නින්දේදී දකින සිහින කියන පලාපල | සිළුමිණ

නින්දේදී දකින සිහින කියන පලාපල

අත්පොළසන් දෙන අයුරු දුටුවොත්ඥාතීන්ගෙන්  ලාභ

සිහින පලාපල මිථ්‍යාවකියි කියන කතාව සත්‍යයෙන් තොරයි

අං සහිත සතකුගේ පහරදීමට ලක් වෙනවා දුටුවොත් නායකත්වයක් අත ළඟයි

 

බොහෝ උදවිය තමන් දුටු සිහින පිළිබඳව උනන්දුවක් දක්වයි. ඒවායේ අරුත් සෙවුවත් නැතත් මතක හිටින සිහිනයක් දුටුවේනම් තම සමීපතමයෙකුට කියන්නට උනන්දු වේ. ඇතැමුත් සිහින පලාපල මිථ්‍යාවකැයි කියන නමුත් ඉතිහාසගත සිහින පවා තිබේ. පර්සියාවේ පාලකයෙකුගේ ආරාධනයෙන් අබුල් පාලර් හුසේන් නමැත්තා විසින් පිටු දහසකින් යුතු විශාලතම අරාබි ස්වප්න ග්‍රන්ථය රචනා කොට තිබේ. මෙහි දක්වා ඇති සිහින ඔබත් දුටුවේනම් දැන් ඒ සිහිනයේ සුබ අසුබ ඔබටම වටහාගන්නට පුළුවන.

 

01. අලියා / ඇතා - ජීවිත කාලයටම බලපාන දුර ගමනක් යන්නට සිදු වේ.

02. අලියෙක් හෝ ඇතෙක් තමා පසුපස හඹා එන අයුරු - දැඩි ලෙස සිත් වේදනාවට පත්වන යමක් සිදු වීමට ඉඩ තිබේ.

03. අසූචි වළක සිටින පණුවන් /අසූචි වළකට වැටීම / අසූචි ඇඟේ තැවරීම - හදිසි ධන ලාභයක් ලැබෙන බව කියැවෙන වාසනාවන්ත සිහිනයකි.

04. අල උදුරන (ගලවන) අයුරු සිහිනෙන් දැකීම - සන්නිපාත උණ රෝගයකට, වසංගත රෝගයකට හෝ අම්මාවරුන්ගේ ලෙඩකට නුදුරේදී ගොදුරු විය හැකිය.

05. අළු ඇඟේ තැවරීම හෝ අළු වර්ෂාවකින් නැහැවීම - බලවත් ලෙස සිත කම්පා වන වියෝවක් අසන්නට ලැබේ.

06. අස් වෙළඹ - භාර්යා සම්පත්තියකට හේතුවේ.

07. අත් පා සිඳුණු මිනිසෙක්- තමන්ට බලවත් විපතක් සිදු වන බව පෙන්වන පෙරනිමිත්තකි.

08. අං සහිත සතුන්ගේ පහර දීමට ලක්වීම- නිසැකවම නුදුරු කාලයේදී නායකත්වයට පත්වේ.

09. අවමංගල උත්සවයක් හෝ එවැනි අවස්ථාවක් - පපුවේ ආබාධයකට ගොදුරු විය හැකිය.

10. අඟුරු සහ අළු සහිත වළකට වැටීම හෝ අළු සහ අඟුරු ඇඟේ තැවරීම - දැඩි සිත් වේදනාවක් විඳින්නට කරුණු කාරණා යෙදේ.

11. අසනීපව ඇඳක නිදා සිටීම - තමන්ගේ වැඩිහිටි ඥාතියකු නීතිමය ගැටලුවකට මැදිවේ.

12. අඹ කපන අයුරු හෝ අඹ ආහාරයට ගන්නා අයුරු - තමන් කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සුබ ආරංචියක් අසන්නට ලැබේ.

13. අත්පොළසන් දෙන අයුරු - දුරක සිටින ඥාතිවරියක වෙතින් විශේෂ ලාභයක් හිමිවේ.

14. අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටීම - තමන්ට ලැබෙන්නට නියමිතව තිබුණු නමුත් පමා වූ මුදලක් හෝ වෙනත් යමක් ඉතා ඉක්මනින්ම ලැබේ.

15. අල වර්ගයක් ශුද්ධ කරන හෝ අල තම්බන අයුරු - සිහිනය දුටුවේ විවාහාපේක්ෂිත අයෙක්නම් ඉක්මනින්ම යහපත් විවාහයක්

16. අලුත් වස්ත්‍ර - දියුණුව උදාවේ.

17. නිල් රතු ඇඳුම් ඇඳ සිටිනු දුටුවොත් - බලාපොරොත්තු කඩවේ.

18. ඔරුවකින් එගොඩ වී යනවා සිහිනෙකින් දැකීම - ඔබ යම් අනතුරකට මුහුණ පෑමට සිදු විය හැකිය. ඒ නිසා පරිස්සම් වීම ඉතාම වැදගත්වේ.

19. ඈත ප්‍රදේශයකට යනු දැකීම - ඔබට දැනට තිබෙන තනතුරු අහිමි වී සිටින තැනින් පහළට ඇද වැටේ.

20. කැඩපතින් මුහුණ බැලීම සිහිනෙන් දුටු විට - ගර්භිණි මවක් මේ සිහිනය දුටුවේනම් ඇයට බුද්ධිමත් දරුවන් ලැබේ. තරුණ කාන්තාවකටනම් ඇයට ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීමට අවස්ථාව උදාවේ.

21. කිකිළියන් පැටවුන් සමඟ සිටිනවා දුටුවහොත් - ප්‍රේමය සහ විවාහ සබඳතා සාර්ථක වේ.

22. කිඹුලකු සිහිනෙන් දුටු විට - සතුරු කරදර

23. පොත්පත් කියවීම - ප්‍රේම සම්බන්ධතා සාර්ථක වීම, වෙළෙඳාමෙන් වාසි සැලසීම

24. කිරි හරක් පට්ටියක් දැකීම - හදිසි ධන ලාභ ලැබේ.

25. ඒදඬු දැකීම හෝ ඒදණ්ඩකින් ඇද වැටෙනවා දැකීම - ඔබට අලාභහානි සිදුවේ. ධන සම්පත් හීන වී යයි.

26. ඔරලෝසුවක් දුටු විට - වස්තු ලාභ

27. තරුණ කාන්තාවක් දුටු විට - කීර්ති ප්‍රශංසා සහ ධන ලාභ

28. සිහිනෙන් හඬනවා දුටු විට - ඔබ කරන කියන කටයුතු අසාර්ථක වන බවට ඉඟියකි.

29. ආචාර්යවරුන් දුටු විට - රාජ්‍ය අනුග්‍රහය ලැබේ, රාජ්‍ය සම්මාන පවා ලැබීමට ඉඩ ඇත.

30. ශරීරය ඉදිමී තිබෙනවා දුටු විට - සැප සම්පත් ලැබීමට, ස්ත්‍රී සම්බන්ධතා ඇති වීමට ඉඟියකි.

31. අම්බලම - විපත් කරදර ඇතිවේ. සහකාරිය වෙන්වී යයි.

32. ජලය පානය කිරීම - අනපේක්ෂිත ධනය ලැබීම්, ගරු සැලකිලි ලැබීම්.

ඔබ දකින මෙවැනි සිහිනවල පලාපල විග්‍රහයක් සඳහා අප වෙත එවන්න. 'ඉසිවර', සිළුමිණ, ලේක්හවුස්. කොළඹ - 10.

ජ්‍යොතිර්වේදී  සුදත් රත්නායක

Comments