Home » විශ්වාසභංගය ඔළුගෙඩිවලින් මනින්න බැහැ

විශ්වාසභංගය ඔළුගෙඩිවලින් මනින්න බැහැ

සජබ පා. මන්ත්‍රී තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
March 23, 2024 12:33 am 0 comment

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුවද එය ගෙන ඒමේ වැදගත්කම ඉන් යටපත් කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පෙන්වා දෙයි. ‘‘මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට යාමේ දී මෙන්ම කථානායකවරයා එය සහතික කළ ආකාරයත්, ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කථානායකවරයා අත්තනෝමතිකව ක්‍රියා කළ ආකාරයත් යන මේ වැරදි පූර්වාදර්ශයන් දෙකටම විරෝධය පළ කිරීමට තමයි අපි විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ. මේ රටේ වර්තමාන පාලනය හමුවේ වළපල්ලට යමින් තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ උතුම් චේතනාවෙන් එය සිදු කළේ. නමුත් පාර්ලිමේන්තුටවේ සිටින බහුතරය ආණ්ඩු පක්ෂයේ. ඔවුන් ස්වාධින මතයක් දරන පිරිසක් නෙමෙයි. ඔවුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ පක්ෂයේ මතවාදය පෙරදැරිවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාට විශ්වාසභංගය ගෙන ආ වෙලාවෙත් එය අපි දැක්කා. එදත් අපි විශ්වාස භංගය පැරදුණා. නමුත් අද සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division