ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ජීවන ශක්ති’ රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ජීවන ශක්ති’ රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

වැවිලි මානව සංවර්ධන භාරය (SLIC) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව ගෙන එන විශේෂ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන SLIC ජීවන ශක්ති හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී වැවිලි මානව සංවර්ධන භාරය සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ගෙන එන විශේෂ සැලසුමකි.

ශ්‍රී ලංකාව උසස් ගණයේ තේ නිෂ්පාදකයෙක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබේ. ලොව බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව හඳුනාගන්නේ ‘සිලෝන් ටී’ යන නාමය හේතු කොට ගෙනය. ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට තේ කර්මාන්තයෙන් සිදුවන දායකත්වය සුළුපටු එකක් නොවන අතර එය මෙරට අපනයන අංශයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එවන් කර්මාන්තයක වඩාත්ම වටිනා සම්පත් දායකයා වන්නේ වතු කර්මාන්ත සේවකයින්ය. ඔවුන්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාවය මෙම කර්මාන්තයේ දීර්ඝකාලීන පැවැත්මට හේතු වේ. තේ වතු කම්කරුවන් කළමනාකරණ කටයුතු සිට තේ දලු නෙළන කාර්යයන් අතර පරාසයේ සිදුවන සෑම කටයුත්තකටම තම ශ්‍රම දායකත්වය ලබා දේ. 150,000 කට අධික පිරිසක් මේ වන විට වතු කම්කරුවෝ ලෙස සේවයේ යෙදී සිටී. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දිගු කාලීනව පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මෙම ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කිරීම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු‍ දෙනාගේම වගකීමකි.

Comments