හිතේ තියෙන කාරණාව ගැන හරියටම කියන බුලත් කොළේ සාත්තරේ | සිළුමිණ

හිතේ තියෙන කාරණාව ගැන හරියටම කියන බුලත් කොළේ සාත්තරේ

බුලත් අතේකොළයක් දෙස බලාගෙන  ආ කාරණය ඇදුරුතුමා හරියටම  කියන හැටි

කාරණා සියයකට වැඩිය බුලතෙන් දැන ගත හැකියි

මේ ශාස්ත්‍රය පුරාණය සිට පැවත එන්නක්

‍ෙජ්‍යාතිර්වේදී ඩබ්ලිව් පී. ආරියරත්න

 

බුලතේ අගය නොදන්නා කෙනෙක් නොමැත. ඒ තරමට විශේෂයෙන් සුබ කටයුතු සඳහා බුලත ඉතා වැදගත්ය. වෙදැදුරන් හමුවීමට යද්දී අප රැගෙන යන්නේ බුලත් අතයි. වැඩිහිටියන් ගුරු දෙගුරුන් නමදිද්දී බුලත නැතිවම බැරිය. මංගල අවමංගල කටයුතුවලදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලදී බුලතේ අගය කියා නිමකළ නොහැකිය. දේව පූජා, බලි තොවිල්, වස විෂ ශරීරගතවීමේදී වස්දොස් යන්නට කරන කටයුතු සිරිත් විරිත් චාරිත්‍රවලදී සහ මුඛය පිරිසිදුව තබා ගැනීමටද බුලත වැදගත් කාර්යක් ඉටු කරන බව කීවාට වැරදි නැත.

මෙතරම් වැදගත් බුලතින් අපේ මුතුන්මිත්තන් සිදු කරන ලද ඉතා සුවිශේෂී කාර්යක් මම අද ඔබට කියමි. ඒ බුලත උපයෝගී කරගෙන ජන්ම පලාඵල (කේන්දරය බැලීම) කීම, නිමිත්ත, තත්කාලය නාඩිය, බැලීම සිදු කළ අයුරු ඇත්ත වශයෙන්ම කීවොත් මෙය ඉතා සුවිශේෂී කටයුත්තකි.

දේශීය සහ විදේශීය ජන සමාජයේ වැඩි දෙනෙක් ගුප්ත ශාස්ත්‍රය විශ්වාස කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ හා සමාන පිරිසක් එම ශාස්ත්‍රය හාස්‍යයෙන් බැහැර කිරීම රහසක් ද නොවේ. මෙලෙස ගුප්ත ශාස්ත්‍රය සහ ඒ හා සම්බන්ධ කටයුතු විශ්වාස කරන බොහෝ දෙනෙක් ජන්මපත්‍රය හෙවත් කේන්දරේ ගැනත් තබන්නේ ලොකු විශ්වාසයකි.

නව තාක්ෂණයේ දියුණුවත් සමඟ නැකැත් සෑදීම සහ කේන්දරය බැලීම නිවැරදි වේලාවලට අනුව ඉතා පහසුවෙන් සිදු කළ හැකි වුවත් අතීතයේ මෙවැනි පහසුකම් නොමැතිව ඉතා නිවැරදි කේන්දර පලාඵල නිර්මාණය එවකට සිටි උගත් බුද්ධිමත් එසේම ප්‍රඥාවන්ත සහ අාධ්‍යාත්මික ගැඹුරු දැනුමකින් යුත් වෙදැදුරන් දෛවඥයන් විසින් සිදු කරන ලද්දේ සොබාදහම සහ විශ්වයේ ශක්තීන් මඟිනි.

මේ මුතුන්මිත්තන් බුලත උපයෝගී කරගෙන සිදු කරන ලද සුවිශේෂී කාර්යන් රැසකි. තත්කාලය, නාඩිය, සහ ජන්ම පත්‍ර පරීක්ෂාවට ඔවුන් බුලත උපයෝගී කරගෙන තිබුණු බව රහසක් නොවේ.

පරම්පරාවෙන් පැවත එන මේ සුවිශේෂී එසේම උතුම් ශාස්ත්‍රය මටද උරුම වූයේ එලෙසිනි. මාගේ ගුරු ස්වාමීන් වහන්සේගේ දැන උගත්කමින් ලබාදුන් එලෙසම මා ලබාගත් දැනුමත් වෙදැදුරන් දෛවඥයන්ගෙන් ලැබුණු දැනුමත් ප්‍රයෝජනයට ගනිමින් ජන්ම පත්‍රයක් හෙවත් කේන්ද්‍රයක් ඇතිව හෝ නැතිව බුලත් කොළය මත දිස්වන කේන්ද්‍රය මඟින් පෙර භවය මතු භවය මේ භවය විස්තරාත්මකව පලාඵල කතනය කිරීමට හැකි වීම සුවිශේෂිය. ඊට අමතරව අවශ්‍ය වෙනස් කාරණා ගැනද බුලතේ දිස්වන කේන්දරයෙන් බලා ගත හැකි වීමද විශේෂ කාරණයකි.

කිසිවකු බලාපොරොත්තු වන එසේම දැන ගැනීමට කැමති කාරණාවක් විස්තරාත්මකව බුලතේ කේන්දරයෙන් බලා ගත හැකි වීම සුවිශේෂිය.

බුලත් ශාස්ත්‍රය උපයෝගී කරගෙන කිසිවකුගේ හැඩරුව, දැනුම, හැකියාව, රැකියාව, විවාහය, එම කාලයේ බුද්ධිමත් භාවය, දුරදක්නා නුවණ, මනසේ ස්වභාවය, සිතේ ස්වභාවය, බාහිර සහ අභ්‍යන්තර පවුලේ දියුණුව ප්‍රගතිය, කතිකත්වය, ධනය ඉතිරිය හෝ නැතිවීම, සෞඛ්‍ය තත්ත්වය, ගමන් බිමන්, සහෝදර සහෝදරියන් අසල්වාසීන් සමඟ පැවැත්ම, තාක්ෂණික දැනුම, ඉඩකඩම් දේපළ උරුම මහන්සියෙන් හරිහම්බ කර ගැනීම යන කරුණු කාරණා සත්‍ය වශයෙන්ම සඳහන් කළ හැකි වීමද සුවිශේෂීය.

ඊට අමතරව මව්පිය ලැබීම මව පියාගේ තරාතිරිම ඥාතීන්ගේ සහෝදර සහෝදරියන්ගේ වතගොත දරුපල, දරුවන්ගේ දියුණුව, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, බැඳීම, කරුණාව, සතුට, ස්ථීර තීන්දු, රෝග සතුරු කරදර, ණය, නිවෙසේ පැවැත්ම, පිරිසුදු භාවය, සේවක සේවිකාවන්, හවුල්කරුවන්, වගා, කුමන්ත්‍රණ, සහකරු සහකාරිය, විවාහක දිවිය, පැවැත්ම, ලිඛිත ලේඛන අත්සන් තැබීම, දුර ගමන්, හවුල් ගනුදෙනු, බැඳීම්, ඈත්වීම, නැති වීම, විවාහයෙන් ධනය ලැබීම නැති වීම, මාරක අපල, හදිසි අනතුරු, රෝග, දික්කසාදය, ජීවිතයට එන කරදර, හවුල් ව්‍යාපාරවලින් පාඩු වීම්, නොලැබීම, නිදන් ලාභ, ලොතරැයි දිනුම්, ප්‍රේත භූත, යක්ෂ අමනුෂ්‍ය දෝෂ, අනවින කොඩිවින බන්ධන වශී කිරීම, ඉනාවලට ලක්වීම හෝ නොවීම, මළගිය අයගෙන් ඇතිවන හොඳ නරක, කල්පනා ශක්තිය, සිහි විකල් වීම ඇවිද්ද වීම, පින, වාසනාව, ප්‍රඥාව, බුද්ධිය, යහපත් කුසලතා, පියා, නෑනා, වැඩිහිටියන්, පූජකවරු, සඟරුවන, ආගමික භක්තිය, උගතුන් බුද්ධිමතුන්ගේ ලැබීම් නොලැබීම්, කුසල් අකුසල්, පින් වඩන්නෙක්ද නැද්ද යන්න, රැකියාව, ගෞරවය කීර්තිය ප්‍රසාදය තාන්න මාන්න, රාජ්‍ය බැඳීම්, මිතුරන් වැඩිහිටි සහෝදරයන් ඔවුන්ගෙන් ලැබීම්, කාර්මාන්ත, සමාජ කටයුතු, තෑගි, ඉතිරි කිරීම්, ආයෝජන, සොර සතුරු කරදර, නින්දා අපහාස, චෝදනා, සිර අඩස්සිය, නීති ගැටලු, විදේශ ගතවීම්, විදේශවල නවාතැන් ගැනීම්, රෝගාතුරව ජීවිතය ගතකිරීම, රෝගීවී ජීවිතය අවසාන වනවාද නැද්ද, ආයුෂ, අයවැය යන කරුණු කාරණා රැසක් ගැන 'බුලතේ කේන්ද්‍රයෙන්' විග්‍රහ කළ හැකි වීම විශේෂය.

වසර 26කට වඩා කාලයක් බුලත් කොළේ ශාස්ත්‍රයෙන් අතිවිශාල පිරිසකගේ ජීවිතවලට අදාළ වැදගත් කරුණු කාරණා ගණනාවක් අනාවරණය කර දුන් ජ්‍යෝතිෂවේදියකු ලෙස මා සඳහන් කරන්නේ මුතුන්මිත්තන් මේ බුලතේ ශාස්ත්‍රය ඉතා හොඳින් ප්‍රගුණ කර සියලු සත්ත්වයාගේ යහපත සඳහා ක්‍රියා කරන ලද බවයි.

Comments