Home » සාගර ආරක්ෂාවට ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානයක්

සාගර ආරක්ෂාවට ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානයක්

by Mahesh Lakehouse
April 27, 2024 12:42 am 0 comment

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම උදෙසා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීන්දු කොට ඇත.

එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ පයේ නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය මෙම එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවූ අවස්ථාවේ මෙම පොරොන්දුව ලබා දී ඇත. නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන්යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එල්. පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division