Home » ලංගම අවුරුදු ආදායම මිලියන 1500ක්

ලංගම අවුරුදු ආදායම මිලියන 1500ක්

by Mahesh Lakehouse
April 27, 2024 12:38 am 0 comment

අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1500ක පමණ ආදායමක් උපයා තිබේ. අප්‍රේල් මස 05 වනදා සිට 16 දක්වා මේ ආදායම උපයා ඇති බව කී එහි සභාපති ලලිත් ද අල්විස් සතියක කාලයක් තුළ ලංගම අධිවේගී මාර්ග ආදායම ලෙස රුපියල් මිලියන 130ක් ඉපැයූ බවද කීවේය.

මගී ගමනාගමනය අඩාළ නොවන ලෙස අලුත් අවුරුදු සමයේ අවශ්‍ය තරම් බස් රථ ධාවනයට යොදවන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දුන් බව කී ඒ මහතා දිවයින පුරා සාමාන්‍ය අයුරින් ධාවනය වන බස් රථ ඇණියට අමතරව තවත් අමතර බස් රථ 700ක් යෙදවූ බව ද කීය. වැඩිම බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරනු ලැබුයේ පසුගිය 12 වනදා යැයි කී ඒ මහතා එදින බස් රථ 1200ක් දිවයින පුරා ධාවනයට එක් කළ බවත් කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division