Home » ඉන්දු – ලංකා ගොඩබිම් මඟ ගැන සාකච්ඡාවට සාගල ඉන්දියාවට

ඉන්දු – ලංකා ගොඩබිම් මඟ ගැන සාකච්ඡාවට සාගල ඉන්දියාවට

by Mahesh Lakehouse
March 23, 2024 12:34 am 0 comment

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා 27 හා 28 දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අතර එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීයාවේ කළ සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කොට එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු ගැන සාකච්ඡා කෙරේ. තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදිකෙරේ.

මෙම මාර්ග පද්ධතිය මඟින් දෙරටේම ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම මෙන්ම සෞභාග්‍යය වර්ධනය කර ගැනීම අරමුණ වී ඇත.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇත. තලෙයිමන්නාරම සහ රාමේශ්වරන් අතර දුර කිලෝමීටර් 23කි.

එල්. පී සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division