රටේ වත්මන් ගැටලු ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

රටේ වත්මන් ගැටලු ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 අනිවාර්යෙන්ම නැහැ. සම්පූර්ණයෙන් වැරදි. අපේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියේ අඩුපාඩු තියෙනවා නම්; ඒ නීති ප්‍රතිසංස්කරණය කරගනිමින් නීත්‍යානුකූලව කටයුතු කරනවා මිසක නීතිය අතට ගැනීම පිළිබඳව අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ප්‍රචණ්ඩත්වයෙන් වෙන්නේ පවතින අර්බුද තවත් වැඩිවීමත් ජනජීවිත විනාශ වීමත් පමණයි. ජිවිත නැති වුණා; දේපොළ නැති වුණා. ඒ නිසා වෛරය සමාජගත වුණා. හොරකම් මංකොල්ල වැඩි වෙයි; රට තවත් අගාධයට වැටෙයි. ඒනිසා ප්‍රචණ්ඩත්වයෙන් කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බැහැ. කොයි අතකින් ප්‍රචණ්ඩත්වය පැතිරුවත් එය අපි හෙළා දැකිය යුතුයි. ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳීමට ඇති මඟ නොවෙයි; ඒ හරහා ප්‍රශ්න රැසක් නිර්මාණය වීමයි සිදුවන්නේ. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සෙවීමෙන් අද රට වැටිලා තියන තත්ත්වය අපිට පේනවා.

 

2 අගමැතිවරයාට මේ තිරණය මින් පෙර ගන්න තිබුණා. ගෞරවනීය විදිහට දේශපාලනයෙන් එතුමාට සමුගන්න පුළුවන්කම තිබුණා. එතුමා රටට වැඩක් කළ කෙනෙක්. ඒ නිසා ඔහුට ගෞරවනීය සමුගැනීමක් කරන්න තිබුණා. එතුමා වටා හිටපු වැරදි උපදෙස් නිසා එතුමාට අපරාදේ අගෞරවයට ලක් වෙලා ඉවත් වෙන්න සිදුවීම කනගාටුයි. කළු පැල්ලමක් ඉතුරු කරගෙනයි එතුමා ඉවත් වුණේ එය මකන්න බැරි කළු පැල්ලමක්. මේ රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටි නායකයෙක්. එතුමා ගෞරවනීය ලෙස සමුගැනීමට තිබුණ නායකයෙක්. බොහොම කනගාටුදායක ලෙසයි සමුගැනීම සිදුවුණේ. මෙය සියලු දේශපාලඥයන්ට හොඳ පාඩමක්. බලය සදාකාලික දෙයක් නොවෙයි; ජනතාව විසින් අපිට දුන්න දෙයක්. මේ දේවල් අතහැරලා යන්න අපි සුදානමින් ඉන්න අවශ්‍යයි. මේ අරගලය සැබෑ ප්‍රශ්නයක් නිසා ඇතිවූ දෙයක් මිනිසුන්ට ජිවත්වීමට එදිනෙදා ජිවිතය ගැටගසා ගැනීමේ ගැටලුවක් තියෙනවා.

 

3 මේවා කටකතා බව තහවුරු වෙලා තියනවා. අගමැතිවරයා පත් කිරීමෙන් අනතුරුව ඉක්මනින් රජයක් ස්ථාවර කළ යුතුයි. ආර්ථික අර්බුදය උග්‍ර නිසා IMF සාකච්ඡා ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි. ඒ සියල්ල කිරීමට ස්ථාවර ආණ්ඩුවක් පත් කළ යුතුයි. ණය ප්‍රතිව්‍යූහගත කරන්න අවශ්‍යයි. මේ පවතින ආර්ථීක අර්බුදය නිසා අපිට ඡන්දයක් කරා යා නොහැකියි. ආණ්ඩුව ස්ථාවර කළ යුතුයි. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කළ යුතුයි. රට ස්ථාවර කරලා මාස 6ක් ගිහිල්ලා ඡන්දයකට ගිහිල්ලා ජනතා නියෝජිතයන් පත් කරගත යුතුයි. ප්‍රචණ්ඩත්වය නොවෙයි අර්බුදයන්ට පිළිතුර කියලා මම ජනතාවට කියනවා. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. තෙල් ගන්න විදුලි බලය ගෑස් ආහාර ලබාගන්න වටපිටාවක් හදන්න අවශ්‍යයි. එයට සමාජ දේශපාලනික ස්ථාවරත්වය අවශ්‍යයි. නම්‍යශීලීව කටයුතු කරලා අන්තර්වාර ආණ්ඩුවක් ගෙනයන්න සහයෝගය දෙන්න කියලා හැමෝගෙන් ම ඉල්ලනවා. හමුදා පාලනයන් කියන්නේ කටකතා සහ මතවාදයන් පමණයි කියලා අපිට පේනවා. සමාජ ජාලමාධ්‍යවලින් ගහපන් මරපන් කියන ප්‍රචණ්ඩත්වය වපුරන්නන්ගේ බොරු කටකතා කියලා දැන් තහවුරු වෙලා තියනවා. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීලා අද මේ ගැටලු උග්‍ර වෙලා තියනවා. නීතීය ස්ථාපිත කළ යුතුය. ගැටලුවක් විසඳාගත යුත්තේ සාමකාමී අරගලයකින් මිස ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි

 

4 පැහැදිලිවම එසේ විය හැකියි. මේවා සියල්ල එකට බැඳී ක්‍රියාත්මක වීම විශමාචාර චක්‍රයක් ලෙස ගමන් කරනවා. මේ ආර්ථික අර්බුදය නිසා සමාජ පීඩාවක් ආවා. සමාජ පීඩනය නිසා දේශපාලන ප්‍රශ්නයක් දක්වා දුරදිග ගියා. දේශපාලනික අස්ථාවරත්වයක් නැවත ආර්ථික ගැටලුවක් දක්වා ගමන් කළා. ඒ නිසා මෙය විශමචාර චක්‍රයක් ලෙසයි ගමන් කරන්නේ. ඒ නිසා ස්ථාවර ආණ්ඩුවක් සකස් කළ යුතුයි. මේ පීඩාවන්ට ලක්වූ අයට සාධාරණයක් ඉටුවිය යුතුයි. ප්‍රචණ්ඩත්වයට මුල්වූ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. තරාතිරම් නොබලා දඩුවම් ලබා දිය යුතුයි. ආණ්ඩුව විපක්ෂය හෝ වේවා පවතින නීතිය යටතේ දඩුවම් ලබාදීමට නීතිය ක්‍රියාත්මක කළහොත් පමණයි අපිට ජාත්‍යන්තරයේ යම් කිසි ප්‍රතිරූපයක් යළි ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන්නේ.

 

5 ජාත්‍යන්තර මාධ්‍ය අවධානය ඉතා අහිතකරයි. අපි දන්නවා රටේ සැබෑ අරගලයක් තියෙනවා. ඒ අයගේ වැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුවෙලා තියනවා මෙය විශාල අවාසිදායක තත්ත්වයක්. ණය බර වුණ රටක් අපිට තියෙන්නේ. පිටරටවලින් ණය ඉල්ලගන්න අවශ්‍යයි. ජාත්‍යන්තර ආධාරයක් නැතුව අපිට කොයි ආණ්ඩුවක් ආවත් ගොඩයන්න බැහැ. මෙවැනි ප්‍රචණ්ඩත්වයක් වාර්තා වනවිට සහ දේශපාලනික අර්බුදයන් තියන රටකට ණය දීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. ජනතාවගේ ආර්ථීක සමාජ ප්‍රශ්නයක් තියනවා. ඒ පීඩනය දේශපාලනික අර්බුදයක් ලෙසින් දුරදිග ගියා. මේ රටේ දේශපාලනික අස්ථාවරත්වය මුළු ලෝකයමට පේන්න ගන්නවා. මේ අස්ථාවරත්වය තිබියදී විසඳුම් සෙවීම් අසීරු විය හැකියි.

 

 

1 ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. ගැටලුව විසඳා ගත යුත්තේ සාමකාමී අරගලයකින් මිස ප්‍රචණ්ඩත්වයකින් නොවෙයි. අපි ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා. පහුගිය දින කිහිපය තුළ රටපුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සමාජයේ සාමකාමී පැවැත්මට ලොකු හානියක්. ගාලු මුවදොර පිටිය තුළ සාමකාමී නිදහස් අරගලයක යෙදී සිටිය පිරිසට අරලිය ගහ මන්දිරයෙන් පැමිණි පිරිසක්‌ පහරදීම සම්පුර්ණයෙන්ම දැඩි ලෙස හෙළා දැකිය යුතු කාරණාවක්. ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක විය යුතුයි යන්න අපගේ මතයයි. මොකද හේතුව නිදහස් අරගලයකට පහර දීම බොහොම වැරදියි. ඒ ප්‍රචණ්ඩත්වය ඇති කළේ ආණ්ඩුව. දිවයින පුරා අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වුණේ ඒ නිසයි. දේපොළ ගණනාවක් ගිණිබත් වෙලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුරවැසියන් අට දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ඒත් සමඟම සාමාන්‍ය ජනතාවටත් විශාල පීඩාවන්ට ලක්වීමට සිදුව තිබෙනවා. ඒ සමඟම මහජන නියෝජිතයන්ට තමන්ගේ නිවෙස්වලින් පවා අහිමි වී තිබෙනවා. මේවා සංවිධානාත්මකව දේවල් පමණක් නෙවෙයි. අපි දුටුවා සමහර තැන්වල ව්‍යාපාරික ස්ථානවලට පවා පහරදීලා එහි තිබෙන බඩු භාණ්ඩ කොල්ලකන ආකාරය. ඒ නිසා ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දැකිය යුතුයි. සැමදෙනෙක්ම ප්‍රචණ්ඩත්වයට විරුද්ධ විය යුතුයි කියන ස්ථාවරය අපි දරනවා.

 

2 හිටපු අගමැති මහින්ද රාජපක්ෂයන් ඉවත්විය යුතුයි කියලා මාස එකහමාරක් තිස්සේ උද්ඝෝෂණ වගේම විවිධාකාරයේ විරෝධතා රටපුරාම පැවතුණා. ඒ වගේම ජනාධිපතිවරයා හා ආණ්ඩුවමත් ඉවත් විය යුතුයි යන්න හඩ නැඟුණා. නමුත් මේ උද්ඝෝෂණවලට ඇහුම්කන් දුන් බවක් දැනෙන්නේ නෑ. ඇත්තටම ආරංචි මාර්ග තියෙන්නේ ජනාධිපතිවරයත් අගමැතිවරයාට ඉවත්වෙන්න කිව්වත් ඔහු ඉවත් වුණේ නැහැ. ජනතා මතයට හිස නමලා ඉල්ලා අස්වෙනවා වෙනුවට ඔවුන් අනුගමනය කළේ ප්‍රචණ්ඩත්වය. ඒ තත්වය නිසා මතුවෙච්ච භයානක අර්බුදකාරී තත්වයකට අපි මේ මොහොතේ මූණ දෙන්නේ. රටේ ජනතාව කියනවා නම් ඉවත්විය යුතුයි කියලා එයට හිස නැමීම යුතුයි. හිස නමන්නේ නැතුව බලහත්කාරයෙන් රැඳී සිටීමට උත්සාහ කිරීම හරහා ඇතිවුණු අවාසනාවන්ත තත්ත්වය අපි දැක්කා. මීට මාසයකට ඉස්සෙල්ල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුණා නම් පළවෙනි පියවර හැටියට සාමකාමී නිදහස් පරිසරයක් තුළ මේ ප්‍රශ්නය විසඳගන්න තිබුණා. නමුත් අන්තිම භයානක තත්වයකට රට තල්ලු කරලා ඉවත් වුණේ. එය තමයි කණගාටුදායක කාරණය.

 

3 මේ වනවිට අගමැතිවරයෙක් පත් කරලා තියෙනවා. හමුදා පාලනයක් ඇති කරනවයි කියන කාරණය පිළිබඳව ජනතාව තුළ බියක් සැකක් ඇතිවෙලා තිබුණ බව ඇත්ත. ඒකට හේතුව සාමකාමී පරිසරයක් තුළ ගොඩනැඟුණු මේ ප්‍රචණ්ඩත්වය. එය මර්ධනය කිරීමට ක්‍රමවේදයක්‌ හැටියට හමුදාව යොදා ගැනීම කියන චෝදනාව ජනාධිපතිවරයාට එල්ල වෙලා තිබෙනවා. එය තීව්‍ර වෙන්න හේතුවක් වුණේ ජනාධිපතිවරයා වැඩ බාරගෙන අමාත්‍යංශවල හා ආයතනවලට ප්‍රධානීන් හැටියට හමුදාවේ විශ්‍රාමලත් නිලධාරීන් පත්කරන්න දරපු උත්සාහයක යෙදීමයි.ඒ හරහා හමුදාකරණයකට සැලැසුමක් තිබුණා කියලා ජනතාවට සැකයක් මතුවුණා හමුදා පාලනයක් සිවිල් සමාජයකට සුදුසු දෙයක් නෙවෙයි. නමුත් ජාතික ආරක්ෂාව සැලසීම සඳහාත් පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම සඳහාත් හමුදා මැදිහත්වීම් ඉතිහාසයේත් සිදුවෙලා තිබෙනවා.

 

4 පැහැදිලිවම දේශපාලන අස්ථාවරත්වයක් රටට සුවදායක නැහැ.කුමනාකාරයෙන් ක්‍රියාකරන්න වුණත් පළවෙනි දේ තමයි දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනි. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වයක් තියෙන්න ඕනි. ආර්ථික ස්ථාවරත්වය රඳා පවතින්නේ දේශපාලන ස්ථාවරත්වය මත.මේ වෙනකොට රටේ දේශපාලන ස්ථාවරත්වය කඩා වැටිලා තියෙනවා. ජනතාව හඩ නඟා පාරට බහින්න මූලික වෙච්චි හේතුව ආණ්ඩුව නිසි වෙලාවට අවශ්‍ය විසඳුම් ලබා නොදීමයි. මගේ විශ්වාසය නම් උද්ඝෝෂණයට මූලික හේතුව මහජන සේවාවන් සපයන්න ආණ්ඩුව අසමත් වීම. ගෑස්, තෙල්, විදුලිය, පොහොර වැනි දේ ජනතාවට දෙන්න බැරි වුණා. ජිවන වියදම පාලනය කරන්න ආණ්ඩුව අපොහොසත් වීම නිසා තමයි මිනිස්සු පාරට බැහැල කෑගහන්න පටන් ගත්තේ.ඒ නිසා මේ උද්ඝෝෂණය සාධාරණත්වයක් තියනවා. සාධාරණත්වය දිහා බලලා ඒවාට විසඳුම් හොයනවා වෙනුවට ජනාධිපතිවරයා කළේ හදිසි නීති රෙඟුලාසි ගෙනල්ල ජනතාව මර්දනය කරන්න උත්සාහ කිරීමයි.

 

5 ජාත්‍යන්තරයත් මේ ගැන දැනුම්වත්. තිබුණේ නිදහස් සාමකාමී අරගලයක් බව ඔවුන් දන්නවා. ගැටුම්කාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ප්‍රචණ්ඩත්වයෙන් මෙය විසඳා ගැනීමට නොගොස් කළ යුතුව තිබුණේ ඇහුම්කන් දීමයි. ලොකු පණිවිඩයක් ලෝකයටම දෙනවා. ඒ නිසා මේ පිළිබඳව උනන්දුවක් ඇතිවීම පුදුමයට කරුණක් නොවෙයි. එතනට යන සැවොම දේශපාලන මතවාද ඇති අය නොවෙයි. දේශපාලන මතවාද කුමක් තිබුණත් එතනට සහභාගී වෙන්නේ ගැටලුවලින් පීඩිත මිනිසුන්. විවිධ දේශපාලන අදහස් සමාජයේ විවිධ පුරවැසියන් දරන බව අපිට තේරෙනවා. ඒකෙන් පේන්නේ අරගලය පිළිබඳව ජනතාවට ඇති උනන්දුව. ඒ නිසා විදෙස් මාධ්‍ය වෙන්න පුළුවන්, දේශීය මාධ්‍ය වෙන්න පුළුවන් එය ගැන උනන්දු වීම පුදුමයට කාරණාවක් නොවෙයි. මේ අරගලයට වැඩි ප්‍රචාරයක් ලැබෙන්නේ එය නිදහස් සාමකාමී අරගලයක් ලෙස හැමදෙනාම පිළිගත්ත නිසයි. ගාලු මුවදොරට රැස් වූවන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහක් ගැන කියවෙනවා. එකක් තමයි ඔවුන් කියන්නේ "gota go home " ජනාධිපතිවරයා ගෙදර යායුතු බව ඉන් කියවෙනවා. දෙවැනි කාරණයේදී ඔවුන් කියන්නේ රාජපක්ෂවරුන් පාලනයෙන් ඉවත්විය යුතුයි කියලා. තෙවැනි කාරණය විදිහට දුෂණය, හොරකම, වංචාව පිටුදැකීමට නීතිය ශක්තිමත් කළ යුතු බවයි. රටේ දේශීය සම්පත් මුදල් හොරකම් කළ අය නීතියේ රැහැනට හසුකර දියයුතු බව පමණක් නෙවෙයි විදේශගතව යම්කිසි ධනයක් තිබෙනවා නම් ඒ ජාතික ධනය ආපහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුයි යන්න සිවුවැනි කරුණයි. පස්වෙනි කරුණ නම් රටේ මහජනතාවගේ සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට මැදිහත් විය යුතුයි කියන කාරණය.මේ කාරණා උදෙසා තමයි ඔවුන් ගාලු මුවදොරට පැමිණ උද්ඝෝෂණය කරන්නේ.

 

 

1 පළමු වැනි කාරණාව ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළේ කවුද කියලා අපි බලන්න අවශ්‍යයි. ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළේ ආරම්භයේ සිටම ආණ්ඩුව මැදිහත් වෙලා කියලා අපි දන්නවා. පළමු වැනි අත්දැකීම තමයි පොලිසිය යොදවලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණවලට පහර දුන්නා; කෑගල්ලේ නිරායුද සිවිල් ජනතාව ඉලක්ක කරලා වෙඩි තිබ්බා‍. ඝාතනය කිරීම් සිදුවුණා. ඒ වගේම ආසන්න සිදුවීම හිටපු ආග්‍රාමාත්‍ය සහ ඇමැතිවරුන් විසින් මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් එකතු කරලා කුපිත කරලා, නියෝග දීලා, පොලු කඩු දීලා මේ අරගල භූමිවලට යවලා ඒ අයට අමානුෂික ලෙස පහර දීලා ගිනි තැබීම් කළා. මේ ජනතා ප්‍රචණ්ඩත්වයක් නිර්මාණයක් නිර්මාණය කළේ ආණ්ඩුවයි. මේ මහජන අරගලයකට එවැනි පහරදීමකදී ජනතා තුළින් යම් ප්‍රතික්‍රියාවක් එනවාමයි. කවුරු කළත් ප්‍රචණ්ඩත්වය අනුමත කරන්න බැහැ. දේශපාලන පක්ෂවල සිදුවී තියෙන දේවල් අපේ අපේක්ෂා බලාපොරොත්තු නොවෙයි. ඒ තත්ත්වය නිර්මාණය කළේ ආණ්ඩුවමයි. මේ දේවල් වලට වගකිවයුත්තන් ඒ අයයි.

 

2අගමැති ඉල්ලා අස්වීම එතරම් අදාළ දෙයක් නොවෙයි. මුල ඉදලාම අරගල ක්‍රියාත්මක වුණේ ජනාධිපතිවරයා ඉවත් කිරීමටයි; මෙහිදී මහින්ද රාජපක්ෂ බිල්ලට දිමක් තමයි සිදුවුණේ. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ව තවමත් අරගලයන් තියෙනවා; වැඩ වර්ජනයන් තවම පවතිනවා. ජනාධිපතිවරයාට බිල්ලට දෙන්න පුළුවන් ලොකුම බිල්ල දුන්නත් මේ සඳහා පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මෙතැන පැහැදිලිව දේශපාලන විසඳුමක් ලැබෙන්න නම් ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි සහ හොරාකාපු මුදල් ලබාදිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. යහපාලනයේ දී කළ තක්කඩිකම් කරලා වැඩක් නැහැ. මේ රටේ ජනතාවගේ දැවෙන සමාජ ආර්ථික දේශපාලනික ගැටලුවලට වහාම විසඳුම් ලබාදීම අවශ්‍යයි. ඒවාට විසඳුම් සෙවීමට නම් බදු ප්‍රතිපත්තිවල පරිපුර්ණ වෙනසක් අවශ්‍යයි. බදු නිදහස අහෝසි කරලා ජනතාවට සහන ලබාදිය යුතුයි.

 

3 රනිල් වික්‍රමසිංහ අගමැති පත්වීමත් දේශපාලන ඩීල් ක්‍රියාත්මක වීමක්. ජනතා අපේක්ෂා නොවෙයි. හමුදා පාලනයක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් තිබුණා. ජනතාව දැනගත්තා ම එය සියුම් ලෙස යටපත් වුණා. පසුගිය කාලය පුරා ඒ සඳහා වටපිටව සැකසුණා. ඒ අනුව මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. මේ ආණ්ඩුව බලයට පත්කළ දවසේ විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ නිලයේ සිටින අය විවිධ ආයතනවල ඉහළ තනතුරුවලට පත්කළා. පරිපාලන සේවයේ විවිධ තනතුරුවලට ගෙන ඒම මඟින් අර්ධ මිලිටරි කරණයකට මාරු වෙන්න සුදානම් වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරමින් පැවැතියා. මෙය පළමුවැනි පියවරයි. දේශපාලනික සවිඥානික මිනිසුන්ට එය පැහැදිලියි. හමුදාවේ අය ඇයි මේ ඉහළ තනතුරුවලට පත් කරන්නෙ. සාමාන්‍යයෙන් යුද්ධයක් අවසන් වුණාට පස්සේ අපි දන්නවා හමුදාවේ ලොකු ප්‍රතිසංස්කරණයක් කරනවා. සෙබළුන් අද ඉන්නේ විශාල අසහනයක. අද ත්‍රිවිධ හමුදාවේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයන් අවශ්‍යයි. යුද්ධයක් නැතුව හමුදාවක් එලෙසින්ම පවත්වාගෙන යමින් තවත් ශක්තිමත් කරන්නට උත්සාහ කරන්නේ ඇයි? මොන යුද්ධයක් වෙනුවෙන් ද මේ මුදල් වෙන් කරන්නේ කියලා බැලිය යුතුයි. අගමැතිවරයා ඉවත් කර ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළා

 

4 දේශපාලනික අර්බුදයක් තුළින් අනිවාර්යෙන් ආර්ථික අර්බුද උත්සන්න කරනවා. ඒක කිසිවකුට වළකාලන්න බැහැ. අනිවාර්යෙන් මේ අර්බුදයන්ගෙන් ගැලවෙන්න නම් මේ සියලු දේවල්වලට පිළිතුරු සෙවිය යුතුයි. දේශපාලන ආර්ථික කඩා වැටීමට වගඋත්තර කරුවන් ඒ අයයි. ඒ නිසා මේ ආණ්ඩුව කරපු දේවල් රටම දන්නවා. මුළු රටේ ම දේශපාලනය ආර්ථික සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි. මේ අරගලයේ ඇති සටන් පාඨයක් තමයි 225ම එපා කීමයි. නමුත් මින් අදහස් වෙන්නේ නැහැ; පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීමක්. සමහරු එවැනි අදහසක් උලුප්පා දක්වන්න හදනවා. මෙතන ඇත්තේ 225 ට පත්වූ අයගේ ප්‍රශ්නයක්. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය හෝ ආර්ථික සමෘද්ධිය ඇති කරන්න කවුරුත් සමත් වෙලා නැහැ. ඒ නිසාම එහිදී අපි යෝජනා කළේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා පාර්ලිමේන්තුවක් ගොඩනඟන්න. මහජනතාව මේ අර්බුදයට සම්බන්ධ කර ගනිමින් දේශපාලන විසඳුමක් සෙවිය යුතුයි. ඒ වගේම තවත් ආකාරයකින් ගත්තොත් මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතා ඉටු නොකර එක පැලැන්තියකගේ අවශ්‍යතා ඉටු කරන ආර්ථික ක්‍රමයක් පැවතීම මේ අර්බුදයේ මූලයයි. මේ සඳහා දේශපාලන භාවිතය ඉතාමත් ඉහළින් සිදුවෙනවා. විශේෂයෙන් ශ්‍රමය සූරාකෑම ප්‍රබල ලෙස දකින්න පුළුවන්.නමුත් මෙතරම් ආර්ථික උද්ධමනයක් තිබෙද්දිත් වතු කම්කරුවට හෝ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රුපියලකින් හෝ වැටුප් වැඩි වීමක් නැහැ. රටේ සියලුම පුරවැසියන්ගේ ආර්ථික තත්වය නංවාලන වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. එසේ නොකරන තාක් මිනිස්සු නැවත නැවත පාරට එනවා. අද මේ රටේ කෘෂි කර්මාන්තය නැතිකරලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. අපි දේශපාලන ව්‍යපාරයක් විදිහට ඒ සඳහා සුදානම්.

 

5 ජාත්‍යන්තර මාධ්‍ය අනිවාර්යෙන්ම අවධානය යොමුකරලා තියෙනවා. දේශපාලන ප්‍රශ්නයක් හා ආර්ථික ප්‍රශ්නය යන දෙකම එකට පැටලිලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්නය පැවතුණත් මිනිස්සුන්ගේ වැඩි අවධානයක්‌ තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයට. දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන පළවෙනි මොහොතේම ආර්ථික ප්‍රශ්නය හිතනවටත් වඩා සියගුණයකින් ඉදිරියට පැමිණෙනවා. සහන හා වැටුප් ඉල්ලමින් මේ විදිහටම මිනිස්සු පාරට ඒම නවත්වන්න බැරිවෙනවා. ජිවත් වීමට නොහැකි ආර්ථික තත්ත්වයක් වර්තමානයේ ඇති නිසා එවන්නක්‌ සිදුවීම අනිවාර්යයි.

 

Comments