ජනශක්ති ලයිෆ්හි විශිෂ්ටයින් ඇගයුම් ලැබූ ස්වර්ණමය රාත්‍රිය | සිළුමිණ

ජනශක්ති ලයිෆ්හි විශිෂ්ටයින් ඇගයුම් ලැබූ ස්වර්ණමය රාත්‍රිය

ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’ පසුගියදා කොළඹ නෙළුම් කුලුනේදී පවත්වන ලදී. එහිදි වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජනශක්ති ලයිෆ්හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, ජනශක්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රමේෂ් ෂාෆ්ටර්, ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ සමාගමේ ප්‍රධාන කළමනාකාරීත්වය ඇතුළු අමුත්තන් රැසක් සහභාගි වූහ.

සුවිශේෂී කැපවීමක් සහ දායකත්වයක් දැක්වූ ආයතනයේ ඉහළම ජයග්‍රාහකයින් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමත් සමඟ ජයග්‍රහණයෙන් සහ සුහදතාවයෙන් පිරී ගිය මෙම සන්ධ්‍යාවට ජනශක්ති ලයිෆ්හි උපාය මාර්ගික දැක්ම සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව Personal Lines Channel හි සාමාන්‍යාධිකාරී රෙහේන් ගුණවර්ධන සහ Retail Business Channel හි සාමාන්‍යාධිකාරී එච්.ඊ.ටී. සම්පත් විසින් සිදුකළ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ද ඇතුළත් විය. ප්‍රශංසනීය ඇගයුම්වලින් ප්‍රබෝධමත් වූ මෙම සැඳෑව තවත් විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකින් පිරී තිබුණු අතර ආයතනය වෙනුවෙන් සිදුකළ අමිල දායකත්වය වෙනුවෙන් ජනශක්ති ලයිෆ් විසින් තම සේවා මණ්ඩලය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂි ඇගයීම මෙම උත්සව අවස්ථාවෙන් මැනවින් පිළිබිඹු විය.

 

Comments