පීපල්ස් ලීසිං වෝඩ් පෙදෙස ශාඛාව නව පරිශ්‍රයකට.. | සිළුමිණ

පීපල්ස් ලීසිං වෝඩ් පෙදෙස ශාඛාව නව පරිශ්‍රයකට..

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොළඹ 07 වෝඩ් පෙදෙස ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 04, බැප්ටිස් දේවස්ථාන පාර, කොළඹ 07) එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබ්‍රි ඊබ්‍රහිම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි.

පීපල්ස් ලීිසිං කොළඹ 07 නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන සංජීව බණ්ඩාරනායක හා ලයනල් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්වන රොහාන් තෙන්නකෝන්, ලක්සඳ ගුණවර්ධන හා ප්‍රභාත් ගුණසේන, ප්‍රධාන කළමනාකරු, හසන්ත ද සිල්වා හා කොළඹ 07 පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, සුමුදු ප්‍රනාන්දු ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගනුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.

Comments