අනාගත අයෝජනයට ජීවිතේ තරම්ම විශ්වසනීය තැන AIA | සිළුමිණ

අනාගත අයෝජනයට ජීවිතේ තරම්ම විශ්වසනීය තැන AIA

පසුගිය සියවස මානව ඉතිහාසයේ ඓතිහාසික පරිවර්තන ගණනාවක් සිදු වූ කාලඡේදයකි. ලෝක යුද්ධ දෙකක් පැවැතිණි. නාසි වද කඳවුරු මෙන්ම පරමානු බෝම්බ ප්‍රහාර මිනිස්සුන්ට මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳ සැබෑ තක්සේරුවකට මග පෑදුවේය. මහා වසංගතයකට මුහුණ දී ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් විනාශ විය. මේ අත්දැකීම් මෙන්ම අත්පත් කරගත් තාක්ෂණික දැනුම මිනිසුන්ගේ චින්තනය මෙන්ම සමාජ ආර්ථික රටා ද සීඝ්‍රව වෙනස් කළේය.

එවන් වේගවත් පරිවර්තනයන්ට හුරුවෙමින්, ඒ සමාජ ආර්ථික හැසිරීම් පුරෝකථනය කරමින් සියවසක් පුරා ව්‍යාපාරයක් පවත්වා ගැනීම දැවැන්ත අභියෝගයකි. රක්ෂණය වැනි ක්ෂේත්‍රයක මේ වික්‍රමය කළ හැක්කේ මහා සමාජ පරිචයකින් යුතු විචක්ෂණ බුද්ධියක් සහිත ශූර ව්‍යාපාරික ප්‍රාඥයකුට පමණි. එම ව්‍යාපාරය අන්තර්ජාතිකව විහිදුවිය හැකි නම් නිසැකවම ඒ ව්‍යාපාරය පරිසරයෙන් ප්‍රතික්ෂේප නොවන තරම් ඊට අනුගත වූ මේ පොළොවේ මුල් බැස ගත් එකකි. අප අද කතා කරන්නේ එවැනි සමාගමක් ගැනය. ඒ සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛයා වූ AIA රක්ෂණ සමාගමය.

AIA රක්ෂණ සමාගම ආරම්භ වන්නේ වර්ෂ 1919 දීය. ඒ පළමු ලෝක යුද්ධය හමාර වූ අවස්ථාවේය. ස්පාඤ්ඤ උණ වසංගතය ලෝකය ගිලගෙන ලෝකය බිහිසුණු ව්‍යසනයකට ලක් වෙමින් පැවැති වකවානුවේය. සමාගම ඉපදෙන්නේ ලෝකයම අනාරක්ෂිතව පැවැති වටපිටාවකය. දෙවෙනි ලෝක යුද්ධයේ අභියෝගය දරාගෙන, ආසියානු මූල්‍ය අර්බුදය, අමෙරිකානු මූල්‍ය වෙළෙඳපලේ බිඳවැටීම වැනි දුෂ්කර ආර්ථික ව්‍යසනයන්ට මුහුණ දෙමින් වසර සීයක් පුරා ලෝකයේ පැවැති බිඳ වැටීම් හා උත්කර්ෂ අත් විඳිමින් AIA රක්ෂණ සමාගම ලෝක රක්ෂණ ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති ප්‍රමාණය බෙහෙවින්ම විශාල එකකි. එම බලවත් අන්තර්ජාතික සමාගම ලංකාවේ රක්ෂණ වෙළෙඳපලට අවතීර්ණ වන්නේ ඒ දැවැන්ත අත්දැකීම් සමුදාය, මූල්‍ය ශක්තිය හා පරිනතිය සමගිනි.

මේ වනවිට ලංකාව හැරුණු විට රටවල් 17 ක ඔවුහු සිය මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති. AIA සමාගමේ පදනම් වෙළෙඳපල ගොඩනැගෙන්නේ ආසියාව මුල්කරගෙනය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව හොංකොං, ඉන්දුනීසියා, කොරියා මෙන්ම ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා වියට්නාම් වැනි රටවල් ද ඊට ඇතුළත්ය.

 

AIA රක්ෂණ සමාගම ලංකාවේ වෙළෙඳපලට පැමිණීම

 

ලංකාවෙ AIA ආයතනය මෙහෙයුම් ආරම්භ කරන්නේ වර්ෂ 1988 පෙබරවාරි මාසයේය. ඒ අදට අවුරුදු තිස් දෙකකට පෙරය. ඒ වනවිට රටේ පැවැතියේ අභියෝග සහිත ව්‍යාකූල සමාජ පරිසරයකි. අන්තර්ජාතික සමාගමක් ලෙස පැමිණ, සම්ප්‍රදායික චින්තනය හා සංස්කෘතික හැසිරීමක් සහිත ලාංකේය සමාජයේ රක්ෂණ වෙළෙඳපල දශක තුනකින් අතික්‍රමණය කිරීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් AIA රක්ෂණ සමාගම එය ජය ගත්තේය.

පාරිභෝගිකයෙක් සිය රක්ෂණ අවශ්‍යතාව සපුරා ගැනීමේදී විමසිය යුතු ප්‍රධාන කාරණා තුනක් තිබේ. ප්‍රධානම කාරණාව එම සමාගම සතු මූල්‍ය සංචිත හී ස්ථාවරත්වය ය. මක්නිසාද යත් ජීවිත රක්ෂණ ආවරණයක් යනුම වසර දහය, පහළොව, විස්ස, විසිපහ, වැනි දීර්ඝ කාලීන පොරොන්දු මත ලබා දෙන ආවරණ වීමය. අවදානම් කාල වකවානු දරාගෙන පාරිභෝගික ප්‍රජාවට ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ලබාදුන් මූල්‍ය පොරොන්දු ඉටු කිරීමේ හැකියාවක් ආයතනයට තිබිය යුතුය. පාරිභෝගික ප්‍රජාවට අවශ්‍ය ආකාරයේ රක්ෂණ ව්‍යාපෘති ආයතනය සතු විය යුතුය. කාර්යක්ෂම, ආචාරශීලී විශ්වාසනීය සේවයක් සැපයිය යුතුය. අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් පදනමක් සහිත, දැවන්ත මූල්‍ය සංචිතයකට හිමිකම් කියන, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගතව රක්ෂණ ක්ෂේත්‍රයේ ස්වකීය ව්‍යාපාර කරන AIA සමාගම ලංකාවේ වෙළෙඳපලට තරගකාරීව එක් වන්නේ ඒ වටිනාකම් සහිතවය. ඔවුන් ලංකාව තුළ සිය ව්‍යාපාර ස්ථාවරය ඉතාම ක්‍රමිකව ගොඩනගා ගන්නේ අවුරුදු 30 ක් තුළ තමන් දියත් කළ රක්ෂණ ආවරණවලින් ප්‍රතිලාභ අත්කරගත් පාරිභෝගිකයන්ට සැපයූ විශ්වාසනීය සේවාවම පදනම් කරගනිමිනි.

 

ලංකාවේ විශ්‍රාමික ප්‍රජාවට නව බලාපොරොත්තු ඇති කළ AIA විශ්‍රාම සැලසුම

 

ලෝකයේ සෞඛ්‍ය පහසුකම් විද්‍යාත්මකව දියුණු වනවිට මිනිසකුගේ අපේක්ෂිත ආයු කාලය වැඩිවිය. ඒ සමගම ආර්ථික ක්‍රමයේ පරිවර්තන, සම්ප්‍රදායික විස්තෘත පවුල් වෙනුවට න්‍යෂ්ඨික පවුල් ගොඩනැගීම, මූළික පවුලෙන් පරිබාහිර යැපෙන්නකු නඩත්තු කිරීමට කුටුම්භයකට ආර්ථික ශක්තියක් නොමැති වීම වැනි කාරණා සමාජයේ බොහෝ දෙනකුට ස්වකීය දීර්ඝ විශ්‍රාම දිවිය සැලැසුම් සහගත කරගන්නට බල කෙරිණි. මේ අවශ්‍යතා ප්‍රකාරව විශ්‍රාමික සැලැසුම් නමැති වෙළෙඳපල විවෘත විය.

තරුණ විය පසු කරන්නෙක් විශ්‍රාම සැලැසුමක් තෝරා ගැනීමේ දී තමන් තෝරාගන්නා ආයතනය ඉදිරි වසර 50 කාලයක් ස්ථාවරව පවතින බවට තමන්ටම සහතික විය යුතු විය. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රක්ෂණ සමාගමක ස්ථාවරත්වය මනින විධි නියම තිබේ. මේ වනවිට ඒ සඳහා නිශ්චිත රක්ෂණ නියාමකය (insurance regulator ) ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසන් සභාව විසින් (Insurance Regulatory Commission of Sri lanka - ) හඳුන්වා දී තිබේ. එවැනි එක් ප්‍රධාන අනුමිතියක් වන්නේ අවදානම් මත පදනම් වූ ධාරිතාව (Risk-based capital) ය. ඒ සමස්ථ රක්ෂිතයන් වෙනුවෙන් වගකීමෙන් බැඳී ඇති මුදල් ප්‍රමාණය, රක්ෂිතයන් වෙනුවෙන් වාර්ෂිකව ගෙවන්නට ඇති මුදල් ප්‍රමාණය හා මුල්‍ය සංචිත ප්‍රමාණය නිශ්චිත ක්‍රමවේදයක් අනුව වාර්ෂිකව නිරාවරණය කිරීමේ වගකීම රක්ෂණ සමාගමකට තිබේ. AIA රක්ෂණ සමාගමේ මූල්‍ය සංචිතය කෙතරම් ශක්තිමත් ද යත් සමස්ථ රක්ෂිතයන් ගේ වගකීම් වල වටිනාකම සහිත මුදල් ප්‍රමාණය මෙන් හය ගුණයක් මූල්‍ය සංචිතයක් තහවුරු කරගෙන තිබුණේය. එය අතිශය වගකීම් සහගත කළමනාකරණයක ප්‍රතිඵලයකි.

විශ්‍රාම සැලසුමක් ආරම්භ කිරීමට සැලසුම් කරන අයකුට පමණක් නොව, රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අදහසක් ඇති ඕනෑම පාරිභෝගිකයකුට ස්වකීය ජීවිත අපේක්ෂා ආයෝජනය කළ හැකි සමාගම් අතුරින් AIA රක්ෂණ සමාගම ඊට මොනතරම් සුදුසු දැයි අවබෝධ කරන්නේ ඒ දත්ත ය.

 

AIA ලබාදෙන අන්තර්ජාතික ප්‍රමිති සේවාව

 

රක්ෂණ ක්ෂේත්‍රයේ රක්ෂණ සැලැසුම් අලෙවි කරනු ලබන්නේ රක්ෂණ අලෙවිකරුවන් විසිනි. සමාගම මගින් විශාල මුදලක් ආයෝජනය කර මෙම අලෙවිකරුවන් ඉහළම ප්‍රමිතියකට සංවර්ධනය කරනු ලබයි. ආයතනය තුළ කෙරෙන ඇගැයීම් මාලාවක් හරහා වර්ගීකරණය කිරීම මෙන්ම අන්තර්ජාතික ඇගැයීම් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආයතනය තුළ ක්‍රියාත්මක වේ. ලෝකයේ හොඳම රක්ෂණ අලෙවිකරුවන් මනින මිනුම් දණ්ඩ MDRT(Million Dollar Round Table) ය. එම අන්තර්ජාතික ප්‍රමිතිය සාධනය කළ අලෙවි කරුවන් 104 දෙනෙක් AIA ආයතනයේ සේවය කරති. ජීවිත රක්ෂණ සඳහා ඇගැයීම් සපයන ලෝකයේ ඉහළම ආයතනය LIMRA ය. අලෙවි කරුවෝ එවැනි අන්තර්ජාතික ඇගැයීම් සඳහා යොමු කෙරෙති.

එමෙන්ම MDRTවැඩසටහනෙහි ගෞරවනීය සාමාජිකත්වය ලඟාකර ගැනීමේ හැකියාව සහිත පුර්ණ කාලීන සේවයෙහි නියුතු විශිෂ්ට අලෙවි බලකායක් ගොඩනංවා ගැනීමේ ප්‍රධාන අරමුණින් යුතුව සමාගම AIA Premier Agency Circle ආරම්භ කළේය. මෙම සංකල්පයෙහි ප්‍රධානතම අරමුණ වන්නේ ඉහළ අලෙවි ප්‍රවර්ධන දිරිමත් කිරීම සහ පාරිභොගික ප්‍රජාව වෙත ඉහළ සේවය සැපයීම සඳහා පුර්ණ කාලීන වෘත්තිමය අලෙවි බලකායක් ආයතනය තුළ ගොඩනැගීමය.

මේ සියල්ලේම අර්ථය ඉහළ පාරිභෝගික සේවයක් ලබා දීමය. ලංකාවම ආවරණය කරන ශඛා 106 කින් ඒ ඉහළ ගුණාත්මක සේවාව සැපයේ. ආයතනය තාක්ෂණික පරිහරණය අතින් ඉන්නේ ඉතා ඉහළ තැනකය. ඉදිරියේදී සියලුම රක්ෂණ පාරිභෝගික කටයුතු ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය සැලැසුම් ද ආයතනය මේ වනවිට සැලැසුම් කර හමාරය.

 

කොවිඩ් තත්ත්වය ආවරණය කරන AIA රක්ෂණ ප්‍රදානය

 

මේ මොහොත වනවිට ලෝකම මුහුණ දී ඇති බරපතලම අර්බුදය කොවිඩ් වසංගතය ය. කවදා නිමාවක් වේදැයි ඇස්තමේන්තු කළ නොහැකි, කොපමණ රෝගීන් සංඛ්‍යාවක් ඇතිවේදැයි පුරෝකථනය කළ නොහැකි මෙවැනි වසංගත සමයක එවැනි රෝග තත්ත්වයක් සඳහා රක්ෂණ ආවරණයක් ලබා දීම කළ හැක්කේ ස්ථාවර රක්ෂණ ආයතනයකට පමණි.

ඒ අභියෝගය බාරගෙන ලංකාවේ මුල්ම වරට කොවිඩ්19 වසංගතය ආවරණය කරන ආකාරයට විශේෂ රක්ෂණ ආවරණයක් ලබා දුන්නේ AIA රක්ෂණ සමාගමය. එය AIA රක්ෂණ සමාගමේ කුමන හෝ රක්ෂණ ක්‍රමයක් යටතේ සිටින පාරිභෝගි ප්‍රජාව වෙත නොමිලේ ලබා දුන් ලක්ෂ පහක අමතර ආවරණයකි. දැනට මාස තුනක කාලයක් තුළ වසංගත තත්ත්වය පහව යනු ඇතැයි කරන උපකල්පනය මත වැඩිම අවදානම් කාලය ලෙස ජූනි 30 දක්වා කාලය සලකා මෙම ආවරණය ලබා දීමට සැලැසුම් කර තිබේ.

මේ විශේෂ ආවරණය සම්බන්ධව අපට කරුණු පැහැදිලි කරන්නේ AIA ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ ය.

“මේ රක්ෂණාවරණය අප අපගෙ සේවා දායකයන්ට ලබා දෙන්නෙ නොමිලේ. ඒ අනුව AIA සමාගම අවාසනාවන්ත කොවිඩ් මරණයක් වෙනුවෙන් ලක්ෂ 5 ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි. ඔබ දන්නවා සාමාන්‍ය වසංගත රෝගයකදි රක්ෂණ කරුවන් රෝහල්ප්‍රති ලාභ ලබා දෙන්නෙ නෑ. ඒත් මේ ආවරණය යටතේ රෝහල්ගත වන පුද්ගලයන්ට දෛනිකව ගෙවීමක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, රජයේ නිරෝධායන මධ්‍යස්ථානය නිරෝධායනය වන පුද්ගලයන්ට එම නිරෝධායන සහතික පත්‍රය ඉදිරිපත් කළාට පසු ඒ දින 14 සඳහා දෛනික ගෙවීමක් ලබා දෙනවා.

රක්ෂණාවරණ ලාභී පුද්ගලයන්ට විතරක් නෙමෙයි, ජාතික වශයෙන් මේ වසංගතය මැඩලීමට කැප වී සිටින වැලිකන්ද, අයි ඩී එච් හා මුල්ලේරියාව යන රෝහල් වල පූර්ණ කාලීන සේවයේ නිරත වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද මේ රක්ෂණාවරණය නොමිලේ ලබා දෙමින් දින 14 කට උපරිමයකට යටත්ව දිනකට රුපියල් 1000ක දිරිමත් කිරීමේ දීමනාවක් ද ලබා දීමට ආයතනය කටයුතු කළා.

අප මේ අඳුරු සමයේ තවත් එක් සේවයක් අපේ පාරිභෝගියන්ට සලසා දුන්නා. ඒ තමයි සියලුම AIA රක්ෂණාවරණ හිමියන්ට නිවෙසේ සිටම සිය ජංගම දුරකථනය ආධාරයෙන් වෛද්‍යවරයෙක් අමතා සේවා ලබා ගැනීම සඳහා නොමිලේ oDoc සේවාවට සම්බන්ධ කිරීම. මීට අමතරව රුපියල් මිලියනයක් වැය කර හෝමාගම මූලික රෝහලට අඩුවක්ව පැවැති පුද්ගල ආරක්ෂක මෙවලම් කට්ටල (PPE), මුඛවාඩම්, අධෝරක්ත උෂ්ණත්ව මාපක පරිත්‍යාග කරන්නට AIA ශ්‍රී ලංකා ආයතනය වශයෙන් අප කටයුතු කළා. “ උපුල් විජේසිංහ පැහැදිලි කළේය.

 

මෑත කාලීන රක්ෂණාවරණ

 

කොරෝනා වසංගතයට පෙර AIA සමාගම ලබාදුන් වැදගත්ම රක්ෂණාවරණය සුව දිරියයි. එහි ප්‍රධානම අර්ථය හෘදයාබාධ හා පිළිකා රෝග සඳහා ඵලදායී ආවරණයක් ලබාදීමය. රට තුළ බහුලව පැතිර යන පිලිකා තත්ත්ව දරාගත නොහැකි ආර්ථික සමාජ ව්‍යසනයක් කුටුම්භයක් තුළ ඇති කරන්නේය. මෙම රක්ෂණාවරණය මගින් පිළිකා සැත්කමට වැයවන අධික මුදල මෙන්ම රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත්වන වසර පහක් දක්වා වූ දීර්ඝ කාලයක් තුළ දරන්නට වන පූර්ණ වියදම ආවරණය කරන්නේය. එම ආවරණය සපයනු ලබන්නේ වාර්ෂිකව රුපියල් 12000 ක් පමණ වු මුදලකටය. මෙම රක්ෂණ යෝජනා ක්‍රමයෙන් පිලිකා පමණක් නොව, හෘදයාබාධ, වකුගඩු අකර්මණ්‍යවීම්, ආඝාතය රෝග ආවරණය කෙරෙයි.

එමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් වෙත උසස් පෙළ සිට සරසවි අධ්‍යාපනය හමාර වනතෙක් මාසිකව රුපියල් දෙදහස් පන්සියයක් පමණ වූ ශිෂ්‍යත්ව මුදලක් ලබාදීමට ආයතනය කටයුතු කරන්නේය.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය හා එකාබද්ධව ලංකාවේ ඇති දුෂ්කරම පාසලක් වෙත ලක්ෂ හැටක් හැත්තෑවක් වටිනා ගොඩනැගිල්ලක් හෝ වෙනත් අත්‍යවශ්‍ය භෞතික ප්‍රදානයක් ලබා දෙන්නේය.

අවුරුදු 25 වැඩි කාලයක් පුරා පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අනුරාධපුරයේ වැව් ආශ්‍රිතව දැනුම්වත් කිරීම් පුවරු මෙන්ම නාන තොටවල් ආශ්‍රිතව ජීවිතාරක්ෂක සේවයක් ක්‍රියාත්මක කරවන්නේය. ඒ වකවානුව තුළ දඹුල්ලේත්, පොළොන්නරුවේත් මේ සේවාව ක්‍රියාත්මක වන්නේය.

 

ඉදිරි වෙළෙඳපළ දිනාගන්න සැලැසුම්

 

ලෝකය අතිශය සීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් තිබේ. මේ අවකාශය අධ්‍යයනය කර දියුණු තාක්ෂණික සේවාවක් සපයන විශිෂ්ටම වෘත්තීයමය රක්ෂකයා වීමේ අභිලාෂය AIA සතුව තිබේ. ඔවුහු ඒ වෙනුවෙන් අතිශය ප්‍රායෝගික එළැඹමක් සඳහා සැලසුම් කරමින් සිටිති. එය රක්ෂණ ක්ෂේත්‍රය වෙනස් මානයකට යොමු කරන දැවැන්ත පිම්මක් වනු ඇත.

--------------------

AIA ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි

නිඛිල් අද්වානි AIA සමූහය සමගින් සම්බන්ධ වන්නේ වර්ෂ 2011 දීය . ඊට පෙර හෙතෙම අමෙරිකාවේ නිව්යෝර්ක් ලයිෆ්, ගෙන්වර්ත් ෆයිනැන්ෂල්, ජැක්සන් නැෂනල් ලයිෆ් යන සමාගම් තුළත් ඉන්දියාවේ ICICI Prudential වත්කම් කළමනාකරණ සමාගම තුළත් සේවය ක‌ෙළ්ය.

 

ඔහුගේ පුරා වසර 9 ක AIA සමූහයේ සේවා කාලය බෙහෙවින්ම ඵලදායී එකකි. AIA ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායකවරයා වීමට කලින් හේ එහි උපායමාර්ග, ආයතනික පරිවර්තන සහ අලෙවිකරණ අංශයන් භාරව කටයුතු කළේය.

එවකට ඔහු සතුව තිබූ ප්‍රධාන වගකීම් අතර සමාගමේ රක්ෂණ සැලැසුම් නිර්මාණය කිරීම, සේවාලාභී කළමනාකරණය, සන්නාම කළමනාකරණය, ආයතනික සන්නිවේදනය, ඩිජිටල් අලෙවිකරණය සහ සමූහ රක්ෂණ මෙහෙයවීම විය. AIA Vitality වැඩසටහන ලංකාව පුරා සාර්ථකව ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාව තුළ නව්‍යකරණය කළ රක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නැන්වීමෙන් AIA සන්නාමය සවිමත් කිරීම සහ සමාගමේ සේවාලාභී කේන්ද්‍ර වැඩසටහන් රැසක් නිර්මාණය කිරීම ඔහුගේ විශිෂ්ට සේවා අතර වෙයි.

AIA ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිඛිල් අද්වානි (Nikhil Advani) මෙසේ අප හා සංවාදයට එක් විය.

"AIA සමූහය සුවිශාල සමාගමක්. ආසියාව තුළ පමණක් සිය ව්‍යාපාර කටයුතු සිදු කළත් එය ලොව විශාලතම ලැයිස්තුගත ජීවිත රක්ෂණ සමාගමයි. අපට අවුරුදු සියවසක් ඉක්මවා ගිය ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ගොඩනැගෙන්නම ලෝකය පිළිගත් ප්‍රමිතිගත නිර්ණායක ඇතුළේ.

AIA සමූහය තමයි ලෝකයෙ වැඩිම MDRT සාමාජිකත්වයක් සහිත රක්ෂණ සමාගම... MDRT (Million Dollar Round Table)කියන්නෙ ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරය හා සම්බන්ධ අලෙවිකරුවන් තුළ විශිෂ්ටතා ප්‍රමිතිය ජාත්‍යන්තරව පෙළගස්වන ආයතනය. 2019 වසර සඳහා AIA ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ MDRT සාමාජිකත්වය 104ක්.

AIA සමූහය ආසියාව පුරාවට විසිර සිටින රක්ෂණ හිමියන් වෙත සපයා ඇති රැකවරණයෙහි සමස්ථ රක්ෂණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.74ක් වෙනවා. AIA ශ්‍රී ලංකා සමාගම ගොඩ නැගෙන්නෙම මේ වගේ යෝධ ජාත්‍යන්තර මව් සමාගමක ශක්තිමත් රැකවරණය හා පදනම මතයි. ඒ වගේම AIA ශ්‍රී ලංකා 2019 වසරේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරයේ ගෞරවයට පත් Global Banking and Finance Review මගින් ඇගයුමට පාත්‍ර වුණා. අප සමාගම එලෙස ගෞරවයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ අප සතු මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වයයි.

ශ්‍රී ලංකාවේ සියලුම ජීවිත රක්ෂකයන් අතරින් විශාලතම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රතිශතයක් හිමි ජීවිත රක්ෂකයා වන්නේ අප සමාගමයි. රක්ෂණ නියාමන කොමිසම මගින් නියෝගකර ඇති අවම ප්‍රතිශතය මෙන් පස් ගුණයක ප්‍රතිශතයක් අප සතුව තිබෙනවා. අපගේ CAR ප්‍රතිශතයත් 639% අගයක් ගන්නවා. මෙයත් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඇති ඉහළම අගයයි. මෙමගින් පිළිබිඹු වන්නේ අප සමාගම අර්බුදකාරී අවස්ථාවලදී අවධානයට මුහුණ දීමට ශක්තිමත් අතින් ස්ථාවරත්වය අතින් ඉහළ ස්ථානයක සිටින බවයි.

අප සමාගම පසුගිය තිස් වසරක කාලය පුරාවට නොකඩවා අපගේ රක්ෂණ හිමිකරුවන්හට ලාභාංශ ගෙව්වා. එම වසර 30 පුරා පොරොන්දු වූවාට වැඩියෙන් ලාභාංශ ගෙවීමට සමාගමට හැකියාව ලැබුණා. 2019 වසරේ රක්ෂණාවරණ හිමියන් වෙත 9.99% ක ලාභාංශ ගෙවා තිබෙනවා. ඒ පිළිබඹු වන්නේ සමාගම දූරදර්ශීව සිදුකරන ආයෝජන කළමණාකරණයයි.

ඒ වගේම අප අපේ සේවකයන් සඳහා අභිමානවත් සේවා පරිසරයක් නිර්මාණය කර දීලා තියනවා. අප විශාල වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කේන්ද්‍රකරගත් සමාගමක් ලෙස නොකඩවා පසුගිය වසර 7 පුරාවට Great Place to Work® වෙතින් ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ඇගයුමට ලක්වුණා. ඒ වගේම කාන්තාවනට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත් අප Great Place to Work® වෙතින් මෙම කාණ්ඩයේ ඇගැයීම වෙනුවෙන් පැවැති පළමු උළෙලේදීම ඇගයුමට පාත්‍ර වුණා. ශ්‍රී ලංකාව තුළ බෑන්ක්ඇෂුවරන්ස් ඔස්සේ ව්‍යාපාර කිරීමේ පුරෝගාමීත්වය හිමි වන්නේ ද අපටයි

මම ශ්‍රී ලංකාවට හරිම ආදරෙයි ! මෙහිදී මට ඉතාමත් උණුසුම් හදවත් ඇති ආගන්තුක සත්කාරයෙන් අනුන පුද්ගලයින් රාශියක් මුණගැසුණා. මම බොහෝ දේ මේ වසර කිහිපයේදී ඉගෙන ගත්තා. AIA සමූහය සුවිශාල ජාත්‍යන්තර සමාගමක්. මම ඉගෙනගත් වැදගත්ම පාඩම තමයි අප සෑම ක්‍රියාකාරකමකදීම සංස්කෘතික වශයෙන් සංවේදී වීමට මතක තබා ගත යුතුයි. ශ්‍රී ලාංකේයන් අතර ජාතිකත්වය පිළිබඳ අභිමානවත් හැඟීමක් තිබෙනවා. අප මේ රටට එකතු කරන සෑම කටයුත්තකදීම ජාතික අභිමානය නම් වූ ඒ අගය ඊට එකතු කරලීමට අප උත්සාහ ගන්නවා.

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වශයෙන් අප ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අනාගත මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරමින් වඩාත් ශක්තිමත් සහ ස්ථාවර සමාගමක් ලෙස රැදී සිටිනවා. අප දකිනවා මේ වසරේ COVID වෛරස අර්බුදය ගෝලීය වශයෙන් සමස්ථ ව්‍යාපාරික ක්ෂේත්‍රයටම අයහපත් ලෙස බලපාන අයුරු. මෙවන් අවස්ථාවන් හී දී අප සේවාලාභීන්ගේ විශ්වසනීයත්වය රැකගෙන ස්ථාවරව කටයුතු කිරීමේ උපාය මාර්ගික සැලැස්මක් අප ප්‍රායෝගික කරනවා.

Comments