• නගර සැලැසුම් සහ නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් ඔබගේ ආණ්ඩු සමයේදි වැඩි අවධානයක් තිබුණා. ඒ වැඩ පිළිවෙල එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදි නිසියාකාරව සිදු වුණේ නැහැ කියලා ඇතැමුන් කියනවා. මේ වන විට නගර සංවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සඳහන් කළොත්.?
පසුගිය දිනක අප හා නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුණා. ආරම්භ කිරීමෙන් අනතුරුව වැඩ අවසන් නොකළ ව්‍යාපෘති සම්බන්ධයෙන් දැනට අපි වැඩ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරනවා. කඩිනමින් ඒ ඉදිකිරීම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ක්ෂණිකව කළ යුතු කටයුතු ඉදිරියේදි කඩිනමින් කිරීමට කටයුතු කරනවා. නාගරික සංවර්ධන අමාත්‍යංශය කියන්නේ මහ පුළුල් අමාත්‍යංශයක්. නගර සැලැසුමක් තිබුණට සමහර අඩු ආඩුපාඩු තියෙනවා.
අපි ඒ අදාළ නිලධාරින්ට කියනවා සැලැසුම් ක්‍රියාත්මක වීමේදී සිදුවන අඩුපාඩු නිවැරදි කිරීමට අපි උපදෙස් දී තියෙනවා. පසුගිය එජාප රජය සමයේ කුණු කසල ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ව සිටින කාලයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා ආරක්ෂක ලේකම්වරයාව සිටි කුණු ප්‍රශ්ණයට හො විසඳුම් දුන්නා. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ නැති නිසා කුණු කඳු කඩාගෙන වැටුණා. ජනතාවට ප්‍රශ්නයක් නොවන වැඩපිළිවෙලක් කරගෙන යන්නයි කටයුතු කළේ. එදා අපි සැලසුම් කරලා නැවතුණු ඒ ව්‍යාපෘති නැවත ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා.
• නව රජය බලයට පත් වීමෙන් පසුව සියයට 15ක් ව පැවැති බදු සියයට 8 දක්වා අඩු කිරීම ජනතාව පැත්තෙන් සුබවාදී වුවත් දිගුකාලීනව රටට අහිතකරයි කියලා සමහරුන් කියනවා?
වැට් අඩු කිරීමේදී තවත් කාර්යයක් රජය විසින් හඳුන්වා දුන්නා. දිනකට ලක්ෂ අටකට අඩු ආදයම් ඇති ආයතනයක් වැට් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ අයට පෙර තිබුණ විදිහට සියයට දාහතක ලාබයක් අයත් වෙනවා. රුපියල් 100 බඩුවකට 17ක් වැට් බදු යනවා. දැන් ඒ 17 ඒ අයට ඉතිරි වෙනවා. ඒ අයට භාණ්ඩයකට දාහතක ලාබයක් තියෙනවා.
• ඔබ එසේ කිවත් ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා ඔබතුමාලා බදු සහන දෙන්නේ පසුගිය රජය ලබාදුන් සහන කප්පාදු කරලා කියලා?
එසේ කප්පාදු කළ එක දෙයක් කියන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. කිසිදු දෙයක් කප්පාදු කරලා නැහැ. මොනවද ඒ අය ජනතාවට දුන්න සහන කියලයි අපි අහන්නේ. අද බලන්න මහජනයාට කොතරම් සහන ලැබිලාද? එක එක්කෙනාට ඕන තරම් කතා කියන්න පුළුවන්. බදු අඩු කර වෙළඳාම වැඩි කරන්නයි අපිට අවශ්‍ය.
• මෙරට ණය පොලී වාරිකය වාරිකය 2020 වසරේ දි රුපියල් කෝටි ලක්ෂයක් වන බව ඇතැමුන් සඳහන් කරනවා. එය ගෙවා දමන්නට යම් වැඩපිළිවෙලක් තියෙනවාද?
මේ රටේ සාමය ඇති වෙනකොට ජාතික ආරක්ෂාව ඇතිවෙනකොට පාලන තන්ත්‍රය ශක්තිමත් වෙනකොට සංචාරකයෝ එනවා; ආයෝජකයෝ එනවා. රටේආදායම එමගින් ඇතිවෙනවා.
හිටපු ආණ්ඩුවේ ඇමැතිවරුත් පිළිගත්තා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා විශාල අසීරු ප්‍රශ්න මතු වෙලා තියෙනවා කියලා. අපි විතරක් නොවෙයි හිටපු ජනාධිපති, අගමැති ඇතුළු ඇමැතිවරු ඔක්කෝම පිළිගත්තා මේ සංශෝධනය නිසා විශාල ප්‍රශ්න මතු වෙලා තියෙනවා කියලා. අපි නොවෙයි එදා ඒවා කිව්වේ. බල අධිකාරි තුනක් ඒ නිසා ඇතිවුණා; කතා නායක, අගමැති ජනාධිපති ලෙස බල අධිකාරි තුනක් ඇතිවුණා.
මේ ආකාරයට රටක් දුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් ආවොත් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා .
• නැවත ඒකාධිපති පාලනයක් ඇති කරන්නයි මේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නැවත සංශෝධනයක් ගෙන ඒමට උත්සහ කරන්නේ කියලා ඇතැම් මන්ත්‍රීවරුන් කියනවා?
ඒ කතාවක් හරියට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගැහැනු ළමයාගේ කට ඇතුළට පිස්තෝලයක් දැම්මා වගේ කතාවක්. ඒ වගේ කතා ඕනතරම් කියනවා. ඒවගේ ඒකාධිපති පාලනයක් ද මේ ගෙන යන්නේ කියලා ඉතා පැහැදිලියි. ප්රජාතන්ත්රවාදය ගරු කරන ජනතාවාදි පාලනයක් රට තුළ ස්ථාපිත වෙලා ඇති බව රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා.
• තවත් මාස හතරක් වැනි කාලයක් ඇතුළත මහ මැතිවරණයක් ඒනවා. ඒ්කට සූදානම්ද?
අපිට තුනෙන් දෙකට වඩා ආසන සංඛාවක් ගන්න අපි වැඩකරනවා. ඡන්දයේදි සියල්ලට ම පිළිතුරු ලැබෙනවා.
• පසුගිය කාලයේදි දිගට ම කතා බහට ලක් වුණු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. එයට අදාළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වත් පියවර අරගෙන නැහැ කියලා ඇතැමුන් කියනවා.
අපි අලුතින් එෆ් සී අයි ඩී පත් කරන්නේ නැහැ. නමුත් රටේ පවතින පොලිසි බුද්ධි අංශ හා සිඅයිඩිය පාවිච්චි කරලා අපිට ලැබෙන තොරතුරු අනුව කටයුතු කරනවා. එයට සරල උදාහරණය ස්විස් තානාපති කාර්යාල ප්‍රශ්නය. අපේ රටේ පොලිස් නිලධාරියකුට වීසා ලබාදිලා ගුවන් යානයකින් මුළු පවුලම අරන් ගියා. ඒ ගිහින් ඉවර වෙලා ලෝක චෝදනාවක් රටට එන විදිහට නාටකයන් අාරම්භ කළා. ඒ නාටකය රටට හෙළි වෙමින් පවතිනවා. රජය එයට මැදිහත් වෙලා අනෙක් තානාපති කාර්යාල දැනුවත් කරපු නිසා හොඳයි.නැතිනම් ලෝකයේ කොයි රටේද සිදුවීමක් වුණාම පැමිණිලිකරු කටඋත්තර නොදී ඉන්නේ; අසනීපය පැමිණිලි නොකර රෝහල් ගත නොවී ඉන්නේ. අද වෙනතුරු වත් පැමිණිලි කරු පොලිසියට ඉදිරිපත් වෙන්නේ නැහැ; වෛද්‍යවරු පොලීසියට ඉදිරිපත් වෙන්නේ නැහැ. දවසින් දවස මේ සම්බන්ධයෙන් රජයට හෙළිවෙමින් පවතිනවා.
• මේ රජයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සදහන් කළොත් ?
අපි මේ යන්නේ භාරකාර ආණ්ඩුවක්. අපි ඒ තුළ කල්පනා කළා; ඒ අනුව ඇමැතිවරු පහළොවක් දක්වා අඩු කළා. රට පාලනය කරන්න අවශ්‍ය රට දුවන්න අවශ්‍ය සියලු සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා.