කේන්දරේ 7 වැන්නේ සහ 5 වැන්නේ ග්‍රහයන් සුබ නම් ප්‍රේමයත් සුන්දරයි | Page 2 | සිළුමිණ

කේන්දරේ 7 වැන්නේ සහ 5 වැන්නේ ග්‍රහයන් සුබ නම් ප්‍රේමයත් සුන්දරයි

ශනි රාහු 5 නම් කතුන් හෝ  පුරුෂයන්  පසුපස ගොස් මුදල් නැති කර ගනී

ශනි 5 හෝ 7 නම් ලැබෙන පෙම්වතා පෙම්වතිය  වයසින් වැඩියි

රවි කුජ ශනි රාහු 5 නම්  අසුබයි

 

‍ෙජ්‍යාතිෂවේදී  ටී. හෙන්රි බෙම්මුල්ල

ඔබ මේ වන විටත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් විය හැකිය. එක තත්පරයක්වත් දෙදෙනාට දෙදෙනාම නොදැක සිටිය නොහැකි තරමට ආදරය කරනවා වෙන්නටත් පුළුවන. කේන්ද්‍රයේ 7 වැන්න 5 වැන්න ආදරය ප්‍රේමය 7 තුළ සුබ ග්‍රහයින් හැසිරෙන්නේනම් ප්‍රේමයට සුන්දර වේ.

කේන්ද්‍රයේ රවි කුජ ශනි රාහු පස් වැන්නේ සිටීම අයහපත්වේ. කුජ ශුක්‍ර සංයෝගය අධික කාමයට හැරෙන්නකි. රාහු එක් වුවහොත් වෙනත් අනියම් සබඳතා ගොඩනැඟේ. විවාහය ද බිඳ වැටෙනු ඇත. ශනි 5 හෝ 7 නම් තමාට වඩා වැඩිමහල් අයෙකු ලැබේ.

ශනි රාහු 5 හේ නම් කාන්තාවක් හෝ පුරුෂයෙකු පසුපස ගොස් තම මුදල් නිකරුණේ විනාශයට පත්කර ගන්නේය. සමහර වැන්දඹු හෝ දික්කසාද වූ කාන්තාවන් සියුම් ලෙස උපක්‍රමශීලීව තම ග්‍රහණයට හසුකොට මුදල් ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන බැව් නොරහසකි.

සඳු ගුරු යෝග වීම ආදරයක් ඇතිවීමක් සේම නැතිවීමටද මඟ පාදයි. ලග්නාධිපති 5 වැන්නාධිපතියා සමඟ යෝග වීම පෙම් සබඳතාවකට මුල පුරන අතර කුජ ශනි යෝගයකට තවත් අශුභයෙකු පෙනීම කුජ 22 වැනි දෙර්කාණාධිපතියා වීම නිසා ප්‍රේමය කඩාකප්පල් වේ.

මේ අතර කාම රෝගීන් ද වැඩි සංඛ්‍යාවක් වේ. අග්නි කාම, භීෂණ කාම, ස්පර්ශ කාම, දුෂ්ටි කාම, පීඩන කාම, මනෝමය කාම, වධ හිංසා කාම මෙන්ම විකෘති වැනි කාම රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ අතර සිටී. බැලූ බැල්මට බාහිරින් මේ කිසිවක් සොයා ගත නොහැකි වූවත් අභ්‍යන්තරික පැවැත්ම ගැඹුරින් නිරීක්ෂණය කරන විටදී මතුපිටින් උපාසක මට්ටමේ සිටියත් ඇතුළතින් බලන විට තේරුම් ගත හැකි වේ. මේ ගැන සොයන එකම මෙවලම ජන්ම පත්‍රයයි.

දැලි රැවුල ආ විටත් ගැටිස්සියක් වූ විටත් ඇතැමුන් ‘පෙම් ඔරුව‘ට නගිනුයේ කොල්ලෑව ගැන නොබලාය. කරත්තයක රෝදයේ කඩ ඇණය කැඩුණ විට වන්නේ කුමක්ද කියා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ප්‍රේම කිරීම සෞන්දර්යාත්මක කලාවකි. ළැමට නොව ළයට ආදරය කරන්නේ නම් සදාතනික උත්තරීතර ප්‍රේමයක් මත සෞන්දර්යාත්මක යුගදිවියක් ගොඩනඟාගෙන දිවි ඇති තෙක්ම ගෙන ගිය හැකිය.

Comments