Home » ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම්

ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම්

by mahesh
September 13, 2023 3:59 pm 0 comment

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් යෙදීම සඳහා ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවට ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මේ අනුව අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 50 දෙනෙකුගෙන් යුතු තාක්ෂණික සිසු කණ්ඩායමකට විශේෂ පුහුණුවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබාදීමේ ප්‍රධාන අරමුණින් ලංකා-ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කළද මේ වනවිට එම අවශ්‍යතාවය නිසි පරිදි ඉටු නොවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ අඩු පාඩු පිරවීම සඳහා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට වාර්ෂිකව බඳවා ගන්නා සිසුන්ගෙන් 50 දෙනකු ගමනාගමන මණ්ඩලයේ පුහුණුව සදහා ලබාදෙන ලෙස මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙහිදී ඉල්ලා සිටින ලදී. ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයේ හොඳ පිළිගැනීමක් තිබෙන නිසා පූර්ණකාලීන පාඨමාලාව සඳහා සිසුන් 600ක් බදවා ගැනීම සිදුකළද ඔවුන් වෙනත් රැකියා අවස්ථා සදහා යොමුවීම ගැටලුවක් බවද මෙහිදී සාකච්ඡා විය. තවද සිසුන්ට පුහුණුව ලබාදීමේදී පවතින පුහුණුකරුවන්ගේ හිඟය සහ පහසුකම්වල අඩුපාඩු යනාදිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තාක්ෂණික ශිල්පී අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා ලෙස කමිටු සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

තවද ලංකා – ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය සමඟ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එ්කාබද්ධව පුහුණු පාඨමාලා මධ්‍යස්ථානයක් මහනුවරදී ආරම්භ කිරීමට අදාළ යෝජනාව පිළිබදව ද කඩිනමින් සලකාබලන ලෙස ද මෙහිදී කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division