Home » උඩරට නරඹන්න කැලිප්සෝ සහ දුන්හිඳ ඔඩිසි ඇරඹේ

උඩරට නරඹන්න කැලිප්සෝ සහ දුන්හිඳ ඔඩිසි ඇරඹේ

by Mahesh Lakehouse
March 23, 2024 12:32 am 0 comment

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය සේවය ආරම්භ කර වසර 100ක් සපිරීම නිමිත්තෙන් උඩරට මාර්ගයේ ධාවනයට නව සංචාරක සුඛෝපභෝගී දුම්රිය සේවා හතරක් ලබන මස සිට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සිළුමිණට පැවසුවේය.

ඒ අනුව දුම්රිය ගමනේ සියවස යෙදෙන අප්‍රේල් 5 වෙනිදා කොළඹ කොටුව සහ බදුල්ල අතර ‘දුන්හිඳ ඔඩිසි‘ නව දුම්රියයන් දෙක කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කරන අතර අප්‍රේල් මාසයේම සුවිශේෂී නැරඹුම් මැදිරි සහිත ‘කැලිප්සෝ‘ දුම්රිය මහනුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට මහනුවර දක්වාත් ධාවනයට එක් කරනු ඇත. මීට පෙර මෙරට

මගී ජනතාවට හා සංචාරකයන්ට ගමන් කළ නොහැකි වූ සුවිශේෂී නැරඹුම් මැදිරිවලින්ම සමන්විත කැලිප්සෝ දුම්රියේ සියලු මඟීන්ට හැරවුම් උඩරට දර්ශන පැහැදිලිව බලාගත හැකි ලෙසින් ආසන දුම්රිය ජනේල දෙසට මුහුණ ලා සකස් කර ඇත. පැරැණි දුම්රිය මැදිරි යොදාගෙන රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර ඇති නව නැරැඹුම් මැදිරි සඳහා සංචාරකයන්ගේ විශාල ඉල්ලුමක් පවතිනු ඇතැයි දැනගන්නට ඇත.

එමෙන්ම මඟීන්ට විවෘත ලෙසින් පරිසරය නැරැඹීමට හැකි වන පරිදි විශේෂිත මැදිරි මේ වන විට රත්මලාන කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙමින් පවතී.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division