SAP B One සඳහා Techno medics සම්මාන දිනයි | සිළුමිණ

SAP B One සඳහා Techno medics සම්මාන දිනයි

SAP Ace හිදි SAP Business One implementation සඳහා ශ්‍රී ලාංකික සම­ගා­මක් සම්මාන දිනූ මුල්ම අව­ස්ථාව

වෛද්‍ය උප­ක­රණ කර්මා­න්තයේ මෙරට ප්‍රමුඛයා වන Techno medics, 13 වන SAP ACE සම්මාන උළෙ­ලේ දී පාරි­භෝ­ගික විශි­ෂ්ටතා සම්මා­න­යෙන් පිදුම් ලබයි. Techno medics විසින් වැඩි­දි­යුණු කළ SAP Business One පද්ධ­තිය වෙනු­වෙන් මෙම සම්මා­නය හිමි­ක­ර­ගෙන තිබේ.

Techno medics, Pristine Solution හා එක්ව මෙරට පාරි­භෝ­ගි­ක­යාගේ අවශ්‍ය තා මැන­වින් හඳුනා ගනි­මින් වඩාත් විශ්වා­ස­නීය ලෙස SAP Business One ERP පද්ධ­තිය වැඩි­දි­යුණු කිරී­මට සමත්ව තිබේ. මෙම මැදි­හ­ත්වීම අගය කළ SAP ACE විනි­ශ්චය මණ්ඩ­ලය මෙවර සිය සම්මාන උළෙ­ලේ දී එම වැඩි­දි­යුණු කළ SAP Business One ERP පද්ධ­තිය ඇග­යීම සඳහා මෙම සම්මා­නය පිරි­නමා තිබේ.

මෙම ජයග්‍රහණය පිළි­බ­ඳව අද­හස් දැක්වූ Techno medics International හි අධ්‍යක්ෂ ලීනස් ජෙග­නා­දන් මහතා සඳ­හන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ­තම ෙවෙද්‍ය උප­ක­රණ සැප­යු­ම්කරු වශ­යෙන් Techno medics සමා­ගම ලත් මෙම ඇග­යීම පිළි­බඳ අති­ශය සතු­ටට පත්වන බවයි. ලොව රට­වල් 125ක විහි­දුනු සහ­ක­රු­වන් සමූ­හ­ය­ක­ගෙන් සම­න්විත Techno medics International 1996 දී මෙරට පිහි­ටවූ බවත්, මේ වන­විට 250 කට අධික සේවක පිරි­ස­ක­ගෙන් සැදුම් ලත් Techno medics ආය­ත­නය මෙරට ප්‍රමුඛ­තම ෙවෙද්‍ය සැප­යුම් සමා­ගම බවට පත්වෙ­මින් ක්ෂේත්‍ර්යේ උස­ස්තම උප­ක­රණ සහ සේවා සැප­යුම් කරුවා බවට පත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Comments