Home » නිල සංචිත ඩොලර් බිලියන 5ට නඟී

නිල සංචිත ඩොලර් බිලියන 5ට නඟී

by Mahesh Lakehouse
May 4, 2024 12:35 am 0 comment

පසුගිය මාර්තු මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දළ නිල සංචිත වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය සැලකිය යුතු ලෙස මිලදී ගැනීමයි.

එසේම උපයෝගිතා පිළිබඳ කොන්දේසිවලට යටත්ව, චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5කට සමාන හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත්ව ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.

මාර්තු මාසයේදී ශුද්ධ මැදිහත් වීම අමෙරිකානු ඩොලර් මිලියන 715ක් වූ අතර 2024 පළමු කාර්තුව තුළ ශුද්ධ මිලදී ගැනීම් ඩොලර් බිලියන 1.2ක් විය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division