යාමට හැකියාව තිබෙන බව ගැමියන්ගේ විශ්වාසයයි. එසේ සතුන් සේම මිනිසුන් දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි විග්‍රහ වන්නේ මෙලෙසිනි.

• විකෘති මනසින් යුතුව අවකල් ක්‍රියාවේ යෙදෙන ස්ත්‍රිය - ප්‍රවේසම් වන්න. මාරාන්තික විපතක් සිදු වීමට නියමිතය.
• විවාහකයකු විවාහ වනු දැකීම - ස්ත්‍රියක නිසා දැඩි ලෙස අපවාද අසන්නට සිදු වේ.
•වීණාවක් ලැබීම - සාරවත් භූමියක් හිමි වේ.
• වෙසඟනක් - ධන සම්පත් හිමි වේ.
• වෛද්‍යවරයෙක් - ජීවිතයට බරපතළ රෝගාබාධයක් වැලඳේ.
• ශක්තිමක් පුරුෂයකු සමග කතාබහ - ස්ත්‍රියක විසින් දන්නා ලද්දේ නම් යහපත්ය. පුරුෂයකු විසින් දුටුවේ නම් අයහපත්ය. 
• ශිව ලිංගය - වස්තු ලාභ හිමි වේ.
• සර්පයන් තම ගත වටා වෙළෙන අන්දම - සියලු කටයුතුවලින් ජයග්‍රහණයත්, ධනයත්, බලවතුන්ගේ උපකාරයත් හිමි වේ. පුත්‍ර ලාභයකට හේතු වේ.
• සර්ප දෂ්ටනයක් - අවිවාහකයකු විසින් දක්නා ලද්දේ නම් නිසැකවම භාර්යා සම්පතක් ලබන්නට පුළුවන.
• සඳුන් ගසක් - තමා නොසිතූ නොපැතු තරම් මහත් වූ ධනයක් හිමි වේ.
• සංගීත කණ්ඩායමක් / සංගීත ප්‍රසංගයක් - දුර දිග නොසිතා කරන කටයුත්තක් නිසා බරපතළ කරදරයක් සිදු වේ.
• සතුටින් හඬ නඟා සිනාසෙන තරුණ කාන්තාවක් - ප්‍රවේසම් වන්න. ඔබ වංචාවකට හසු වීමට ඉඩ තිබේ.
• සතුටින් සිනාසෙන මහලු ස්ත්‍රියක් - දියුණු වීම සඳහා සැලසුම් කළ වැඩ කටයුතු සාර්ථක වේ.
• සතකු විසින් සපා කන අන්දම - මානසික පීඩාවලට මෙන්ම මානසික රෝගවලට ද හේතු වේ.
• සඳ - ස්ථාන මාරුවක් ලැබීම හෝ මෙතෙක් කළ කටයුතුවල වෙනසක් සිදු වේ.
• සතකු මරා දැමීම - වඩා පහත් උදවිය නඟන චෝදනාවලට ලක් වීමට සිදු වේ.
• සමනලයා - මෙතෙක් සමීපව ඇසුරු කළවුන් අහේතුකව අමනාපයට පත් වේ.
• සර්පයකු ගෙතුළට පැමිණීම - තම පවුලේ උදවිය අතර දැඩි අමනාපකම් මතභේද සහ ඇතැම් විට ගැටුම් පවා ඇති විය හැකිය.
• සතුන් කෙළි සෙල්ලම් කරන අයුරු - ඉතාම නුදුරේ දී බෙහෙවින් සතුටුදායක පුවතක් අසන්නට ලැබේ.
• සහල් ගරන අයුරු දැකීම - සැලසුම් කළ කටයුතු හෝ අරමුණු අතරින් සාර්ථක වන්නේ දෙක තුනක් පමණි.
• සංචාරයක යෙදීම - කෙනෙකුගෙන් ඉල්ලා සිටි මුදල් හෝ වෙනත් යමක් ලැබෙන්නට නියමිතය.
• සැලළිහිණියා - මහජන ප්‍රසාදය හිමි වී නායකත්වයට පත් වේ.
• සියදිවි නසා ගත් ස්ත්‍රියක් - යටින් හතුරුකම් කරමින් උඩින් මිතුරු බව පෙන්වන්නකු වෙතින් ළඟදී ම ප්‍රහාර එල්ල වීමට නියමිතය.
• සිඟන්නා - කරන්නට සැලසුම් කළ සියලුම වැඩ කටයුතු අත්හිටුවන්නට සිදු වේ.
• සිහිනෙන් වෙව්ලන්නට වීම - මෙතෙක් කලක් තමාට හිමිව තිබූ සියල්ලම අහිමි වීමට නියමිතය. 
• සිඟිති දරුවෙක් සහ මව - ප්‍රීතිමත් කාලයක් උදා වේ. අතමිට යහමින් සරු වේ.
• සිල් සමාදන් වූ කාන්තාවක් හෝ කිරි මවුවරු - නුදුරේදී ම සැප, සතුට ලබන්නට වාසනාව උදා වේ.
• තමන් සිටින තැන ගිලා බැසීම - පහත් යැයි සම්මත පිරිසකගෙන් කරදර හිරිහැර විඳින්නට සිදු වේ.
• සිරුර පුරා ලේ තැවරී තිබීම - වස්තු ලාභ හිමි වේ.
• සිරුර පුරා ආයුධවලින් සිදු වූ තුවාල දැකීම - මෙතෙක් කාලයක් ලබා ගන්නට උත්සාහ කළ දෙයක් හිමි වේ.
• සිනාසෙන ළමයෙක් - මෙතෙක් අත් විඳින ලද දුක වේදනාව නිමා වන්නට ආසන්නය.
• සිර භාරයට ගැනීම / පත් වීම - තමාට ලැබෙන්නටම තිබුණු දෙයක් නොලැබෙන ලකුණු පහළ වේ.
• සිරුරේ අසූචි තැවරීම - මහත් වූ ධන සම්පත් නිරායාසයෙන් හිමි වීමට නියමිතයි.
 

Comments