Home » ආචාර්ය නලින් ද සිල්වාගේ අවසන් කටයුතු අ‍ෙමරිකාවේදී

ආචාර්ය නලින් ද සිල්වාගේ අවසන් කටයුතු අ‍ෙමරිකාවේදී

by Mahesh Lakehouse
May 4, 2024 12:36 am 0 comment

අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වාගේ අවසන් කටයුතු මැයි මස 05 ඉරිදා (අද) අ‍ෙමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී සිදු කිරීමට තීරණය කර ඇත. එම අවසන් කටයුතුවලට සමගාමීව මෙරට දී බෞද්ධ චාරිත්‍රානුකූලව අවමංගල්‍ය කටයුතු සිදුකර ආචාර්ය නලින් ද සිල්වා පින් අනුමෝදන් සිදු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙරට සිටින මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික හා දේශමාමක සංවිධාන ගණනාවකගේ එකතුවක් විසින් ඒ මහතා වෙනුවෙන් ආගමික වතාවත් ඉරිදා පස්වරු 3.00 ට කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී සිදුකිරීමට නියමිතය. මෙහි සංවිධාන කටයුතු කොළඹ 07 ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, චින්තන පර්ෂදයේ සභාපති බෙංගමුවේ නාලක හිමිවරු සිදු කරති. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජාතික නායකයින් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division