හේලීස් ඇග්‍රිකල්චර් Inotec පොලිඑතිලීන් නල දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි | සිළුමිණ

හේලීස් ඇග්‍රිකල්චර් Inotec පොලිඑතිලීන් නල දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි

කෘෂිකාර්මික ජල සම්පාදන ක්‍රියාවලියේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් පසුගියදා විවෘත කරන ලදි. සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම නවතම කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබා දෙනු ඇත.

ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත් තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත තායිලන්තයේ Kanok Products ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් හේලීස් ඇග්රිකල්ච ආයතනය මෙම නවතම කර්මාන්තශාලාව ආරම්භ කර ඇත. කෘෂි උපකරණ අංශය පිළිබඳව හේලීස් ඇග්රිකල්ච ආයතනය සතු දිගුකාලීන අත්දැකීම් සහ Kanok Products ආයතනයේ උසස් තාක්ෂණය අනුසාරයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම නිෂ්පාදන මඟින් සීමිත ජල සම්පත මනා අරපිරිමැස්මකින් සහ කළමනාකරණයකින් යුතුව උපරිම ප්‍රයෝජනයට ගත හැකි අතර කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ පෙරළිකාර ජල සම්පාදන තාක්ෂණික විසඳුම් ළඟා කර දෙනු ඇත.

Comments