සහල් හිඟය මෝල් හිමියන්ගේ ලොකු ප්‍රෝඩාවක් | සිළුමිණ

සහල් හිඟය මෝල් හිමියන්ගේ ලොකු ප්‍රෝඩාවක්

හාල් මිල ඉහළ යෑම පිටු­පස ප්‍රධාන පෙළේ වී මෝල් හිමි­යන් කිහිප දෙනකු සිටින බවට පසු­ගිය දිනෙක ඔබ හෙළි­ද­රවු කළා. මේ දේ සිද්ධ වන්නේ කොහො­මද?

අපේ රටේ ජන­තා­වට වාර්ෂික පරි­භෝ­ජ­නය සඳහා අවශ්‍ය සහල් නිප­ද­වී­මට අවශ්‍ය වන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක ප්‍රමා­ණ­යක්. ඒත් මේ රටේ වී ගොවි ජන­තාව වස­ර­කට වී මෙ.ටො. ලක්ෂ 45ක් පමණ නිප­ද­ව­නවා. ඒ මහ කන්නයේ ලක්ෂ 30ක් හා යල කන්නයේ ලක්ෂ 15ක්. මේ නිප­ද­වන වීව­ලින් වැඩි ප්‍රමා­ණ­යක් මිලට ගන්නේ මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ මෝල් හිමි­යන් 3-4 දෙනෙක්. මේ වෙද්දී ගබ­ඩා­වල වී මෙ.ටො. ලක්ෂ 15ක් පමණ තිබෙ­නවා. මින් ලක්ෂ දහ­තු­නක්ම තියෙන්නේ මං කලින් කියපු මෝල් හිමි­යන් ළඟ. ලබන පෙබ­ර­වාරි වෙන­කම් මේ ටික අපට ප්‍රමා­ණ­වත්. නමුත්. හාල් හිඟ­යක් මවා පාමින් මේ මෝල් හිමි­යන් හාල්වල මිල වැඩි කිරී­මට කට­යුතු කර තිබෙ­නවා.

මිල සූත්‍ර­යක් හඳුන්වා දී තිබෙන නිසා ඔවුන්ට හිතු­මතේ ඒ විදි­යට මිල වැඩි කරන්න බැහැ?

ඔව්, නමුත් එහෙම කර­නවා. ඒක කරන්නේ හාල් සඟවා හාල් හිඟ­යක් මවා පාමින්. ඇත්ත­ටම අපට පිට­ර­ටින් හාල් ගේන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මේක ප්‍රොඩා­වක්.

කලින් පැවැති මිල සූත්‍රය අනුව මිලදී ගත් වී තමයි වැඩි ප්‍රමා­ණ­යක් ගබ­ඩා­වල තියෙන්නේ. ඒ මිල සූත්‍රය අනුව වී කිලෝ­වක් 1.6 වැඩි කරලා ඒකට තවත් රුපි­යල් 11ක් එකතු කර­නවා. ඒ අනුව නාඩු වී කිලෝ­වක විකු­ණුම් මිල වුණේ රුපි­යල් 40 යි. සම්බා වී කිලෝ­වක මිල තීර­ණය වුණේ 45 - 40 අතර. ඒ අනුව නාඩු හාල් කිලෝ­වක සිල්ලර මිල සට­හන් වුණේ රුපි­යල් 73 යි. සම්බා කිලෝ­වක් රුපි­යල් 75 යි. පසු­ගිය මාර්තු මාසයේ හිටපු රජය නව මිල සූත්‍ර­යක් හඳුන්වා දුන්නා. ඒ අනුව නාඩු රුපි­යල් 88. 70කට දෙන්න පුළු­වන්. සම්බා රු. 83.20කට දෙන්න පුළු­වන්. ඒත් ඔවුන් විකු­ණන්නේ නාඩු කිලෝව රුපි­යල් 110ට. සම්බා කිලෝව රුපි­යල් 115ට මේක සම්පූ­ර්ණ­යෙන්ම නීති විරෝ­ධියි.

ඒත් වත්මන් ආණ්ඩුව සහල් මිල අඩු කිරී­මට පිය­වර ගත්තා නේද?

ඔව්, ඒක වුණේ ආණ්ඩුව මෝල් හිමි­යන් එක්ක කතා කරලා, නාඩු කිලෝව රුපි­යල් 98 යි, සම්බා කිලෝව රුපි­යල් 99කටයි දෙන්න කට­යුතු කළා. නමුත් අපි කියන්නේ මේක මීට වඩා අඩු කරන්න පුළු­වන්. රජය නියම කරපු පාලන මිලක් තියෙ­නවා. මේ විදි­යට අනූ ගණ­න්ව­ලට හාල් විකු­ණන්න බැහැ. ඒක නීති විරෝ­ධියි. එහෙම කරන්න නම් එය ගැසට් එක­කින් අනු­මත වෙන්න ඕන.

අනිත් කාර­ණාව මේ මෝල් හිමි­යන් වී පාහින්නේ ඉස්සර වගේ කම්කරු ශ්‍රමය යොදා­ගෙන නෙමෙයි. යන්ත්‍ර සූත්‍ර ආධා­ර­යෙන්. මේ නිසා අපතේ යාම සීමි­තයි. මෙහි ඉව­ත්වන දහ­යියා කිලෝව මේ අය රුපි­යල් 20ට විකු­ණ­නවා. පුන්නක්කු කිලෝව 40-30 අතර මුද­ල­කට විකු­ණ­නවා. හුණු සහල් කිලෝව රුපි­යල් 50-60 අතර මිල­කට විකු­ණ­නවා. ඒ නිසා අපි කියන්නේ මේ වාසියේ කිසි­යම් ප්‍රමා­ණ­යක් හෝ පාරි­භෝ­ගි­ක­යාට දෙන්න කිය­ලයි.

සේනා දළ­ඹුවා නිසා හානි පැමිණි ගොවීන්ට තවම වන්දි ගෙවා නැති බවට ඔබ චෝදනා නැඟුවා?

සේනා දළ­ඹුවා නිසා වගා හානි වුණු ගොවීන්ට රුපි­යල් කෝටි අසු­වක මුද­ලක් වන්දි වශ­යෙන් ලැබිය යුතුව තිබෙ­නවා. මින් කෝටි තිස්තු­නක්ම ගෙවන්න ඕන අම්පාර දිස්ත්‍රි­ක්ක­යට රුපි­යල් කෝටි 16ක් පමණ ගෙවිය යුතුයි. ලංකාවේ වැඩි­යෙන්ම බඩ ඉරිඟු වවන්නේ මේ දිස්ත්‍රි­ක්ක­වල ගොවීන්. ඒ වගේම ගොවීන්ට ගෙවිය යුතු රක්ෂණ වන්දි තවම ලැබී නැහැ.

ගොවීන්ට නොගෙවූ රක්ෂණ වන්දි මොන­වාද?

ගොවි­යෙ­කුට ණය ලබා දෙද්දී බැංකු­වට ඒ ණය අය­කර ගන්නා ක්‍රම­යක් නැහැනේ. ඒ නිසා බැංකුව ගොවියා රක්ෂ­ණය කර­නවා. ගොවි­යෙක් රුපි­යල් ලක්ෂ­යක් ණය ගත්තොත් රුපි­යල් 8000ක් බැංකු­වෙන් කප­නවා. බැංකුව ඒ සල්ලි කෘෂි­ර­ක්ෂණ මණ්ඩ­ල­යට දානවා. ඒ අනුව කෘෂි­ර­ක්ෂණ මණ්ඩ­ලය හරහා ගොවියා රක්ෂ­ණය වෙනවා. එත­කොට මෙහි වග­කීම පැව­රෙන්නේ කෘෂි රක්ෂණ මණ්ඩ­ල­යට ඒ රක්ෂණ වන්දි­යත් ගොවීන්ට ලැබී නැහැ. විශේ­ෂ­යෙන්ම අම්පාරේ බඩ ඉරුඟු ගොවි­යාට මේ රක්ෂණ වන්දිය ගෙවල නැහැ.

අනිත් කාර­ණාව තමයි ගොවි­යන් 40,000ක් ආණ්ඩුව මැදි­හත් වෙලා රක්ෂ­ණය කළා. ඒ ගංව­තු­රෙන්, නිය­ඟ­යෙන් වැනි ආප­දා­ව­කින් වගා හානි වුණාම අක්ක­රේ­කට 40,000ක් දෙන්න ඕන. ඒකට අදා­ළව වෙනම ගොවියා රක්ෂ­ණය කර­නවා. ඒ රක්ෂණ මුදල් ගෙවල තියෙ­න්නෙත් ඉතාම සුළු කොට­ස­කට විත­රයි. ඒකත් විනි­විද භාව­යෙන් තොරව දුන්නා කිය­ලයි ගොවීන් කියන්නේ.

විනි­වි­ද­භා­ව­යෙන් තොරව දුන්නා කියලා ඔවුන් අද­හස් කරන්නේ මොකක්ද?

විනි­විද භාව­යෙන් තොරව කියන්නේ ඒක එක්කේ­නාට එක එක විදි­යට තමයි ගෙවීම් කරලා තියෙන්නේ. එක්කෙ­නෙ­කුට රු. 5000ක් දෙන­කොට තව එක්කෙ­නෙක්ට 3000යි දෙන්නේ. තවත් කෙනෙ­කුට රු. 2,000යි දෙන්නේ. උදා­හ­ර­ණ­යක් විදි­යට සිය­ඹ­ලා­ණ්ඩුවේ එකම කුඹුරු යායේ එක්කෙ­නෙ­කුට විසි­දා­හක් හම්බ­වෙ­නවා ඒ කුඹුරු යායේම නිය­රෙන් එහා පැත්තට හම්බ­වෙන්නේ රු. 4,000යි. ඒක නිය­රින් වෙන්වෙලා තියෙන්නේ මේ විදියේ විෂ­මතා තිබෙ­නවා.

පසු­ගිය ආණ්ඩුව මේ වෙනු­වෙන් මුකුත්ම කළේ නෑ?

පසු­ගිය ආණ්ඩුව කළේ ලොකු උත්සව තියලා සීයක් හමා­රක් ගෙනැල්ලා මාධ්‍ය­ව­ලින් ලොකු ප්‍රචා­ර­යක් දීලා එතන හිටපු ගොවීන් ටික­කට වන්දි ලබා දුන්නා. රටට ප්‍රචා­රය කළා ගොවීන්ට වන්දි දුන්නා කියලා. ඇත්ත කාර­ණාව ගොවී­න්ගෙන් 25%ට වත් වන්දි ගෙව්වේ නැහැ. වන්දි ලබා දුන්නේ නැහැ. පස්සේ අපි මැදි­හත් වෙලා මාධ්‍යත් සම්බන්ධ කර­ගෙන මේ ගැන රටට කිව්වාම ඒ මුද­ල්ව­ලින් කොට­සක් ගොවීන්ට ලැබුණා. අනිත් කාර­ණාව තමයි ලොකු ලූනු බීජ සම්බ­න්ධ­යෙන් ඇති වුණු ගැට­ලුව. ලොකු ළූණු වගා­වෙන් ගොවීන් ඈත් වෙන කොට ලොකු ළූණු වගාව ප්‍රව­ර්ධ­නය කරන්න කියලා හිටපු රජය වැඩ­පි­ළි­වෙ­ළක් දියත් කළා. ඇත්තට ඒක හොඳයි. නමුත් ඒකෙන් ගොවීන්ට ලොකු ළූණු බීජ කිලෝ­වක් ලබා­දෙන්න නිර්දේශ කළා.

රු. 9,000කට. ඒ අනුව ළූණු වගා කරන ගොවි­යාට රු. 4,500 ගානේ බීජ කිලෝ­වක් දෙන්න ආණ්ඩුව තීර­ණය කළා. රු. 4,500 ක සහ­න­යක් රජය ගාණේ ලබා දෙනවා. එහිදී හිටපු කෘෂි­කර්ම රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා මැදි­හ­ත්වෙලා බිජ ටික රජයේ දෙපා­ර්ත­මේ­න්තුව විදි­යට අර­ගෙන දෙන කොට කාලය ගත වන නිසා ම බීජ හදන ගොවීන්ට කිව්වා ළූණු වගා කරන ගොවි­යට බීජ දෙන්න කියලා. ඒ අනුව රු. 4,500ක් දීලා බීජ ගොවී­න්ගෙන් වගා ගොවීන් බීජ ගත්තා.

දැන් ඉතුරු 4,500 බීජ ගොවීන්ට රජය ගෙවන්න ඕන. නමුත් මේක හෙන අවු­ලක්. බවට පත්වුණා. මොකද අර රු. 4,500 රජය දුන්නේ බීජ හදන ගොවි­යට නෙමෙයි වගා කරන ගොවි­යාට ඒකෙන් ඒ වැඩේ අසා­ර්ථක වුණා. මේ සඳහා අමා­ත්‍ය­ව­රයා හා මීට අදාළ ආය­තන එකතු කර­ගෙන සාකච්ඡා වට ගණ­නා­වක් පැවැ­ත්වුවා. ඒ එක­ක්වත් සාර්ථක වූයේ නැහැ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින නියම කරන්න දවස් කිහි­ප­ය­කට කළින් පී හැරි­සන් අමා­ත්‍ය­ව­රයා එක්ක සාකච්ඡා වට කිහි­ප­යක් පැවැ­ත්වූවා. ඒ අනුව සේනා දළ­ඹුවා නිසා වගා හානී වන්දිය හා ආසා­දන නිසා ඇති වුණු රක්ෂණ වන්දි මාස­යක් ඇතු­ළත ගෙවලා ඉවර කරන්න. නමුත් ඡන්දය ඉව­ර­වෙ­න­කම් ඒ වන්දි මුදල් ලැබුණේ නැහැ.

මේ සම්බ­න්ධ­යෙන් නව ආණ්ඩු­වට මොන­වද ඔබ ‍යෝජනා කරන්නේ?‍

වර්ෂා­වත් එක්ක ඇතිවී තිබෙන වගා හානි සලකා බලලා නිවැ­රැදි තක්සේ­රු­වක් කරලා කලින් ආණ්ඩුව කළා වගේ ගොවියා රව­ට්ටන්නේ නැතිව සාධා­රණ විදි­යට ගොවීන්ට අදාළ වන්දි මුදල් ලබා­දෙන්න කියල තමයි අපි රජ­යෙන් ඉල්ලන්නේ.

Comments