ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමිට අනුනායක පදවියක් | සිළුමිණ

ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමිට අනුනායක පදවියක්

බත්තරමුල්ල මයුරපාද පිරිවෙන්පති ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමියන්ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමේ පුණ්‍යෝත්සවය 14 වනදා සවස 2.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී අභිනව අනුනායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදු කරනු ඇත. අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් විජිනිපත පිළිගන්වනු ඇත.

Comments