ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල පහත වැටීමක් | සිළුමිණ

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල පහත වැටීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි මහ බැංකුව සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.
 
වත්මන් නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Comments