ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය-5 කේන්දරේ සහ තත්කාලයෙන් පෙන්වන රට යන වාසනාව | Page 2 | සිළුමිණ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය-5 කේන්දරේ සහ තත්කාලයෙන් පෙන්වන රට යන වාසනාව

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ඔබටත් විදෙස්ගත වීමේ වාසනාව ඇත්දැයි ජන්ම පත්‍ර සහ තත්කාල විමසුමකින් නිගමනය කළ හැකියි

නිවෙසින් පිටත වාසය තුන්වැනි භාවයෙන් විදෙස් ගමන් නව වැනි භාවයෙන්

 ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

මේ දිනවල බොහෝ දෙනා විදේශ ගමන් මෙන්ම විදේශ රැකියා සඳහා උනන්‍දුවක් දක්වන ආකාරය සාමාන්‍ය කටයුත්තක් ලෙස පෙනෙන්නට ඇත. ජන්ම පත්‍රයේ 3 වැනි භාවය මඟින් නිවසින් පිටත ජීවත්වීම සහ ගමන්බිමන්වල යෙදීමද, 9 වැනි භාවය මඟින් විදේශ ගමන්වල යෙදීමද පෙන්වයි. 10 වැනි භාවයද සම්බන්‍ධ වන විට රැකියාවද පෙන්වයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ඔබටත් විදේශගත වීමට වාසනාව ඇත්තේදැයි ජන්ම පත්‍රය හෝ තත්කාල විමසුමක් මඟින් නිගමනය කළ හැකි වෙයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව විදේශගත වීමට වාසනාව ඇත්තේදැයි මෙම ජන්ම පත්‍රය මඟින් විශ්ලේෂණය කර බලමු.

මෙම ජන්ම පත්‍රයේ 3 වැනි භාව ස්ඵුඨය මිථුන රාශියේ 13 01 36 යෙදී ඇත.

එය බුධ හිමි මිථුන රාශියේ රාහුගේ නක්‍ෂත්‍රයේ බුධගේ උපස්ථානයයි. උපස්ථානය අධිපති බුධ 3 සහ 6 අධිපතිව 7 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය. මේ බුධ ග්‍රහයා ශනිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. ශනි 10 සහ 11 අධිපතිව 2 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය. මේ අනුව ජන්මියා විදේශගත වීමේ වාසනාව ලබා ඇත.

ඒ අනුව මෙම ජන්ම පත්‍රයේ 3 වැනි, 9 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහා ග්‍රහයන්ගේ නක්‍ෂත්‍ර පිහිටීම් සටහන උපයෝගී කරගමු.

ජන්ම පත්‍රයේ 3 වැනි, 9 වැනි සහ 12 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, ගුරු, රවි, ශනි සහ කේතු වෙති.

මෙම භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාල සීමාවලදී, ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වනවිට, ජන්මියා විදේශගත වෙයි.

මේ ජන්මියා විදේශගත වූ දිනයේදී, ගතකර ඇත්තේ කුජගේ මහ දශාවේ බුධගේ භුක්තිය සහ සිකුරුගේ අන්තර කාල සීමාව විය.

කුජ ග්‍රහයා 1 වැනි 6 වැනි සහ 8 වැනි භාව නිවේදක ග්‍රහයෙකි. මේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටියේ බුධ හිමි කන්‍යා රාශියේය. බුධ ග්‍රහයා 3 වැනි භාවයද හිමි වන හෙයින් ජන්මියා මෙම කාල සීමාව තුළදී විදේශගත වෙයි.

හරියටම විදේශගත වන කාල සීමා නිගමනය කිරීම සඳහා කුජගේ, බුධගේ සහ සිකුරුගේ ගෝචර ගමන් බලන්න.

ජන්ම පත්‍රයේ 9 වැනි සහ 12 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මීන රාශියේ 11 වැනි භාවයේ ගෝචරය වෙයි. කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 2 වැනි භාවයේ සඳුගේ නක්‍ෂත්‍රයක ගමන් කරයි. බුධ ග්‍රහයා ධනු රාශියේ 9 වැනි භාවයේ, සිකුරුගේ නක්‍ෂත්‍රයක ගෝචර විය. රවි සහ සඳු යන දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියා විදේශගත වෙයි.

මේ ජන්මියා විදේශගත වූ දිනයේදී, බුධ ග්‍රහයා ධනු රාශියේ 9 වැනි භාවයේ, සිකුරුගේ නක්‍ෂත්‍රයක ගෝචර විය.

රවි ග්‍රහයා මකර රාශියේ 10 වැනි භාවයේ, සඳුගේ නක්‍ෂත්‍රයක ගෝචර විය. ජන්ම රවි ග්‍රහයා, බුධ සමඟ සංයෝගව සිටියේය. සඳු ග්‍රහයා මිථුන රාශියේ 2 වැනි භාවයේ, කුජගේ නක්‍ෂත්‍රයක ගෝචර විය. කුජ ග්‍රහයා, ජන්ම පත්‍රයේ බුධ හිමි මිථුන රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සිටියේය.

ඔබ සැමට ජය.

Comments