සමපෝෂ වයඹ පළාත් ශුරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට | සිළුමිණ

සමපෝෂ වයඹ පළාත් ශුරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට

CBL සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණය, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට පවත්වනු ලබන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උලෙළ විශේෂත්වයක් ගනී. 2015 වසරේදී උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් සමපෝෂ සවිබලය එක්කළ ‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා’ මේ වන විට වයඹ, නැ‍ෙඟනහිර, ඌව සහ දකුණ යන පළාත් 5 සඳහාම විහිදී ඇති අතර එමඟින් පාසල් 650ක දූ දරුවන් 18,000කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවකාශය සැලසේ.

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ ආරම්භය සනිටුහන් කරමින් වයඹ පළාත් ක්‍රීඩා උලෙළ වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පසුගිය අගෝස්තු මස 15 වනදා සිට 18 දක්වා පැවැත්විණි.

මෙහිදී වයඹ පළාත් පාසල් ක්‍රීඩා ශූරතාවය වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබීය. එම තරගාවලියේ අනුශුරතාව කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

Comments