විදු­ලියේ අකු­රට වැඩ ‘එළි­යට’ බාධා­වක් නැහැ | Page 3 | සිළුමිණ

විදු­ලියේ අකු­රට වැඩ ‘එළි­යට’ බාධා­වක් නැහැ

යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීම හේතුවෙන් කිසිදු විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ සිළුමිණට ඊයේ අවධාරණය කළේය.

ඉංජිනේරු සංගමයේ ඉල්ලීම් වෘත්තීය මට්ටමින් ඔබ්බට ගිය ඉල්ලීම් බවත් පනත් වෙනස් කිරීමට අකුල් හෙළීම, පරිපාලන ව්‍යුහයට හා කැබිනට් තීරණ වෙනස් කිරීම සම්බන්ධ ඉල්ලීම්ද වන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, ගල්අඟුරු ටෙන්ඩර් වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි ලබා දීම වැනි වෘත්තීමය වශයෙන් ඔබ්බට ගිය ඉල්ලීම් සම්බන්ධව එම සංගමය විසින් සිදු කරනු ලබන බලපෑම් වෙනුවෙන් වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් සහාය නොදෙන බවත් ඔහු පැවසුවේය.

සභාපති පතිරගේ වැඩිදුරටත් පවසන්නේ මේ වෘත්තීය සමිතියේ ඇතැම් ඉල්ලීම් හරහා විදුලි ඒකකයක නිෂ්පාදන මිල රුපියල් 18 සිට රුපියල් 10ක් දක්වා අඩු කිරීමට එරෙහිවීමක්ද වන බව පෙන්වා දුන්නේය.

Comments