පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සහන මල්ලක් | සිළුමිණ

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සහන මල්ලක්

කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුකොටගෙන ජනතාව තුළ ඇතිවී තිබෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින්, පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සියලු‍ම සෞඛ්‍ය සේවාවන් සඳහා වන අයකිරීම් පහළ දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබේ. මෙම විශේෂ මිල අඩු කිරීම, රෝගීන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙන්ම රසායනාගාර පරීක්ෂණ සහ නේවාසික ප්‍රතිකාර පහසුකම් සඳහා ද වලංගුවේ.

මීට සමගාමීව රෝහලේ නේවාසික ප්‍රතිකාර පහසුකම්ද තවදුරටත් වැඩිදියුණු කර , නව මුහුණුවරකින් යුතුව හඳුන්වාදී ඇති අතර, තමන්ට දැරිය හැකි මිල ගණන් සහ රුචිකත්වයට අනුව කාණ්ඩ පහක් යටතේ කාමර පහසුකම් ලබාගැනීමේ අවස්ථාව රෝගීන්ට හිමිවේ. අධි සුඛෝපභෝගී පහසුකම්වලින් යුක්තව මෑතකදී විවෘත කරන ලද “‍‍Lotus Wing”‍ කාමර සංකීර්ණයද මෙම කාමර පහසුකම් අතරට ඇතුළත්වේ. අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ අඩු මිලකට මෙම අධි සුඛෝපභෝගී කාමර සංකීර්ණය රෝගීන් වෙනුවෙන් විවෘත තිබේ. දිනෙන් දින ඉහළයන ඉල්ලු‍මට අනුව, ඉදිරි කාලයේදී මෙම සියලු‍ම කාණ්ඩවලට අයත් කාමර සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා සිය සේවාවන් තවදුරටත් පුළුල්කිරීමටද රෝහල සූදානමින් සිටී.

වසර 25කට වැඩි කාලයක් පුරා මෙරට රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවනීය නාමයක් දිනා සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර රැසක් පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප්‍රකටව සිටියි. පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007 ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති සහතික සහ සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත. රෝහලේ රසායනාගාර සේවාව ISO තත්ත්ව සහතිකවලින්ද පිදුම් ලබා ඇති අතර, රෝහලේ රසායනාගාරය තුළදී අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සියලුම රසායනාගාර පරීක්ෂණ සිදුකෙරේ. එබැවින් රෝහල වෙත පැමිණෙන ඕනෑම කෙනකුට 100% ක් නිරවද්‍යතාවයෙන් යුතුව ඉතා කඩිනමින් තමන්ගේ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

Comments